SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පළාත් සභාවෙන් ඔබ්බට යන විසඳුමකට එකඟයි. දෙමළ ජනතාව ගැන තීරණ ගැනීමේ අයිතිය ඔවුන්ට දිය යුතුයි - අනුර TNA හමුවී කියයි

 

අපි පැහැදිලිවම 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරනවා - උතුරේදී සජිත්ගෙන් රටටම ප්‍රතිඥාවක් !

 

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් පූර්ණ බලය බෙදීමකට එකඟ වන්නේ නම් පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කළ හැකියි - රනිල් වික්‍රමසිංහ

 

ජාතික සමගිය ඇතිකිරීම සඳහා පළාත් සභා ක්‍රමයෙන් ඔබ්බට යන විසඳුමක් අවශ්‍ය බවත් දෙමළ ජනතාව පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ අයිතිය ඔවුන්ට ලබාදිය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක  දෙමළ ජාතික සන්දානයේ මන්ත්‍රීවරුන් හමුවේදී පවසා ඇත.

 

රැස්වීම අවසානයේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක,

“මේ වනවිටත් 2019 මැතිවරණ ප්‍රකාශනයේ අපි පළාත් සභා මේ ආකාරයෙන් ක්‍රියාත්මක වියයුතු බව අපි පිළිඅරගෙන තිබෙනවා. ඒ වගේම මෙතනින් එහාට යාම සඳහා අපි සාකච්ඡාවක් ගොඩනැඟිය යුතුයි. විශෙෂයෙන්ම ව්‍යවස්ථාමය වෙනස්කම් අවශ්‍ය වී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි දැනට ව්‍යවස්ථාව තුළින් නීති තුළින් ස්ථාපිත කරලා තිබෙන සමගිය සඳහා තිබෙන අවස්ථාවන් අපි තහවුරු කළ යුතුව තිබෙනවා. සමහර ඒවා තිබෙනවා නීතියට ව්‍යවස්ථාවට පමණක් සීමාවෙලා. නීතියෙන් ව්‍යවස්ථාවෙන් ඔබ්බට ගිහිල්ලා ඒවා ප්‍රායෝගිකව යතාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා ක්‍රියාකාරකම් අවශ්‍යයයි. අපි එකිනෙකා අතර තිබුණු අනවබෝධයන් අපි එකිනෙකා අතර තිබුණු පරස්පරතාවයන් ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කළා. අපි හිතනවා අපි හොඳ සාකච්ඡාවක් සිදුකළා කියලා. අනාගතය පිළිබඳ සුබදායී බලාපොරොත්තුවක් අපි හැමදෙනාටම තිබෙනවා. ඒ විතරක් නෙවෙයි පළාත් සභාවලින් දැනට තිබෙන තත්වයට විසඳුමක් ඇති නොවී තිබෙන බවත් අපි පිළිගන්නවා. ඒ නිසා එතනින් ඔබ්බට යන ක්‍රියාදාමයක් අපට අවශ්‍යයයි. ඒක ව්‍යවස්ථාමය, නීතිමය, ප්‍රායෝගික, ආර්ථික මේ ආදී ක්ෂේත්‍ර ගණනාවක යළි වෙනස්කමකින් තමයි ජාතික සමගිය ස්ථාපිත කළ හැක්කේ කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම දේශපාලනයේ අයිතීන් පිළිබඳව ශක්තිමත් සහතිකයක් ලබාදිය යුතුව තිබෙනවා. ඒ වගේම එම ජනතාව පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී ඔවුන්ට අයිතියක් ලබාදිය යුතුව තිබෙනවා. මේ ආදී කරුණු පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුයි”

 

සමගි ජන බලවේගයේ රජයක් යටතේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පැහැදිලිවම ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි.

 “මම කියන්න කැමතියි අනෙකුත් නායකයෝ එක එක බොරු, එක එක අවස්ථාවල, එක එක පැතිවලට කියනකොට අපි පැහැදිලිවම කියලා තිබෙනවා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අපි ක්‍රියාත්මක කරනවායි කියලා. ජාත්‍යන්තර කම්කරු දිනයේදීත් අපි ඒ ප්‍රතිඥාව ලබාදුන්නා. අද මේ උතුරටත් ඇවිල්ලා අපි අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, උත්තරීතර නීති පොතේ තිබෙන 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අපි ක්‍රියාත්මක කරනවායි කියන එක උතුරේත්, නැගෙනහිරත්, දකුණේත්, බස්නාහිරත් රටේ පළාත් නවයේම ජනතාවට අපි ඒ ප්‍රකාශය කරනවා. ඒක ක්‍රියාත්මක කරන්නට අපි මැලිවෙන්නේ නෑ. අපි පසුබට වෙන්නේ නෑ. ඒක අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, නීති පොතේ තියෙන දෙයක්. ඒ නීති පොතේ තියෙන දෙය ක්‍රියාත්මක කරන්නට අපි කටයුතු කරනවා. ඒ තුළින් මේ ප්‍රදේශයේ ජනතාවගේ දේශපාලන අයිතිය, සමාජයීය අයිතිය, ආර්ථික අයිතිය, ආගමික අයිතිය, සංස්කෘතික අයිතිය අපි ලබාදෙනවා”

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනවල උතුරේ සිදුකළ සංචාරයන්හිදී පවසා තිබුණේ තමන් රනිල් රාජපක්ෂ නොවන බවත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් පූර්ණ බලය බෙදීමකට එකඟ වන්නේ නම් පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කළ හැකි බවත් ය.

 

කෙසේ වුවද උතුරේ දේශපාලන නායකයින්ද ඡන්ද කාලය තුළ තොරොම්බල් කරන ජාතික සමගිය හා වාර්ගික විසඳුම් සම්බන්ධව කිසිවක් සිදු නොවන්නේ  ඡන්දයෙන් පසු නැවත තම බලය ප්‍රවර්ධනය පිළිබඳව පමණක්  සිතීම නිසාය. මේ සියලු දෙනා විසින් උතුරේත් දකුණේත් රවටන්නේ සාමාන්‍ය ජනයා වන අතර මෙකී ජනයාද හැමදාම එකම අත්දැකීමට මුහුණ දෙන්නෝ වෙති.

නවතම ලිපි