SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපතිවරණයට පෙර සංවර්ධන ව්‍යාපෘති සඳහා එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට

රුපියල් මිලියන 100 බැගින් රජය වෙන් කරන ලද අතර ඒවා ක්‍රියාත්මක කිරීම කඩිනම් කරන ලෙස ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

 

සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ගොළුබෙල්ලෙකු ලෙස උදාසීනව සිදුවන බැවින් ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය බ්‍රහස්පතින්දා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් කැඳවූ බව රැස්වීමට පැමිණි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක් කියා ඇත.

 

ප්‍රවේශ මාර්ග, වාරිමාර්ග, ඉදිකිරීම් වැනි සංවර්ධන ව්‍යාපෘති සඳහා රජය මෙතරම් විශාල ප්‍රතිපාදන ලබාදී ඇත්තේ පැහැදිලිවම ඡන්දය ඉලක්ක කර ගනිමිනි.

 

රට පුරා ඇති ග්‍රාමීය සංවර්ධන කමිටු යෝජනා අනුව ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක් කියා ඇති අතර ඉන්පසුව අනුමත යෝජනා ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කිරීමට  අවසාන අනුමැතිය සඳහා ආණ්ඩු පාර්ශ්වයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු වෙත යොමු කෙරෙන බව දක්වයි.

 

ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක රජයේ අභිලාෂය වී ඇති  දුෂ්කර ගම් සංවර්ධනය වෙනුවෙන් වූ ‘කඳුකර 2024-2033’ ව්‍යාපෘතිය යටතේ මෙම මුදල් වෙන් කර ඇති බව පැවසේ.

 

මූලික අදියර යටතේ රුපියල් බිලියන 10ක් වෙන්කර ඇති අතර මෙය  2024 අයවැයෙන් ප්‍රකාශයට පත් කරන ලද ව්‍යාපෘතියකි.

නවතම ලිපි