SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඩයනා ගමගේ ට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බවට සඳහන් කරමින්

ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා දුන්  තීන්දුවත් සමග මේ වනවිට ඇය ගේ අසුන වෙනුවෙන් සමගි ජන බලවේගයේ හිටපු මන්ත්‍රී මුජුබර් රහ්මාන් නැවත පාර්ලිමේන්තුවට පිවිසියේ ය.

 

කෙසේ වුවද මෙම තීන්දුවත් සමග පාර්ලිමේන්තුව තුළත් අනතුරුව ඉන් පිටතත් සාකච්ඡාවට ලක් වූ කාරණයක් වූයේ සමගි ජන බලවේගය පක්ෂය ඩයනා ගමගේට හිමිව තිබීම නිසා එම පක්ෂයත් පක්ෂය මගින් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ටත් එය බලපානා බව ය.

 

ඒ පිලිබඳ අදහස් දක්වමි​න් මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නොවන කෙනෙක් දේශපාලන පක්ෂයක ලේකම්වරයෙක් ලෙස සිටිය හොත් පවතින නීතිමය තත්ත්වය පිළිබඳව මෙසේ කියයි.

 

“දේශපාලන පක්ෂවල නිලධාරීන් ශ්‍රී ලාංකික පුරවැසියන් ද යන්න පරීක්ෂා කිරීමට අවශ්‍යතාවයක් මැතිවරණ කොමිසමට ඇතිවෙලා නැහැ. ඒක අවශ්‍යයි කියලා නීතිමය සඳහනකුත් නැහැ. ඔය තත්ත්වය යටතේ ඩයනා ගමගේ මහත්මිය ලේකම් ධුරය දැරීම සමගි ජන බලවේගය පක්ෂය පිළිගැනීමේ නිත්‍යානුකූල භාවයට කිසිම බාධාවක් වෙනවා කියලා මම හිතන්නේ නැහැ.”

 

දැන් කංචන විජේසේකරලාට  මහින්ද දේශප්‍රිය හිටපු මැකෝට එරෙහිව අදහස් දැක්විය හැකි ය.

 

නවතම ලිපි