SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ආණ්ඩුවේ බදු ආදායම වර්ධනය කොට ආර්ථිකය ශක්තිමත් කිරීමේ උත්සාහයක් දියත් කර ඇතත්

ආණ්ඩුවේ පැරණි ණය හා පොලී ගෙවීම සඳහා අලුතින් ණය ගැනීමට සිදුව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්ෂික වාර්තාව සඳහන් කර ඇත.

 

මහ බැංකුව කියන්නේ, රජයේ පැරණි ණය පොලී ගෙවීම සඳහා පසුගිය මුදල් වර්ෂය තුළ රුපියල් බිලියන 2455ක් අවශ්‍ය වූ බව ය. එම ණය පියවීම සඳහා මුදල් නොමැති වූයෙන් අලුත් ණය ලෙස රුපියල් බිලියන 2282.3ක් දේශීය හා විදේශීය මූලාශ්‍රවලින් ලබාගෙන ඇත.

 

මේ සඳහා දේශීය ණය වශයෙන් රුපියල් බිලියන 1787ක්ද විදේශීය ණය වශයෙන් රුපියල් බිලියන 494ක්ද ලබාගත් බව මහ බැංකුව පවසයි.

 

රජයේ නව බදු ප්‍රතිපත්තිය යටතේ රාජ්‍ය බදු ආදායම රුපියල් බිලියන 2720ක් දක්වා 55.4% කින් ඉහළ ගොස් ඇති අතර  රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 114% සිට 103% ක් දක්වා පහත වැටී ඇති බවත් මහ බැංකුව සඳහන් කර ඇත.

නවතම ලිපි