SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගිය 08 වැනි දින කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සම්බන්ධීකරණයෙන් අතුරලියේ රතන හිමි ප්‍රධාන පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් පිරිසක් සමග සිවිල් සංවිධාන එක්ව

තිරසර ලංකා ජාතික ව්‍යාපාරය නමින් නව ජාතික ව්‍යාපාරයක් ඇතිකර එහි ප්‍රතිපත්ති ප්‍රකාශය එලිදැක්වීම සිදු කෙරිනි.

 

ර 2

 

තිරසර ලංකා ජාතික ව්‍යාපාරය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියා ඇත්තේ,  

 “අද වන විට ශ්‍රී ලංකාව ඉතිහාසියේ අන් කවරදාකටවත් වඩා ආර්ථික දේශපාලනික සමාජයීය වශයෙන් බිඳවැටීමකට ලක් වී ඇති බව ඔබ අප සියළු දෙනා දන්නා කාරණයකි.  මෙම තත්වයේ වගඋත්තරතරුවන් කවුරුන් වුවත් ලොකු කුඩා භේදයකින් තොරව සමස්ථ සමාජයම මෙහි වින්දිතයන් බවට පත් වී ඇත.

මෙවන් තත්වයක් යටතේ දී රටේ පක්ශ විපක්ශ දේශපාලන ව්‍යාපාර සිය අපරිණතභාවය පෙන්වමින් කටයුතු කිරීම අවාසනාවන්ත තත්වයකි. මෙම අර්බුදයන්ට වගකිව යුත්තන්ට නිසි දඬුවම් පැනවීම අනිවාර්යයෙන්ම සිදු කල යුතු කටයුත්තත් වන නමුත් යලි නැගී සිටීමට එයම පමණක් ප්‍රමාණවත් නොවේ.

ඒ නිසා නැවත නැගී සිටීමට නම් අප මෙම අර්බුදයේ දිග පළල නිසි පරිදි කියවා ගත යුතුය. එසේම  රටේ සියළු පුරවැසියන් මෙම අර්බුදය විසඳා ගැනීමේ දිශාවකට රාශිගත කල යුතුය.

නමුත් දැනට පවතින දේශපාල ව්‍යාපාර බොහොමයකට අරමුණක්, දර්ශණයක් හෝ දිශානතියක් නැති අතර එසේ තිබෙන ව්‍යාපාර වුව ද රට ගොඩ නැගීම සඳහා සංයුක්ත වැඩපිලිවෙලක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇත. එසේම භේද කිරීම් හෙලා දැකීම් තුලින් සමාජය බෙදා වෙන් කර බලය අත්පත් කර ගැනීමේ සැලසුම් ක්‍රියාවට නංවනවා මිසක අරමුණක් හෝ දර්ශණයක් වෙනුවෙන් සමාජය එකතු කරන සමගි කරන දේශපාලන ව්‍යාපාරයක රික්තකයක් පවතින අතර සමස්ථ සමාජ ව්‍යවූහයම එවන් දේශපාලන ව්‍යපාරයක අවශ්‍යතාවයෙන් දැඩිව පෙලෙයි.

මෙම තත්වයට සාධනීය පිළිතුරක් සැපයීමේ අපේක්ෂාවෙන් අප විසින් තිරසර ලංකා ජාතික ව්‍යාපාරය ආරම්භ කරන ලදී. මෙය හුදෙක් ගතානුගතික සාම්ප්‍රදායික දේශපාලන ව්‍යාපාරයක් නොව රට නැවත නගා සිටුවීම සඳහා අවශ්‍ය කරන වැඩපිලිවෙලක් සකස් කිරීම සඳහා ඇති කරගත් එකඟතාවයන් හී කූඨප්‍රාප්තියකි.

