SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විදෙස්ගත ශ්‍රමිකයන්ට විද්‍යුත් වාහන ආනයන පහසුකම් ලබාදීමේ වැඩපිළිවෙළේ කිසිදු විනිවිදබවක් නොමැති හෙයින්

ඊට අදාළව මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කළ ගැසට් නිවේදනයක් අනුමත කිරීම පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව ප්‍රතික්ෂේප කර ඇත.

 

මෙලෙස ප්‍රතික්ෂේප කර ඇත්තේ විද්‍යුත් වාහනයක් සඳහා බදු සහන ලබාදීමේ රුපියල් ලක්ෂ හැටක සීමාව රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් දක්වා වැඩි කිරීමේ කාලසීමාව දීර්ඝ කිරීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනයකි.

 

කාර් පර්මිට් 1018ක් දීලා – තාම ගෙනල්ල තියෙන්නේ 332යි

 

මෙම වැඩටහන යටතේ මේ වන විට වාහන එක්දහස් දහනවයක් සඳහා බලපත්‍ර ලබා දී තිබෙන අතර එලෙස බලපත්‍ර නිකුත් කළ වාහන 332ක් පසුගිය වසරේ දී ආනයනය කර තිබේ. 

 

පර්මිට්වලින් ගේන්න හදන වාහනයක් ඇමරිකානු ඩොලර් ලක්ෂය පැනලා

 

ඇතැම් බලපත්‍රලාභීන් ආනයනය කිරීමට අයදුම් කර තිබෙන වාහනයේ බදු රහිත වටිනාකම පමණක් ඇමරිකානු ඩොලර් එක් ලක්ෂ විසි දහසක් බව ද මෙම කාරක සභාවේ දී අනාවරණය වී තිබේ.

එවැනි විශාල වටිනාකමක් සහිත වාහන සාමාන්‍ය රැකියා කරන පුද්ගලයන් ගෙන්වන්නේ කෙසේදැයි කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රශ්න කර ඇත. 

දැනට බලපත්‍ර ලබාගෙන ඇති වැඩි පිරිසක් සාමාන්‍ය රැකියාවල නිරත වූවන් නොව වෛද්‍යවරුන්, කළමනාකරුවන් උපදේශකවරුන් වැනි ඉහළ වෘත්තීන්හි නියැළෙන්නන් බව ඊට පිළිතුරු දෙමින් කම්කරු හා විදේශ රැකියා සුබසාධන අමාත්‍යාංශ නිලධාරීන් පවසා ඇත.

මෙම බලපත්‍ර ලබා දී ඇත්තේ ඩොලර් කෝටි දහයක විදේශ ප්‍රේෂණ වෙනුවෙන් යැයි ද කම්කරු අමාත්‍යාංශ නිලධාරීන් සඳහන් කර ඇත. 

එම ප්‍රේෂණ කොපමණ කාලයක් තැන්පතු ලෙස පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් සභාපතිවරයා ප්‍රශ්න කළ නමුත් ඊට පිළිතුරු ලැබී නැත.

මෙම වැඩසටහන සඳහා විනිවිදභාවයෙන් යුත් මාර්ගගත ක්‍රමයක් සකස් කරන ලෙසට මුදල් කාරක සභාව කර තිබෙන නිර්දේශය මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බව ද එහිදී හෙළි වී තිබේ.

 

රේගුවට කට උත්තර නැතිවෙලා

 

ආනයනය කෙරෙන වාහනය ධාවනය කර ඇති කිලෝ මීටර් ගණනට අදාළ චක්‍රලේඛය ද වරින් වර සංශෝධනය කර තිබෙන බවත් මුලින් කිලෝ මීටර් 250ක් වූ එම දුර පසුව කිලෝ මීටර් 400 දක්වා දීර්ඝ කර තිබෙන බවත් එහිදී හෙළි වී ඇත. 

 

කිලෝ මීටර් 250 නියමය උල්ලංඝනය කරමින් වාහන දෙකක් ආනයනය කර තිබී ඇති අතර ඒ සඳහා අය කළ දඩය කොපමණ ද යන්න සම්බන්ධයෙන් පිළිතුරු දීමට රේගු නිලධාරීන්ට නොහැකි වී තිබේ. 

 

සභාපතිවරයා රේගු නිලධාරීන්ට දන්වා ඇත්තේ එම දඩ මුදල කොපමණ ද යන්න දැනුම් දෙන ලෙස ය.

 

චක්‍රලේඛ කොන්දේසි උල්ලංඝනය කරමින් ආනයනය කර තිබූ වාහන 159ක් සඳහා රුපියල් තිස් නව කෝටි හැත්තෑ ලක්ෂයක දඩ අය කර ගෙන තිබෙන බව එහිදී රේගු නිලධාරීන් පවසා තිබේ.

 

‘‘මේක නම් අවුල් ජාලයක්. ගැටලු ගොඩක් මගේ ඉදිරිපිට තියාගෙන ගැසට් නිවේදනය අනුමත කරන්න බැහැ. ගැටලුවක් නැහැ කියලා කම්කරු අමාත්‍යාංශයත් මුදල් අමාත්‍යාංශයත් ඒකාබද්ධව අධ්‍යයනය කරලා සති දෙකකින් කියන්න’’ යැයි ද සභාපතිවරයා සඳහන් කර ඇත.

 

විදෙස්ගත ශ්‍රමිකයන්ට වාහන බලපත්‍ර ලබාදීමේ යෝජනාව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානයක්කාර ‍ගේ යෝජනාවකට අනුව සිදුවන්නකි.

 

ලංකාව ආර්ථික අර්බුදයේ වෙලී සිටියදී ලංකාවට විදෙස් ගත ශ්‍රමිකයන්ට ඩොලර් එවන්නැයි ඉල්ලමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානයක්කාර ‍විදෙස්ගත ශ්‍රමිකයන්ට වසරක් තුළ ඩොලර් ලක්ෂයක් එව්වොත් වාහන බලපත්‍රයක් ලබාදෙන ලෙස කැබිනට් මණ්ඩලයට යෝජනාකරන බව කියා සිටියේ මෙලෙ‍සිනි.

 

 

උපුටාගැනීම - srilankamirror

නවතම ලිපි