SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අභාවප්‍රාප්ත මහාචාර්ය නලීන් ද සිල්වා වෙනුවෙන් පැන් වඩා පිං පැමිණවීමේ පිංකමක්

බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී අද (5) පස්වරුවේ පැවැත්විණි.

n7

 

මේ අවස්ථාවට ත්‍රෙනිකායික මහ නා හිමිවරුන් ප්‍රධාන සංඝයා වහන්සේලා ප්‍රමුඛව හිටපු ජනාධිපතිවරුන් වූ මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, මැති ඇමතිවරුන්, ව්‍යවසායක දිලිත් ජයවීර ඇතුලු  ශිෂ්‍ය පරම්පරාවන්, මහාචාර්ය නලින් ද සිල්වා ගොජනැංවූ චින්තන පර්ෂදය ඇතුලු පවුලේ ඥාතීන් පිරිසක් සහභාගී වූහ.

 

n4

 

පැවිදි අනුශාසනාවන්ගෙන් පසු ගිහි කතා පැවැත්වීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ  දිවංගත නලින් ද සිල්වා ඇදුරුතුමාගේ ශිෂ්‍ය ගෙවිදු කුමාරණතුංග විසින් පවත්වන ලදී.

 

 n9

 

මෙම වැඩසටහන දෙරණ 24 නාලිකාව මගින් සජීවීව විකාශය කරන ලද අතර ව්‍යවසායක දිලිත් ජයවීර අද  පවත්වන ලද මව්බිම ජනතා පක්ෂයේ මතුගම සමුළුවේදී දිවංගත මහාචාර්ය නලින් ද සිල්වා තම ගුරුතුමා සිහිකර විනාඩියක නිශ්ෂබ්දතාවක් පවත්වා ගෞරවය පුදකළ බවද වාර්තා වේ.

 

 

 

 n pin 2n pin 3n pin 4

n10n11n12n13

n pin 4

n1n2n3n5n6n8

නවතම ලිපි