SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ආන්දෝලනාත්මක VFS සමාගම තමන් ගෙනා එකක් නොවන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියා ඇත.

මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු  කියා ඇත්තේ මේ සම්බන්ධයෙන් ටිරාන් අලස් අමාත්‍යවරයා පැහැදිලි කිරීමක් කරනු ඇති බවයි.

“VFS ‌සමාගම අපි ගෙනාපු එකක් නෙමෙයි! ඒක මගේ යටතේ

තියන එකක් නෙමෙයි! 

අපි දන්නෙත් නෑ මේක ගැන! ඒක ටිරාන් අලස් මහත්තයාගෙන් අහන්න! 

මම ඉල්ලුවේ රටවල් 67කට වීසා ෆ්‍රී කරලා දෙන්න කියලයි! අපි කැමැති නෑ වීසාවලට ගෙවීමක් කරනවට! ”

 

 

මේ අතර මහජන ආරක්ෂක අමාත්‍ය  ටිරාන් අලස්  මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ VFS සමාගම සම්බන්ධයෙන් දෙවරක් කැබිනට් පත්‍රිකා යොමු කොට ඇති බවත්, කිසිදු ඇමැතිවරයෙකුට ඒ බව නොදන්නා බව කිව නොහැකි බවත් ය.

ඔහු කියා සිටියේ තමන් කරන කටයුත්ත නිවැරදිව කරන්නේ නම් කිසිදු ගැටලුවක් පැන නොනගින බවකි.

 

“කැබිනට් පත්‍රිකා සියලුම ඇමැතිවරුන්ට දෙනවා! කාටවත් දන්නෙ නෑ කියලා කියන්න බෑ! 

VFS එක ගැන දෙපාරක් කැබිනට් එකට ගියා! 

සංචාරක ඇමැතිතුමා නොදැන ඉන්න ඇති! 

මට සංචාරක අමාත්‍යංශය ගැන මාධ්‍ය හමු තියන්න බෑනෙ! තමන් කරන එක තමන් හරියට කළාම ප්‍රශ්නයක් නෑනෙ! ”

 

නවතම ලිපි