SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රජා කමිටු පත්කරන්න වැඩපිළිවෙලක් දියත් කළේ ග්‍රාමීය පොහොට්ටු නායකයින් නැවත නැගිටුවීමට බවත්

එජාපයේ නායකයා රට බංකොලොත් කළ රාජපක්ෂලාව බේරාගෙන චණ්ඩිපාට් දාන්න අවස්ථාව උදාකර දී ඇති බවත් අද (21) සමගි ජන බලවේගය කැඳවූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් ප්‍රකාශ කළේය.

 

“ජනාධිපතිතුමා මැතිවරණය ඉලක්ක කරගෙන තමන්ට තව චාන්ස් එකක් ගන්න පුළුවන්ද බලලා තමයි හැමදේම කරන්නේ. ගිය සතියේ කැබිනට් මණ්ඩලයට උපදෙස් දීලා තියෙනවා පළාත් පාලන ආයතන වල නාමයෝජනා අහෝසි කරන්න පුළුවන්ද කියලා  බලන්න. පෞද්ගලිකව මම මේකට එකඟ වුණාට මේක දේශපාලන සන්දර්භයක්.

 

ප්‍රජා කමිටු කියලා පරණ පොහොට්ටු සභාපතිලා ඒ ඒ පළාත් පාලන ආයතන පාලනය කරන්න පත්කරන වැඩපිළිවෙලක් මේ ජනාධිපතිතුමා ගෙනිච්චා . මේකට circular එකක් issue  කලා. එතකොට ග්‍රාමීය පොහොට්ටු නායකයන් නැවත නැගිටිනවා. UNP නායක රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රාදේශීය පොහොට්ටු නායකයින්ව නැවත දේශපාලනිකව නැගිට්ටවනවා. රට බං කලොත් කරපු රාජපක්ෂලාව බේරගත්තා වගේ. හැංගිලා හිටපු පොහොට්ටුවන්ව එළියට අරගෙන චණ්ඩිපාට් දාන්න අවස්ථාව දුන්නා වගේ.

 

මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණයක් කැඳවලා තියෙනවා . නිල වශයෙන් අහෝසි කරලා නැති නිසා මේ මැතිවරණයට තරග කරන අපේක්ෂකයෝ ඕකට පත් කරන්න බැහැ කියලා දැනුම් දීමක් කලා. ඒ නිසා ආණ්ඩුකාරවරු මේක පත් කරන්නේ නැහැ. ඒ නිසා තමයි මේ නාමයෝජනාව අහෝසි කරන්න හදන්නේ අර පොහොට්ටු හිපාටුවෝ ටික නැවත පත්කරන්න.  වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ඕන ඕන විදිහට රටේ නීතිය වෙනස් කරන්නත් රටේ දේවල් වෙනස් කරන්නත් එයාගේ දේශපාලන වාසිය සඳහා දේවල් කරන්නත් බෑ.

 

උදාහරණයක් විදියට නැගෙනහිර පළාතේ ජනතාව අන්දන්න අශ්රෆ් මෙමෝරියල් හෝල් එකක් හදන්න මිලියන 25ක් වෙන් කරලා තියෙනවා. අශ්රොෆ් මැතිතුමා වෙනුවෙන් නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාව ට එතුමා කරපු සේවය වෙනුවෙන් එහෙම එකක් කරන එක හොඳයි. ඇයි මේ මැතිවරණයක් කිට්ටුව කරන්නේ? එතුමා ආපු වෙලාවේ කරන්න තිබුණනේ. මීට කලින් කරන්න තිබ්බා එහෙම නැත්නම් අවුරුදු පහක් ආණ්ඩුවක් තිබ්බා. ඒ වෙලාවේ කරන්න තිබුණනේ . හකීම් ඇමතිතුමා- අපි ඒ ආණ්ඩුවේ හිටියනේ.

 

මේ වික්‍රමසිංහ මැතිතුමාගේ සංදර්ශන න්‍යායට විරුද්ධව රාජ්‍ය සේවකයෝ ලක්ෂ තුනක් පාරට බහින්න ලෑස්තියි. හෙද හෙදියෝ 35000ක්, සරසවි අනධ්‍යන කාර්ය මණ්ඩලය 13000ක්, ග්‍රාම නිලධාරීන් 14000ක්, විධායක නිලධාරීන් 18,000ක්, සංවර්ධන නිලධාරීන් 16000ක්, ගුරු විදුහල්පතිවරු ලක්ෂයක්, සෞඛ්‍ය වෘත්තීය සමිති හැත්තෑ දෙකකින් එක් ලක්ෂ විසි දාහක් විතර, බහින්න යනවා.

