SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දෙමළ බෙදුම්වාදයටත් සිංහල ජාතිවාදයටත් විරුද්ධ පුද්ගලයෙක් හැටියට තමා අදහස් දක්වන බව කියූ

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පාස්කු ප්‍රහාරයට කලින් මුස්ලිම් විරෝධයකට සමාජය පෙළගැස්වූ හැටි ඊයේ (26) පාර්ලිමේන්තුවේ දී  අදහස් දක්වමින් කියා සිටියේය.

 

“ විශේෂයෙන්ම මම දැක්ක මේ විවාදයේදී ආණ්ඩු පක්ෂයේ කට්ටිය කතාකලා ගෝඨාභය රාජපක්ෂට මේකට ඇගිල්ල දික්කරන්න එපා, එයාව ඉලක්ක කරල කතා කරන්න එපා කියල.

මර කතාවක්නේ ඒගොල්ලො කොහොමද එහෙම කියන්නෙ. මෙයාල විමර්ශකයොද? මහමොලකාරයව හොයාගෙනද මේ ගොල්ලො?

අවුරුදු පහක් ගිහිල්ලත් මේ බෝම්බයෙන් මියගිය අයටත්, ඒ අයගෙ පවුල්වල අයටත්, ආබාධයන්ට ලක්වුනු අයටත් කිසිදු සාධාරණයක් ඉෂ්ට නොකර මේ ඇඟ බේරගන්න හදන න්‍යාය.

මේකට ඉතිහාසයක් තියෙනවා. 2009 යුද්ධය ඉවරවෙද්දි - මම එතකොට දේශපාලනයෙ නැහැ - මම හිතුව අනිවාර්යයෙන්ම ඊලගට සිංහල ජනතාවයි මුස්ලිම් ජනතාවයි පටලවන එක පටලනවාමයි කියල.

 

අන්න ඒ අනුව තමයි නාමල් කුමාරල පෝෂනය කරල එක එක කපුවො පෝෂනය කරල, අලුත්ගම ජාතිවාදී ප්‍රශ්න හදල, ජාතිවාදී උද්ගෝෂන හදල, අරගල කරල, ඊලඟට වඳ කොත්තු ගෙනැල්ල, වඳ බෙහෙත් ගෙනැල්ල, වඳ සාෆි වගේ කතා ගෙනල්ල මේ රටේ සිංහල ජනතාවයි මුස්ලිම් ජනතාවයි අතර ප්‍රශ්න ඇතිකරල කෝලාහල ඇතිකරල ඝාතන තත්වයට පත්කරල ඒ නිර්මාණය වෙච්ච වටාපිටාව ඇතුලෙ තමයි 2019දි මේ පාස්කු ප්‍රහාරය සිද්ද වෙන්නෙ.

 

විශේෂයෙන්ම මම කණගාටු වෙනව 2015 බලයට පත්වෙච්ච එක්සත් ජාතික පක්ෂ රජය මහබැංකු මංකොල්ලය සිද්ධ වෙලා ජනතාව අතර පිරිහීමට ලක්වෙලා තියෙද්දි දින 52 කුමන්ත්‍රණයෙන් පස්සෙ එක්සත් ජාතික පක්ෂය ඉහලටම ආව. ඒ වෙලාවෙදි මේ පාස්කු බෝම්බ ප්‍රහාරය සිද්ද උනේ නැත්නම් එක්සත් ජාතික පක්ෂය ඡන්දෙන් පරදින්නෙත් නෑ,ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකත්වයට එන්නෙත් නැහැ.

 

සම්පූර්ණ අදහස් දැක්වීම පහත වීඩියෝවෙන් නරඹන්න

 

 

නවතම ලිපි