SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දේශිය කිරි කර්මාන්තයේ දියර කිරි නිෂ්පාදනයට විශාල දායකත්වයක් සපයන නුවරඑලිය දිස්ත්‍රික්කයේ

සත්ව ගොවියන් විසින් ඇතිකරනු ලබන එළදෙනුන් අතර සිඝ්‍රයෙන් සරම්ප රෝගය (සමේ ගැටිති රෝගය) පැතිර යාම හේතුවෙන් සතුන් කිහිපදෙනෙකු මේ වන විට මියගොස් ඇති බව තලවකැලේ සහ කොටගල ප්‍රදේශය භාර රජයේ පශු වෛද්‍ය නිලධාරි සුරේෂ් කුමාර් පැවසිය.

 

දේශිය කිරි කර්මාන්තයට මධ්‍යම පළාතින් 33% ක පමණ දියර කිරි නිෂ්පාදන දායකත්වයක් ලබාදෙන බවත්, ඉන් 12% ක් පමණ නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් ලබාදෙන බවත්, පැතිර යන සරම්ප රෝගය හේතුවෙන් සතුන් මියයාම නිසා සරම්ප රෝගය වැළදුණු එළදෙනුන් ගොවින් විසින් ගව මස් අලෙවිසැල් වලට අලෙවි කරන බවත්, එම නිසා නුවරඑලිය දිස්ත්‍රික්කය තුල දෛනික කිරි නිෂ්පාදනය පහල බැස ඇති බවයි පශු වෛද්‍යවරයා කියා සිටියේ.

 

තවද එළදෙනුන් අතර පැතිර යන සරම්ප රෝගය පාලනය කිරිම සදහා එන්නතක් ලබා දිය යුතුව ඇතත්  එම එන්නත සෞඛ්‍ය අමාත්‍යංශ සංචිතය තුල නොමැති නිසා පැතිර යන රෝගය පාලනය කිරිමට නොහැකි වි ඇති බවයි පශු වෛද්‍යවරයා කියා සිටියේ.

 

නුවරඑලිය දිස්ත්‍රික්කය තුල ප්‍රිෂියන් , ජර්සි , ප්‍රිෂියන් ජර්සි දෙමුහුම් එළදෙණුන් ගොවින් විසින් බහුල වශයෙන් ඇති කරනු ලබයි.

 

@රංජිත් රාජපක්ෂ

cnews

නවතම ලිපි