SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නායයාමේ තත්වයක් සක්‍රීය වීම හේතුවෙන් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ-බෙරගල අතර කොටසේ වාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කර තිබේ.

එම ප්‍රදේශයට ඊයේ (01) දිනයේද ගල් පෙරළීම් වාර්තා වී තිබූ අතර අද (02) දින දෙවන වරටත් ගල් පර්වත කිහිපයක් පෙරළී මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ඊ.එම්.එල් උදය කුමාර පවසයි.

 

අද පෙරවරුවේද මෙම මාර්ග කොටසට පැවැති වර්ෂාව සමඟ ගල් පර්වත පෙරළී එක් මන්තීරුවක් අවහිර වී තිබූ අතර ඊට මීටර් කිහිපයක් නුදුරින් ඊයේ රාත්‍රී ගල් පර්වත කීපයක් පස් සමග පෙරළී එක් මං තීරුවකට වැඩි කොටසක් අවහිර වී ඇති බවත් ඔහු පවසයි.

 

මේ වනවිට ගල් පෙරළීමේ අවදානම ඝන මිහිදුමක්ද සහිතව පවතින බැවින් මාර්ගය භාවිතා කිරීමේදී විමසිල්ලෙන් සහ සුපරීක්ෂාකාරීව රිය පැදවිය යුතු බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ඊ.එම්.එල්. උදය කුමාර වැඩිදුරටත් පවසයි.

 

Lankatruth news