බලය ලබා ගැනීම හා එය අභ්‍යාස කිරීම අපගේ මූලික පරමාර්ථයක් නොවන අතර අපගේ මූලික අරමුණ රට නැවත ගොඩනැගීම සඳහා තිරසාර වැඩපිලවෙලක් නිර්මාණය කිරීම හා එය සමාජගත කිරීමයි. ඒ නිසා පරිසරය සුරකින රටට දැයට ආදරය කරන ඕනෑම පුරවැසියෙක්ට, සංවිධානයකට, පක්ෂයකට මෙම දේශපාලනය ව්‍යාපාරය විවෘත අතර ඕනෑම අයෙකු විසින් ලබා දෙන යෝජනාවක්, චෝදනාවක්, දැනුමක් මෙම වැඩපිළිවෙලට හා ව්‍යාපාරයට ධන අගයක් එකතු කරන බව අප විශ්වාස කරන්නෙමු.

ඒ් අනුව අපගේ ව්‍යාපාරය විසින් පසුගිව වසර කිහිපයක් තිස්සේ ඒ් ඒ් ක්ශේත්‍රයන්හි විදවතුන් හා විශේෂඥයන් සම්බන්ධ කර ගනිමින් කරන ලද පරීක්ශණ නිරීක්ශණ උපයෝගී කර ගනිමින් මෙම අර්බුධයෙන් ගැලවීම සඳහා ප්‍රායෝගික වැඩපිලිවෙලක් සකස් කර ඇත ඇත” යනුවෙනි.

 

ර 3

 

මෙම අවස්ථාවේ අදහස් දැක්වීම් කිහිපයක් සිදු කෙරුණු අතර අතුරලියේ රතන හිමියන් සභාව අමතමින් කියා සිටියේ පහුගිය දිනක මෙරටට අවශ්‍යව ඇත්තේ  පක්ෂයක් නොවේ බහුජන ව්‍යාපාරයක්ය යන්න ගැන තමා ඇතුලු කිහිප දෙනෙක් එක්ව සාකච්ඡා කළ බවත්, විශේෂයෙන්ම තරුණ බෞද්ධ සංගමය  එවැනි ව්‍යාපාරයක් සඳහා සම්බන්ධීකරණයක් කිරීමට එකඟ වූ බවත් ය.

 

 

“දැන් මේ ලංකාවේ 1978 ඉඳල දියත් කළේ වෙළඳපොල ආර්ථිකය. අපේ මැතිණියගෙ කාලෙ සංවෘත ආර්ථිකයක් අපි දියත් කළත් ඒක අවසන් උනේ ආහාර පෝලිම්..කන්න නෑ...ඔය වගේ චෝදනාවලියක් එක්ක.

78න් පස්සෙ අපි 87/89 දැවැන්ත කැරැල්ලකට, උතුරු හා නැගෙනහිර නොනවතින යුද්ධයකට මරභියෙන් ජීවත්වන ජනතාවක් බවට පත් උනා.

මේ හැම එකකම පදනම මොකක්ද?

මොකක්ද මේකෙ තිබුන පදනම..?

මිනිසුන්ගෙ දුගීකම, සමාජ ගැටලු..

මේ සඳහා අපි දැක්ක මහා සංවර්ධනයක් දියත් කරනවා.. ආයෝජකයො කැඳෙව්ව.. මොනවද වෙච්ච ආයෝජන?

ගාමන්ට් ෆැක්ටරි ටිකක් ඉතුරු උනා ..ඒකත් දැන් බකල් වෙලා..

මොනවද නැගිච්ච කර්මාන්ත?

කියන්න තරම් මොකවත් කර්මාන්ත නැහැ.

2015 අපි බලයට ගෙනාපු නායකයො කිව්ව ලොකු කතා.

ටයර් කොම්පැනි එනව කිව්ව..බෙන්ස් කොම්පැනි වගේ කාර් කොම්පැනි එනව කිව්ව. ආයෝජකයො එනව කිව්ව. මොකවත් නෑ. මොන කොම්පැනියක්වත් නෑ.

 

ඇයි ඒ?

ලිබරල් ආර්ථිකය නිර්මාණය කරපු රටවල ලොක්කන්ට මේවට ඇවිත් ආයෝජනය කරන්න තරම් දැන් ශක්තියක් නෑ.

