SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉදිරි මැතිවරණය වෙනුවෙන් මැයි පළමුවෙනිදා කම්කරු දිනයේදී ජනාධිපතිවරයා

විසින් පොරොන්දුවට අනුව මේ වනවිට ගැසට් නිවේදනයක්ද නිකුත් කර ඇති නමුත්  වතු කම්කරු වැටුප ඉහළ නැංවිය නොහැකි බව වතු හිමියන් පවසා ඇත.

 

තේ කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා වැය වන ඉහළ පිරිවැය හමුවේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු. 1700 දක්වා වැඩි කිරීමට නොහැකි බව වතු හාම්පුතුන්ගේ සංගමය පවසයි.

 

එම සංගමයේ උසස් නිලධාරියකු කියා සිටියේ වතු කම්කරුවන්ගේ වැටුප 30 වැනිදා රාත්‍රියේ සිට රු. 1700 දක්වා ඉහළ දැමූ බවට ගැසට් නිවේදනයක්ද නිකුත් කර ඇති බවයි.

 

තේ වතු සමාගම් සමග කිසිදු සාකච්ඡාවක් නොකර එම ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවත්, එම ගැසට් පත්‍රය අවලංගු කිරීමට වතු සමාගම් අධිකරණය හමුවට යෑමට පියවර ගෙන ඇති බවත් එම නිලධාරියා පැවසීය.

 

මේ පිළිබඳව තේ වතු සමාගම්වල උසස් නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් අද (02දා) කොළඹ දී පවත්වන බවත්, එම සාකච්ඡාවෙන් අනතුරුව අධිකරණ හමුවට යෑමට කටයුතු කරන බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

 

 

නුවරඑළිය – නාලක රත්නායක

divaina

නවතම ලිපි