 

බොහෝ රාජ්‍ය ආයතන දේශපාලනීකරණය කරලා තමයි මේක කරන්න යන්නේ. මං දැක්කා පෙරේදා ද කොහෙද  කොළොන්නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අගමැතිතුමා එනවා වෙසක් කොහොමද වෙන්නේ බලන්න. පන්සලකට සත පහක් දීල නෑ.  මධ්‍යම සංස්කෘතික අරමුදල තියෙනවා, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව තියෙනවා, බුද්ධ ශාසන අමාත්‍යාංශය අරමුදල් තියෙනවා, ඒ එකකින්වත් එක විහාරස්ථානයකටවත් සත පහක්වත් නොදී, මේ  වෙසක් වෙන්නේ කොහොමද කියලා බලන්න එන්නේ .එයා එනකොට රාජ්‍ය නිලධාරීන් ග්‍රාම නිලධාරීන් විධායක නිලධාරීන්, ආර්ථික නිලධාරීන් ඔක්කොම ගෙන්නලා දේශපාලනිකව විසඳන්න තමයි බලන්නේ. ජනමතයක් නැති මේ ආණ්ඩුවයි ජනාධිපතිතුමයි, මොන විදිහේ උපරවැට්ටි දාන්න හැදුවත් අවසානයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉල්ලන්නේ නෑ කියන එක තමයි මගේ අදහස.

 

මම දන්නෙ නෑ ඊයෙ රෑ ප්‍රසන්න රණතුංග ඇමතිතුමා ලොකු සාදයක් දැම්මා කියලා වෙබ් සයිට් එකක තිබුණා. waters edge hotel එකේ පොහොට්ටුවේ මැති ඇමතිවරු එක්ක. ඒක රනිල්ගේ සරණ පතා යෑමේ ආරම්භයක්ද මොකක්ද කියලා අපි දන්නේ නෑ.

 

මේ හැම දේකින්ම පේන්නේ පොහොට්ටුවේ නායකයෝ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව අපේක්ෂකයා කෙරුවට පොහොට්ටුවේ සාමාජිකයෝ රනිල් වික්‍රමසිංහට දෙන්නේ නෑ. ඒ නිසා ජනාධිපතිතුමා පොහොට්ටුවත් එක්ක එකතු වුණොත් සුළු ජාතික ඡන්ද ලැබෙන්නේ නෑ. සුළු ජාතීන් එක්ක එකතු වෙලා වැඩ කෙරුවොත් සිංහල ඡන්ද හම්බවෙන්නේ නෑ. දාන දාන උප්පරවැට්ටි ෆේල්. ඉස්සෙල්ලා මං කිව්වේ අශ්රොෆ් මැතිතුමා වෙනුවෙන් මෙමෝරියල් හෝල් එකක් දාන එකක් ගැන. එතුමගෙ පුතා පෝස්ට් එකක් දානවා ඒකට විරුද්ධයි කියලා.ගහන ගහන ගේම් එක අනිත් පැත්තට තමයි කැරකෙන්නේ.

 

වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉල්ලන්නේ නෑ. කටවුල් කර කර බොරු කියන එක්කෙනයි අපේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමයි තමයි ප්‍රධාන අපේක්ෂකයෝ. ඒ නිසා මේ මැතිවරණය ජයග්‍රහණය කිරීම අපිට ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ලක්ෂ 168ක් ඡන්ද රෙජිස්ටර් වෙලා තියෙනවා. මේකෙන් ලක්ෂ 140ක් විතර පාවිච්චි වේවි. ඒකෙන් ලක්ෂ හැත්තෑවක් ගන්න ඕන ඡන්දෙ දිනන්න. වඳ කොත්තු වඳ බෙහෙත් වඳ ශාපි ඔක්කොම ඇවිල්ලා ජාතිවාදී අන්තවාදී රැල්ල උපරිමයට තියෙද්දී අපි ලක්ෂ පනස් හයක් ගත්තා. පොහොට්ටුව හැට නමයක් ගත්තා. JVP එක හතරහමාරක් ගත්තා.

 

අපි දිනන්න නම් පොහොට්ටුව ඡන්දදායකයන්ගේ දාහතර ලක්ෂයක් අපේ පැත්තට ගන්න ඕන. දැනටම ලක්ෂ පහළොවකට වැඩිය අපිට ඇවිල්ලා ඉවරයි. අද මාතර දිස්ත්‍රික් තරුණ සමුළුව. ගාල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව. මොණරාගල දිස්ත්‍රික් ප්‍රවර්ධන වැඩසටහන. අම්පාර දිස්ත්‍රික් හම්බන්තොට දිස්ත්‍රික් ගොවි සමුළු. මේවට ඇවිල්ලා ඉන්න සෙනඟින් පේනවා විකල්පය සමගි ජන බලවේගය කියලා.  ඔය මං කියපු දිස්ත්‍රික්ක හතරම දොඹෙන් යන්න පරදින දිස්ත්‍රික්ක හතරක්.  ඒ නිසා අපිට දිනන්න නම් ලක්ෂ 14 ගන්ඩ ඕනේ පොහොට්ටුවට රැල්ලට ගිය අයගෙන්. ජනතා විමුක්ති පෙරමුණට දිනන්න නම් අර හැට නම ලක්ෂයෙන් හැටපන් ලක්ෂයක්ම ගන්න ඕන. ඉතින් මේක ප්‍රායෝගිකව වෙනවද? ඒක එහෙම වෙන්නේ නැති නිසා තමයි jvp එක මරු කියවන්නේ”.

 

මාධ්‍ය හමුව ආරම්භයේදීම  ඉරාන ජනාධිපතිතුමාගේ අභාවය පිළිබඳව සමගි ජන බලවේගයේ ශෝකය මරික්කාර් මන්ත්‍රීවරයා විසින් ප්‍රකාශ  කරන ලදී.