SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඇල්ල කරඳගොල්ල 10 කනුව මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම වඩ වඩාත් සක්‍රීය වෙමින්

විශාල බොරදිය ජලපහරක් ගලායමින් පවතින බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන අද (28)පැවසීය.

 

මේ නිසාවෙන් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය ට දැඩි අවධානමක් දිනෙන් දිනම මතු වෙමින් පවතින බවද ඔහු කියයි.

 

කරදගොල්ල 10 කනුව මලිත්තගොල්ල ප්‍රදේශයේ මෙම නාය යාම 2019 වසරේ ආරම්භ වූ බවත්, මේ වනවිටත් එහි පදිංචිව සිටි පවුල් 13ක් ඉවත් කර ඉන් පවුල් 5ක් වෙනත් තැනක පදිංචි කර සෙසු පවුල් 8 නැවත පදිංචි කිරීමට සුදුසු ඉඩමක් සොයා ගෙන නිවාස තනා ගැනිමට අවශ්‍ය මූලික කටයුතු කර ඉදිරි මාස කීපය තුල ඔවුන් නැවත පදිංචි කිරිමේ කටයුතු ඇල්ල ප්‍රාදේශීය ලේකම් ඉංදික ගයාන් පතිරණ ගේ මැදිහත් වීම මත සිදු කරන බවත් බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන පවසයි.

 

උමාඔය උමං මාර්ගයට ජලය පිරවීම නිසා මේ කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම සිදුවෙනවා කියලා ජනතාවගේ මතයක් තිබෙන බවත්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් ජලවිද්‍යාත්මක හෝ භූ විද්‍යාත්මක පර්යේෂනයක් සිදු කර නොමැති නිසාවෙන් ඒ පිළිබඳව මතයක් ප්‍රකාශ කිරිම ට නොහැකි යැයි දිස්ත්‍රික් ලේකම්වරයා කියා ඇත.

 

@ලංකාදීප

නවතම ලිපි