SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවට හරින් ප‍්‍රනාන්දු අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේදී පවසා ඇති බව වාර්තා වේ.

නව වීසා ක්‍රමය පිළිබඳව තම අප්‍රසාදය කැබිනට් මණ්ඩලයේදී පළ කරමින් ඔහු මෙසේ සඳහන් කර ඇත.

 

ජනාධිපතිවරයා එහිදී කටයුතු කර ඇත්තේ නව වීසා ක්‍රමය සංශෝධනය කිරීමට ය.

 

ඒ අනුව දින තිහක විසා බලපත්‍රයක් ඩොලර් පනහක මුදලකට සංචාරකයන්ට ලබාදීමේ තීරණයට එළැඹ ඇතැයි වාර්තා වේ.

එම ගාස්තුවට අදාළ ආයතනය විසින් අයකරනු ලද ලබන සේවා ගාස්තුවද ඇතුළත් කර ඇත.

මෙරට වීසා ලබා දීම පවරා ඇත්තේ නරේන්ද්‍ර මෝඩිගේ ගජමිතුරාගේ VFS Global සමාගමටයි..

 

මේ අතර වීසා නිකුත් කිරීමේ පරම අයිතිය මෙරට නීතිය අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුව සතුව තිබියදී එය තුට්ටුවකට හෝ මායිම් නොකර “රනිල් රාජපක්ෂ” ආණ්ඩුව On Arrival Visa සහ Online Visa ලබා දීමේ බලය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගේ ගජ මිතුරෙකු වන සුබින් කර්කාරියා(Zubin Karkariya)ට අයත් VFS Global නමැති සමාගමට පවරාදී ඇතැයි ද ඊට දැඩි විරෝධය පළ කරන බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර කියා සිටියි.

 

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ පිළිබඳව අදහස් පළකොට ඇත.

 

නවතම ලිපි