SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද (30) පෙරවරුවේ දී පසුගියදා අභිරහස් ලෙස ඝාතනය කර තිබූ මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාරගේ

ඝාතකයන් සොයා දෙන්නැයි බල කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී  අතුරලියේ රතන හිමි සී.අයි.ඩී යට ගොස් ඇතැයි වාර්තා වේ.

 

බහුජාතික සමාගම් විසින් ශරීරයට අහිතකර ආහාර ද්‍රව්‍ය මෙරට ජනතාවගේ පරිභෝජනයට ලබාදීමට එරෙහිව  තම රාජකාරිය අකුරටම ඉටුකළ  මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර ගේ ඝාතනයට තවම සාදාරණය ඉටුනොවීමත්,

එසේම ඔහු හා එක්ව සටන් කළ ආයුර්වේද  ප්‍රජා සෞඛ්‍ය නිළදාරී වෛද්‍ය සේනක සිසිත ගමගේ යන අය අභිරහස් මියයාම සම්බන්ධයෙන් ඒ පිළිබඳ සෙයාබැලීම වෙනුවෙනුත් ය.

 

රතන

 

මේ පිළිබඳව සමාජය තුළ ඇතිව තිබෙන සැකය පිළිබඳව සොයා බලා කඩිනමින් මෙහි ඇත්ත අනාවරණය කරන ලෙස බලකිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි අද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ගොස් සිදුකර ඇති බව සඳහන් වේ.

 

WhatsApp Image 2024 04 30 at 17.43.14

 

මේ සම්බන්ධයෙන් විධිමත් අනාවරණයක් සිදුකරන ලෙසට රතන හිමියන් විසින් රහස් පොලිස් අධ්‍යක්ෂවරයාට ලිපියක් බාරදෙනු ලැබූ අතර එම ලිපිය ලබාදීමෙන් පසුව රතන හිමියන් මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කර සිටියේ  "මෙම මරණ සම්බන්ධයෙන් යුක්තිය ඉෂ්ට වනතෙක් සටන් කරන බවත් විශේෂයෙන් වස විස ජනතාවට කවන බහුජාතික සමාගම් වලට එරෙහිව කටයුතු කරන බවත්” ය.

  

 

@මාධ්‍ය ඒකකය - සදහම් සෙවන

නවතම ලිපි