SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

උමා ඔය ව්‍යාපෘතියට කිලෝමීටර් දෙකහමාරක් පමණ දුරින් පිහිටි කරඳගොල්ල ප්‍රදේශයේ

සක්‍රීය වූ නායයාමේ අවදානම සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥයින් පිරිසක් අද දිනයේ විශේෂ නිරීක්ෂණයකට එක්වීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

 

නාය යෑමේ අවදානම අවම කිරීම සඳහා මේ වනවිට කටයුතු කරමින් ඇත. ඒ, කඳුකර භූමියේ ඉහළ රැඳී ඇති ජලය කෙටි කාලීන ක්‍රම ඔස්සේ පහළට ගෙන ඒමට අවශ්‍ය කටයුතු සැලසීමෙනි.

 

බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා පවසන්නේ එකී කටයුතු සිදුකෙරෙන බවය.

 

ඒ අතර ඇල්ල – කරඳගොල්ල ප්‍රදේශයේ අක්කර දෙකක පමණ භූමි ප්‍රමාණයක මලිත්තගොල්ල නම් වූ බෑවුම් සහිත කොටසෙහි දින කිහිපයකට පෙර සක්‍රීය වූ නාය අවදානම පිළිබඳව බලධාරීන් දැඩි නිරීක්ෂණයට හසුව ඇත.

 

ප්‍රදේශවාසීන් සැක පළ කරන්නේ නායයාමක ලක්ෂණ පෙන්නුම් කරමින් ජලය ගලායන ආකාරය සහ රොන්මඩ පවතින ආකාරය උමා ඔය ව්‍යාපෘතියේ උමං මාර්ගයට ජලය පිරවීමත් සමඟ ඇතිවූ තත්ත්වයක් බවය.

 

කෙසේ වෙතත්, එය ජල විද්‍යාත්මක හෝ භූ විද්‍යාත්මක පර්යේෂණයකින් තවමත් තහවුරු වී නැති බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන පවසයි.

නවතම ලිපි