SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

යම් හෙයකින් එළඹෙන මැයි මාසය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත්

දින 60ක (මාස දෙකක) කාලයක් තුළ මහ මැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක පවසා ඇත.

 

ඉදිරියේ ජනාධිපතිවරණයක් නියමිතව තිබියදී මහ මැතිවරණයක් පැවැත්වීමට සිදුවුවහොත් නියමිත කාල වකවානු අනුව එම මැතිවරණ දෙකම පැවැත්වීමට සිදුවන බවද ඔහු වැඩිදුරටත් කියා ඇත.

 

ඔහු මේ බව කියා ඇත්තේ හදිසි පාර්ලිමේන්තුව විසිරවීමක් පිළිබඳ සැක සාංකා පහළ වෙමින් ඇති තත්වයක් තුළය. පසුගියදා බැසිල්-රනිල් සාකච්ඡාවේදී එවැනි එකඟතාවකට පත්වූ බවටද දේශපාලන ආරංචිමාර්ග හෙළිකර තිබුණි.

 

කෙසේ වුවද ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දින සිට දින 50ක් පමණ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය බවද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

නවතම ලිපි