SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වීම සම්බන්ධයෙන්

කථානායකවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් නිකුත් කරමින් දන්වා ඇත.

 

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව මැයි 08 දින සිට බලපැවැත්වෙන පරිදි ඇය දැරූ මන්ත්‍රී ධූරය පුරප්පාඩුව ඇති බව මැතිවරණ කොමිසිමට ද දන්වා ඇත.

 

මේ අතර හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට විදේශගත වීම වලක්වාලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (09) තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

 

එකී නියෝගයේ පිටපත් ආගමන හා විගමන පාලකවරයා සහ ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලයට යොමු කරන්නට අදාළ නියෝගයේ සඳහන් කර ඇත.

 

මෙම නියෝගය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් නිකුත් තර ඇති බව වාර්තා වේ.

නවතම ලිපි