SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අතර

විශේෂ හමුවක් සිදුව ඇතැයි වාර්තා‌ වේ.

 

 ඒ,  ඊයේ (23) පස්වරුවේ දීය. එහිදී  ප්‍රධාන කරුණු 3ක් ගැන අවදානයට ලක්කර ඇති බව පැවසේ.

 

1. එළැඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්ද විමසීමක් කැඳවනතුරු ජනාධිපති ධුර අපේක්ෂකත්වය ගැන විසංවාදයන්ගෙන් තොරව පොදු අභියෝග ජයගැනීමේ අරමුණු ප්‍රමුඛ කරගනිමින් එක්ව ඉදිරියට යායුතු බව,

2. හිටපු පළාත් පාලන නියෝජිතයන්ට ආණ්ඩුවේ පොදු කටයුතු සඳහා නිල වශයෙන් සහභාගී විය හැකි අවස්ථාවන්  නිර්මාණය කරදීම,

3.  අමාත්‍ය විජයදාස රාජපක්ෂ ගෙන ඇති තීරණය.

 

මෙහිදී බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත කියා ඇත්තේ, පක්ෂයක් ලෙස වැරදි පූර්වාදර්ශයන්ට ඉඩදීමට නොහැකි බව පොදුජන පෙරමුණේ පොදු තීරණය වන බැවින් එකී වැරදි පූර්වාදර්ශය සම්බන්ධයෙන් ගතයුතු නිල ක්‍රියාමාර්ගය වෙත පක්ෂය මේ වනවිටත් අවතීර්ණ වී අවසන් බව යි.

නවතම ලිපි