SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පරාටේ නීතිය දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇතැයි වාර්තා වේ.

මුදල් කාරක සභාව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ පරාටේ නීතියට යටත්ව බැංකු සමග ගනුදෙනු කළ සියලු පාර්ශ්වයන්ට බැංකු සමග සාකච්ඡා කිරීමට සාධාරණ අවස්ථාවක් ලබාදෙන ලෙසටද නිර්දේශ කර තිබෙන බවය.

 

ඒ අනුව ණය ගැනුම්කරුවන් විසින් නොගෙවා පැහැර හරින ලද ණය අය කරගැනීම සඳහා එම ණය වෙනුවෙන් බැංකු වෙත උකස් කරනු ලැබ ඇති යම් දේපළක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට බැංකු විසින් ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා විධිවිධාන සැලසීම පිණිස 1990 අංක 4 දරන බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අය කරගැනීමේ (විශේෂ විධිවිධාන) පනත (පරාටේ නීතිය) දෙසැම්බර් 15 දින දක්වා තාවකාලිකව අත්හිටුවීම සඳහා වන බැංකු මගින් ප්‍රධානය කරන ලද ණය අය කරගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමතිය හිමිවූ බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

 

Public Finance 01Public Finance 02