SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉදි වෙමින් පවතින කොළඹ මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ මගලෙගොඩ හා බෙම්මුල්ල අතර කොටසේ

කණු මතින් ඉදි වෙන මාර්ගයේ දෑවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් පසුගිය 4 වැනිදා පස්වරුවේ කඩා වැටී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

 

වෙල්යාය මැද මෙම ප්‍රදේශයේ මාර්ගය ඉදි කිරීමෙන් පවතින්නේ කොන්ක්‍රීට් කණු මතය. එහි ඉදිකිරීම් කටයුතු සිදු කරන අවධියේ දමන ලද හරස් කොන්ක්‍රීට් බාල්කයක් මෙසේ මැදින්කඩා වැටී ඇත.

 

මාර්ගය ඉදිකිරීම් සිදු වෙන අතර මෙසේ කොන්ක්‍රීට් බාල්ක කඩා වැටෙන්නේ නම් මාර්ගය ඉදිකර අවසන් වීමෙන් පසු අධිවේගී මාර්ගයේ ගමන් කිරීම මහත් අනතුරකට හේතුවක් වනු ඇතැයි ප්‍රදේශවාසී වූ සඳහන් කරති.

 

මේ සම්බන්ධයෙන් ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු නලින්ද රත්නායක මෙසේ පැවසීය. 

“මෙම කොන්ක්‍රීට් කොටස් තැබීම සිදු කිරීම 2021 වර්ෂයේදී සිදු කළේ. දැනට කඩා වැටීම සිදුව ඇති කොටස පසෙකට පෙරලීමක් වැනි දෙයක් සිදුවීම හේතුවෙන් මෙලෙස කඩාවැටීම සිදුව ඇති බවටයි  පෙනෙන්නට තිබෙන්නේ  යම් ව්‍යාපෘතියක් දිගු කලක් ඉදිකිරීම් නවතා තැබීම සුදුසු නැහැ. අතරමග නවතා දමා ඇති ව්‍යාප්ති කඩිනමින් අවසන් විය යුතුයි”.

 

lankadeepa news

නවතම ලිපි