SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාවේ වාහන ආනයන සීමා ලිහිල් කිරීමට අදාළ සැළැස්ම හෙට දිනයේදී ප්‍රකාශයට

පත් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇත.

 

ඔවුන් පෙන්වා දෙන්නේ වාහන ආනයනය 2025 වසරෙන් අවසන් කෙරෙන පරිදි එම සැළැස්ම සකස් කර ඇති බවය.

 

ඒ අනුව මේ වසරේ තුන්වන කාර්තුවේදී ප්‍රවාහන කටයුතු සඳහා අවශ්‍ය කරන වාහන ආනයනයටත්, හතරවන කාර්තුවේදී භාණ්ඩ ප්‍රවාහනය කෙරෙන රථවාහන ආනයනය සඳහාත් ආනයන සීමා ලිහිල් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සැළසුම් කර ඇතැයි වාර්තා වේ.

 

ලංකාවේ වාහන ආනයනය නතර කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගත් නිවැරදි තීරණයකි.

 

ඔහුගේ ධූරකාලය අවසන් වන්නටත් පෙර රට ණය බරට හෙළූ සියල්ලන්ගේ පව් කරපිටින් තබා ගෝඨාභය ජනාධිපතිපතිවරයාට තනතුරෙන් ඉල්ලා අස්වීමට මෙවැනි තීරණ හේතු වූ බවට  විචාරකයින් අදහස් දක්වා තිබුණි.

නවතම ලිපි