SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රූපවාහිනී සජීවී විකාශන අවස්ථාවක් ලබා ගනිමින් රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි කියන

සංචාරක හිටපු රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ ට එරෙහිව නඩු පැවරීමට තීරණය කර ඇතැයි ජාතික රූපවාහිනී සංස්ථාව පවසයි.

 

මේ සම්බන්ධයෙන් අප ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපති  ආචාර්ය  ප්‍රසාද් සමරසිංහ ප්‍රකාශ කර ඇත්තේ  හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට  නඩු පැවරීමට ඔහු අදාළ අංශ නිලධාරීන්ට උපදෙස් දුන් බවය.

 

මෙම හිඟ මුදල ගෙවන ලෙස කිහිප වතාවක්ම ඇයට දැනුම්දී  තිබුණද  විවිධ හේතු දක්වමින් ගෙවීම පැහැර හැරි බව  සභාපතිවරයා කියයි.

 

නවගමුව පෙරහර සජීවී ලෙස ප්‍රචාරය කිරීම සඳහා ඇය මෙම විකාශනය  ලබා ගෙන  ගත්තේ ඒ සඳහා වැය වන සියලුම මුදල් තමා පෞද්ගලිකවම ගෙවන බවට පොරොන්දු වෙමින් ලිඛිත ලියවිල්ලක්ද ඉදිරිපත් කරමිනි.

 

කෙසේ වුවද බලය ඇති දා සහ බලය නැති දා සිදුවන මෙවන් සිදුවීම් අන් අයටද හොඳ පාඩමක් යැයි ද ඒ දෙස බලා බලධරයෝ සහ නිළධරයෝ ප්‍රවේසම් විය යුතු යැයි ද සමාජ ක්‍රියාකාරිකයන් අනතුරු අගවයි.

 

ද්විත්ව පුරවැසිභාවය ගැටලුව  හේතුවෙන් ඩයනා ගමගේ ට  පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක්  දැරීමට අයිතියක් නැති බව  ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේ  පසුගිය ( 9) බදාදා  ය.

 

ඒ අනුව ඇයගේ මන්ත්‍රී ධූරය අහෝසි විය.

නවතම ලිපි