ඉන්දීය මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරුණු රාහුල් ගාන්ධි විපක්ෂ නායක ධුරයට සුදුසු යැයි
රාහුල්ගේ කොංග්‍රස් පක්ෂයේ ක්‍රියාකාරී කමිටුව යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
රාහුල් ගාන්ධි ප්‍රමුඛ කොංග්‍රසය මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ ඉන්දියාවේ සියලු විපක්ෂ දේශපාලන කණ්ඩායම් හවුල් කර ගනිමින් 'ඉන්දියා' ලෙස නම් කළ විපක්ෂ සන්ධානයෙනි.
මෙවර මහ මැතිවරණයෙන් කොංග්‍රස් පක්ෂය තනිවම ආසන 100 ක් දිනා ගත්තේය. එය කොංග්‍රස් පක්ෂය ලැබූ විශාල ජයග්‍රහණයකි. 2019 මහ මැතිවරණයේ දී කොංග්‍රස් පක්ෂයට තනිව හිමි වූයේ ආසන 52 ක් පමණි.
රාහුල් ගාන්ධි උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ රායිබරේලි සහ කේරළයේ වයනාද් යන ආසන නියෝජනය කරමින් ඉන්දීය පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හෙවත් ලෝක් සභාවට ඉදිරිපත් වුණු අතර, ඔහු ඔහුගේ එම ආසන පහසුවෙන් ජයග්‍රහණය කර ඇත.
(එන්.ඩී.ටීවී.)