SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපතිවරණ සටන ගැන මැතිවරණ කොමිසමේ නිවේදනයෙන් මන්ත්‍රීවරු කැළඹී ඇතැයි සති අග පුවත්පතක් සඳහන් කර ඇත.

ඒ ජනාධිපතිවරණය පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමත් සමගය.

 

සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර ජනාධිපතිවරණය පැවැත්වෙන බව මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමත් සමඟ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පළමුව පාර්ලිමේන්තු මැතිවරණයකට කැමැත්ත පළ කර ඇතැයි ඩේලි මිරර් වාර්තා කරයි.

 

ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්විය යුතු බවට තම පක්ෂයේ ස්ථාවරය පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා නැවත වරක් ප්‍රකාශ කිරීමත් සමඟ මෙම කතාබහ මතුව ඇත.

 

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට අමතරව, විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් එනම් සමගි ජන බලවේගයේ (SJB) සැලකිය යුතු සංඛ්‍යාවක්, පුළුල් ඡන්ද පදනමක් ආකර්ෂණය කර ගැනීමේ හැකියාව පෙන්වා දෙමින් මහ මැතිවරණයකට කැමැත්තක් දක්වයි.

 

විශේෂයෙන් ජනාධිපතිවරණයකින් සිදුවන දේශපාලන වෙනස අනුව ව්‍යවස්ථාදායක සභාවේ මන්ත්‍රී ආසන ජයග්‍රහණයන්ට බලපෑමක් එල්ලවිය හැකි අතර, පළමුව මහා මැතිවරණයක් පැවැත්වුවහොත් විධායකයට යම් බලපෑමක් කළ හැකි මට්ටමේ මැතිසබයක් පිහිටුවීම ඔවුන්ගේ අභිප්‍රායයි.

 

මෙවන් පසුබිමක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය මේ වසරේ පැවැත්විය යුතු බවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට ඒත්තු ගැන්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උත්සාහ දරා ඇතැයි ද  වාර්තා වේ.

 

මැතිවරණ කොමිසමට අනුව 2025 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇති අතර  ජනාධිපතිවරණය මේ වසරේ පැවැත්විය යුතුය. කෙසේ වෙතත්, පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි මහ මැතිවරණයක් කැඳවීමේ බලය රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයාට පැවරී ඇත.

 

එසේ වුවද, ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයකට මග පාදා දෙමින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කිසිසේත්ම විය නොහැකි දෙයක් බව තතුදත් ආරංචි මාර්ග පෙන්වා දෙයි.

 

මේ අතර මැතිවරණ කොමිසමේ ප්‍රධානී RMAL රත්නායක ප්‍රකාශ කරන්නේ ජුලි මස අග සිට අගෝස්තු මස මුල් භාගය දක්වා කාලය තුළ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන බවයි.

 

එසේම, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සහ 1981 අංක l5 ජනාධිපතිවරණ පනතේ ප්‍රකාරව නියමිත කාල සීමාව තුළ නාමයෝජනා කැඳවනු ලැබේ.

 

නවතම ලිපි