SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Starlink අන්තර්ජාල සේවය මෙරට ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන බලපත්‍රය පිළිබඳව අවසන් තීන්දුව

ලබන සතියේදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් කියයි.

 

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ, චන්ද්‍රිකා තාක්ෂණය හරහා අන්තර්ජාල පහසුකම් සැපයීමේ සේවාවන් සඳහා පළමුවරට මෙවැනි ඉල්ලීමක් සිදුකර ඇති බවත් ඒ සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් සැකසීම සිදුකරමින් සිටින බවය.

 

ලොව ධනවත්ම මෙන්ම සුපක්‍රට තාක්ෂණ ව්‍යවසායකයෙකු වන ඊලොන් මස්ක් හිමිකාරිත්වය දරන space x ව්‍යාපෘතිය හරහා Starlink අන්තර්ජාල සේවාව ආරම්භ කරනු ලැබීය.

 

Starlink ව්‍යාපෘතිය හරහා ෆයිබර් ඔප්ටික් කේබල් භාවිතා කිරීම වෙනුවට පැයට කිලෝමීටර් 27,000ක ආසන්න වේගයකින් ගමන් ගන්නා චන්ද්‍රිකාවක් හරහා අධික වේගයෙන් දත්ත හුවමාරු කිරීම සිදුකරනු ලබයි.

 

Starlink හරහා දුෂ්කර ප්‍රදේශවල වාසය කරනු ලබන අන්තර්ජාල පරිශීලකයින් වෙත අන්තර්ජාලට පිවිසිමට අවස්ථාව උදාවේ.

 

2024 වන විට ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා 5,874ක් කක්ෂ ගත කර ඇති අතර ඉන් චන්ද්‍රිකා 5,800ක ප්‍රමාණයක් ක්‍රියාත්මක තත්ත්වයේ පවතින බව වාර්තා වේ.

 

මෙවන් පසුබිමක් තුළ Starlink අන්තර්ජාල සේවා පහසුකම මෙරටට ලබාගැනීම සම්බන්ධයෙන් පුළුල් කතාබහක් ඇතිවුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඊලොන් මස්ක් අතර හමුවක් පසුගියදා ඉන්දුනිසියාවේ බාලිහී සිදුවීමත් සමගයි.

 

එම හමුවේදී ශ්‍රී ලංකාව තුළ Starlink සේවා සැපයීම ආරම්භ කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා වී තිබුණා.

කෙසේ නමුත් Starlink පිළිබඳව මෙරට ජනතාව අතර උනන්දුවක් පැවතුනද එහි සේවාව මෙරට ජනතාවට ලබාගැනීමේ හැකියාවක් පවතී ද යන්න අප සයිබර් ආරක්ෂක විශේෂඥවරයෙකු වන අසේල වෛද්‍යලංකාර ගෙන් විමසා සිටියා.

 

එමෙන්ම එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයට අනුව ලොව අන්තර්ජාල පහසුකම් අඩු මිලට ලබාදෙන රටවල් 20 අතරට ශ්‍රී ලංකාවද අයත්ය.

 

මේ සම්බන්ධයෙන් සයිබර් ආරක්ෂක විශේෂඥ අසේල වෛද්‍යලංකාර  කළ පැහැදිලි කිරීම ඉහත වීඩියෝවෙන් දැක්වේ.

 

@adaderana

නවතම ලිපි