SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා  සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අතර

ඊයේ (04) පැවති සාකච්ඡාව පිළිබඳව සියලු දෙනාගේ අවදානය යොමු ව ඇත.


ජනාධිපතිවරයාගේ පැජට් පාර  නිල නිවසේ දී  ඊයේ පස්වරු 4.30ට  එම සාකච්ජාව ආරම්භ වී ඇති අතර හිටපු අමාත්‍යවරයකු වූ මිලින්ද මොරගොඩ සහභාගී වීම විශේෂත්වයකි. 

 

පසුගිය දිනවල මිලින්ද මොරගොඩ මැද සන්දානයක් බිහිකිරීම පිළිබඳව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සමග සාකච්ඡාවන්හි නියැලී සිටි බවට මාධ්‍ය වාර්තා පළවී තිබූ අතර දේශපාලන ආරංචිමාර්ග  හරහා ඒ බව තහවුරු විය.

 

එහිදී ගොඩනැගෙන සන්දානයක අපේක්ෂකත්වය හෝ ඊට ආසන්න තනතුරක් ඔහුගේ අපේක්ෂාව වූ බවටද මාධ්‍ය වාර්තාවන්හි සඳහන් වී තිබුණි.

එහෙත් ශ්‍රිලනිප හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන ගේ වෙනස්වන සුළු තීන්දු තීරණ නිසා එම සන්දානයේ කටයුතු ඇණ හිටින.


කෙසේ වුවද ඊයේ පැවති හමුවේදී පසුගිය මැයි දිනය පිළිබඳව මෙන්ම වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ද දීර්ඝ සාකච්ඡා කර ඇතිබව ද  වාර්තාවේ.

 

මැයි දිනය වෙනුවෙන් ජනතාවගේ සහභාගීත්වය අනුව ඉදිරියට විය හැකි අවදානම පිළිබඳව පක්ෂ නායකයින් මෙන්ම ජ්‍යෙෂ්ට දේශපාලනඥයින්ද තැතිගැන්මකට ලක්ව ඇති බවත් මෙකී සාකච්ඡාවන් ඊට මුහුණ දිය හැකි වඩාත් ම ගුණදායක වන්නේ කුමක්ද යන්න පිළිබඳව බවත් විචාරකයින්ගේ මතය වී ඇත.

 

ප්‍රථමයෙන් මහ මැතිවරණය පැවැත්වීමට බැසිල් රාජපක්ෂ විසින් මෙම සාකච්ඡාවේ දී යලිත් වරක් කරනු ලැබූ යෝජනාව ජනාධිපතිවරයා විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇතැයි රජයට පක්ෂ මාධ්‍ය වාර්තාවන්හි පළ කෙරී තිබුනි.

 

එහෙත් සමගි ජන බලවේගය සමග මැතිවරණය සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණෙන්නට අවසාන මොහොත දක්වාම ජනාධිපති රනිල්ගේ බලාපොරොත්තුව බව පැවසෙන අතර එසේ නොහැකිවුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා මහා මැතිවරණයකට යෑම ඔවුන්ගේ එකම විකල්පය බවට තීරණය වී ඇති බවත් ආණ්ඩුවට සම්බන්ධ හිතවතුන්ගේ මතය වී ඇත. 


කෙසේ වුවද බැසිල් රාජපක්ෂ සමග ඊයේ පැවති සාකච්ජාව ඉතා සුහදශීලි වූ බවත්, ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර මනා අවබෝධයක් ලබාගැනීමට එම සාකච්ජා විශාල පිටුවහලක් වී ඇති බවත් ජනාධිපති කාර්යාලයේ ආරංචිමාර්ග සඳහන් කර ඇත.

 

ජනාධිපති ලේකම් කාර්යාලය යනු දේශපාලන පක්ෂයක රාජකාරී හෝ එකී මතයන් ප්‍රකාශ කළයුතු ස්ථානයක් නොවන බවත් එය පාරිපාලන කටයුතු සඳහා ක්‍රියාත්මක ස්ථානයක් බවත්  එදා මෙදා තුර කිසිදු ජනාධිපතිවරයෙකු නොදැන හෝ නොතකා සිටීම පිළිබඳවත් මේ වනවිට සමාජ මාධ්‍යයේ කතාබහකට ලක්ව ඇත.

 

නවතම ලිපි