 

අද මුලුමහත් ලෝකයේ වෙළඳපොල බවට චීනය පත්වෙලා ඉවරයි. ඩොනල්ඩ් ට්‍රම්ප් කියනවා මම වෙළඳ ගිවිසුම් ඉරනව. මට එකක්වත් වැඩක් නෑ, මම ජාතික ආර්ථිකයට යනව..by ameriacan, by ameracan production වගේ කතා කියල, ලිබරල් ආර්ථිකයේ නිර්මාතෘවරු ඒක අතාරිනවා.

ඊළඟට අද ඇතිවෙලා තියෙන ඊලඟ අර්බූධය මොකක්ද?

 

මේ සංවර්ධන මාවතේ අපි දන්නවා, විද්‍යා තාක්ෂණය සොයා ගත්ත, ගල් අගුරු සොයාගත්ත, ‌තෙල් හොයාගත්ත, 1912 වෙනකොට තෙල් හොයාගත්ත, මුල ඉඳලම අපි ගල් අගුරු යොදාගත්ත, පස්සෙ ඒක බලශක්තියක් බවට පත් උනා කාර්මික විප්ලවයත් එක්ක.

 

මේ ගල් අගුරු හා තෙල් ලෝකෙ අසීමිතව යොදාගන්න පටන්ගත්ත. දැවැන්ත කර්මාන්ත ඇති උනා. මහනගර ඇති උනා. මේ දවා හළු කල පොසිල ඉන්ධන විසින් කාබන්ඩයොක්සයිඩ් වායුව මිහිතලයට දරාගත නොහැකි ඉමකට ගිහිල්ල තියෙනව.

 

97 කියෝතෝ සමුළුවේදී 2015 පැරිස් සමුළුව වෙනකොට එක්කො මනුස්ස වර්ගයාට තවත් ග්‍රහලෝකයක් හොයාගන්න වෙනව, එහෙම නැත්නම් භාගයක් මැරෙන්න ඔින කියල කිව්ව. ඒ තරම් තත්වය බරපතලයි කිව්වා. මේක 50%කින් කපන්න ඔින කිව්වා. සියලු දෙනාම ඒකට අත්සන් කළා. හැබැයි implementation එක, මේක ‘ක්‍රියාවට නැගීම’ 2015 අත්සන් කරන්න බැරි උනා.

 

අන්තිම මොහොතෙ සභාපතිවරයාව ඉන්දියාව මැදිහත්වෙලා නැවැත්තුවා. ඔක්කොම රටවල් එක්කහු උනා හරි අපි 50%ක් කපනව කියල. අන්තිම මොහොතෙ ඉන්දියාව මැදිහත්වෙලා කිව්ව implementation programme  එකකට අපිට දැන්ම යන්න බෑ කියල. සභාපතිවරයා ඇඩුවඇඩුවා. සභාව හොල්මන් උනා.

 

අද ඔබ දන්නව අපිට හරි රස්නෙයි. හිටිගමන් ඉන්දියාවේ දවා හළු කරන ගල් අඟුරුවල විෂ වායුව මීදුමක් වගේ අපේ රටටත් එනව. ඉන්දුනීසියාවෙ ලැව්ගිණි ඇවිලුනාම ඒක අපිටත් බලපානව. මේ මිහිතලයෙ එක තැනක සිදුවන සිදුවීම මුළු මිහිතලයටම බලපානවා.

 

අතුරලියේ රතන හිමිගේ සම්පූර්ණ අදහස් දැක්වීම පහත වීඩියෝවෙන් නරඹන්න...  

 

 

මෙම උත්සවයේදී තිරසර ලංකා ජාතික ව්‍යාපාරය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අති පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වැඩපිලිවෙල සම්බන්ධව සාරංශගත හැඳින්වීමට අමතරව  හිටපු  අමාත්‍යවරුන් වන අර්ජුන රණතුංග. රොශාන් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ හා කොළඹ තරුණ බෞද්ධ සංගමය වෙනුවෙන් එහි සභාපති මහින්ද ජයසේකර යන අයද අදහස් දක්වන ලදී. 

 

R6ර 3ර 4 

 

@මාධ්‍ය ඒකකය

තිරසර ලංකා ජාතික ව්‍යාපාරය

නවතම ලිපි