SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලෝකයේ තම දේශපාලනාර්ථිකයට එරෙහි වන රටවල් පාලනය කිරීමේලා ඇමරිකාව තම දේශපාලන බලය යොදාගන්නේ

එකී රටවලට එරෙහි ව ආර්ථික සම්බාධක පනවමිනි. ඒවා සෘජුවම වෙළඳපොල ඉලක්ක කරගත් ඒවා නොවන ලෙසත් ක්‍රියාත්මක වේ.

 

රුසියාව සහ  යුක්‍රේනය අතර පවතින ගැටුමෙහි නිර්මාපකා වූයේත් අමෙරිකාව වන අතර රුසියාවට එරෙහිව අමෙරිකාව යුක්‍රේනය යුද්ධයට ඇද දමමින් එය සක්‍රීය කරවූයේ ද ඒ අනුව ය.ඒ අනුව රුසියාවට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීමට අමෙරිකාව කටයුතු කළ අතර අමෙරිකාව හා දේශපාලන එකඟතාව සහිත රටවල් ද මෙහිදී රුසියාවට එරෙහිව ක්‍රියා කළෝ ය. 

 

ඒ අනුව රුසියාවද තම තෙල් සැපයීමේ ක්‍රියාවලිය තුළින් එකී රටවල් අතහැර කටයුතු කරන ලදී. පසුගිය කාලය තුළ ජර්මනිය වැනි රටවල් රුසියාවේ තෙල් මිළට ගැනීමට ඉන්දියාව හරහා කටයුතු කළ අතර ඉන්දියාව රුසියාවෙන් තෙල් මිළදී ගනිමින් අතරමැදි වෙළඳ කටයුතු කරමින් වැඩි ගණනකට මෙම රටවලට තෙල් වෙළඳාම සිදු කළේය.

 

    • රුසියාව ඩොලර් සහ යුරෝ තහනම් කරයි
    • චීනයේ යුවාන්වලට මාරු වෙයි
    • අමෙරිකාවේ නව සම්බාධකවලට විරෝධය

 

අමෙරිකාවට එරෙහිව රුසියාව මෙවර ගෙන ඇති තීරණය අතිශය තීරණාත්මක ය.

 

ඒ, ඩොලර් සහ යුරෝ මුදල් ඒකක ලෙස රට තුළ තහනම් කිරීමය. ඒවා තහනම් කරමින් සිය වාණිජ කටයුතු වෙනුවෙන් චීන යුවාන් පාවිච්චි කිරීමටය.

 

අමෙරිකා එක්සත් ජනපදය රුසියාවට එරෙහිව පනවා ඇති නව ආර්ථික සම්බාධකවලට විරෝධය පළ කරමින් ඔවුන් තම රට අභ්‍යන්තරයේ ඩොලර් සහ යුරෝ භාවිතා කරමින් වෙළඳාම් සිදු කිරීම වහාම තහනම් කර තිබේ. 

 

ඒ අනුව, රුසියාවේ මොස්කව් හී පිහිටි එරට කොටස් වෙළඳ පොළ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, රුසියාවේ මොස්කව් විනිමය සමූහයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය සීමාකාරී ක්‍රියාමාර්ග හඳුන්වාදීම හේතුවෙන් විදේශ විනිමය ගනුදෙනු, ලෝහ වෙළඳාම, කොටස් සහ බැඳුම්කර සඳහා ඩොලර් සහ යුරෝ මුදල් ඒකක භාවිතා නොකළ යුතු බවය.

 

ඒ අනුව රුසියාව සිය වාණිජ කටයුතු සඳහා චීනයේ යුවාන් භාවිතා කිරීමට නියමිතව සිටින අතර රුසියාවේ මොස්කව් සහ චීනයේ බීජිං අතර පවතින සමීප වෙළඳ සහ දේශපාලන සබඳතා හේතුවෙන් 2024 මැයි මාසයේදී පමණක් වෙළඳාම් කළ සියලුම විදේශ මුදල්වලින් 53.6% යුවාන් වන බවත්  වැඩි දුරටත් වාර්තා වේ. 

 

නවතම ලිපි