SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මාර්තු මාසයෙහි කරන ලද සමීක්ෂනයට අනුව සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර අතර ජනාධිපතිවරණ ඡන්ද ප්‍රකාශ කිරීමේ අභිප්‍රායෙහි පරතරය සෑහෙන දුරට අඩු වී ඇති බව

IHP ශ්‍රී ලංකා මත විමසුම්  සමීක්ෂණය පෙන්වයි. අනුර කුමාර 44 දක්වා අඩු වී ඇති අතර සජිත් ප්‍රේමදාස 41 දක්වා ඉහළ නැගී තිබේ.

 

තවද රනිල් සහ එජාපය පහළට යන අතර පොහොට්ටුව සුලු වශයෙන් වර්ධනයක් දක්වා ඇත.

 election new research

ජනාධිපතිවරණය සඳහා තවත් මාස පහක් පවතින බැවින් මෙම තත්වය වෙනස් වීමට ඉඩ ඇති බවත්, සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර අතර පැවැත්වීමට නියමිත රූපවාහිනී විවාදය ද මෙම තත්වය වෙනස් කිරීමට බලපෑමට ඉඩ ඇතැයි විචාරක අදහස වී ඇත.

තවද මෙම සමීක්ෂණය පිළිබඳ සැක මතුව ඇති බව තවත් පාර්ශ්වයකගේ අදහස වී ඇත.

 

IHP 0

 

රනිල් පාර්ශ්වයේ අයෙකු කියා තිබුණේ,

“මේක දෝෂ සහගතයි ද්වේෂ සහගතයි.

මේ වගේ එකක් දානකොට

රනිල් සම්බන්ධයෙන් ද්වේෂ සහගතව දාන එක

මුළු සර්ව ඒකේම විශ්වාසය නැති කරනවා” කියා ය.

 

තවත් කොටසකගේ අදහස වී ඇත්තේ මෙය සජබ මැදිහත්ව කරන වැඩක් බවය. ඉදිරියේදී සතියකට දෙකකට වරක් මෙවැනි සමීක්ෂන ඉදිරිපත් කරනු ඇති බවත් ඒවා ප්‍රචාරක ව්‍යාපෘතීන් විය හැකි බවත් ඔවුනගේ අදහස ය.

elec new 3

 

මේ වනවිට මාලිමාව වටා ඇති ජන රැල්ල මෙවර මැයි පළමුවෙනිදා මැයි රැළි තුළින් මනාව පිළිබිඹු වූ බවත් තම උපරිම උත්සාහය දරා විවිධ සහන මලු ලබාදීත් ඉඩම් අයිතිය මෙන්ම වැටුප් ඉහළ නැංවීම් සිදුකරමින් වුවද රජය ජනතාව පැත්තෙන්  බලාපොරොත්තු වූ ප්‍රතිලාභය නොලැබීමත් කණස්සල්ලට හේතුවී ඇති බව රජයට සම්බන්ධ ආරංචිමාර්ග පවසයි.

 

වික්‍රමසිංහ ජනාධිපතිවරයා මැයි රැළිය ඇමතූ ආකාරය මෙන්ම අවසන් කර ගිය ආකාරයත් ඔහුගේ සුපුරුදු කිසිවක් ගණන් නොගන්නා සැහැල්ලු ආකාරය නොතිබුනු බවත් බොහෝ දෙනා නිරීක්ෂනය කර තිබුණී. ඒ වනවිට ජාජබ ජන රැළි පිළිබඳව වාර්තා ලැබෙමින් තිබුණු අතර ඒ අතර පොහොට්ටුවේ ජන රැළිය යනු වඳවී ගිය දේශපාලන පක්ෂයක සමුලුවක් ගානට වැටී ඇති බවත් දැකගන්නට හැකිවිය.

 

මෙවර සමගි බලවේගයේ මැයි රැළිය ඉතා අසාර්ථක එකක් වූ බවත් ඊට වඩා එක්සත් ජාතික පක්ෂයේ රැළිය ඉදිරියෙන් සිටි බවත් විචාරක මතය වී ඇත.

 

කෙසේ වුවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැයි පළමුවෙනිදා ජන රැළි තුළින් ඔහුගේ ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රකාශ කිරීම තවදුරටත් කල් දමනු ඇති බවත් මෙවන් තත්වයක් යටතේ රටවැසියාගේ දෛනික පරිභෝජනය වෙනුවෙන් විවිධ මිළ අඩුකිරීම්, ඉඩම් සින්නක්කර ඔප්පු ලබාදීම්, තෙල් මිළ පහත දැමීම, වැටුප් වැඩි කිරීම වැනි දෑ සිදුකළද ඒවායින් සැලකිය යුතු වෙනසක් ඡන්දය සම්බන්ධයෙන් සිදු නොවනු ඇති බවත් විශ්ලේෂක මතය වී ඇත.

 

මේ නිසා ප්‍රභූ දේශපාලනය රැකගැනීම වෙනුවෙන් ඉදිරියේදී විවිධ උපක්‍රම භාවිතා කරනු ඇතැයි අනුමාන කළ හැක.

 

@සමාරා පරණවිතාන

2024 මැයි දින සැමරුම්

නවතම ලිපි