ජාතික රූපවාහිනියේ UHF 39, 52, 57 චැනල කොළඹ අවට ජනතාවට සුපැහැදිලිව දර්ශනය වීම සඳහා පවත්වාගෙන යන
ෆෙයාර්මවුන්ට් රෙසිඩන්සීස් (Fairmount Residencies) ගොඩනැගිල්ලට ගෙවිය යුතු මුදල් නොගෙවා හිඟ වීම හේතුවෙන් මේ වනවිට එහිද විදුලිය කපාදමා ඇතැයි වාර්තා වේ.
එම ගොඩනැගිල්ලේ මෙම විකාශනාගාරය පවත්වාගෙන යාම හේතුවෙන් ගෙවිය යුතු හිඟ මුදල් මේ වනවිට රුපියල් මිලියන 05 ඉක්මවා ඇතැයි වාර්තා වේ.
එමෙන්ම ජාතික රූපවාහිනියේ සේවකයන් වෙනුවෙන් මුල් මාස කිහිපයේ ගෙවිය යුතු අර්ථසාද මුදල්ද එම අරමුදලට මෙතෙක් බැර කර නැතැයිද වාර්තා වේ.
@lankatruth