SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බිඳවැටී ඇති රට ගොඩනැගීමේ ජාතික වැඩපිළිවෙළ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ තිරසර ලංකා ජාතික ව්‍යාපාරයේ  කුරුණෑගල ජන හමුව

අද  (ජුනි 15 වන සෙනසුරාදා) සවස 2:30ට කුරුණෑගල Kandy Reach Hotel පරිශ්‍රයේදී පැවැත්වෙන බව පවසයි.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමිගේ ප්‍රධානත්වයෙන් තිරසර ලංකා ජාතික ව්‍යාපාරය පසුගිය මැයි මස 08 වැනි දින පදනම් ආයතනයේදී ජනගත වූ අතර රට නිසි මගට ගැනීම සඳහා දේශපාලන පක්ෂවලට ඉහළින් ජාතික ව්‍යාපාරයක් අවශ්‍ය වන බවත්, එහි නායකයා විය යුත්තේ එකී දැක්ම සහ වැඩ පිළිවෙල බවත් ඔවුහු  සඳහන් කරති.

 

thirasara kuru 2

 

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, හිටපු අමාත්‍ය  රොෂාන් රණසිංහ , හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග, මහාචාර්ය චන්න ජයසුමන ඇතුලු දේශපාලනඥයින්, ආගමික නායකයින්, කලාකරුවන්, විද්වතුන්, වෘත්තිකයින්, ව්‍යවසායකයින්, ව්‍යාපාරිකයින් ඇතුළු ප්‍රදේශයේ ප්‍රජාව ගේ සහභාගීත්වයෙන් සිදු කෙරෙන බව තිරසර ලංකා ජාතික ව්‍යාපාරයේ ලේකම් අජන්ත දන්තනාරායන පවසයි.

 

@තිරසර ලංකා මාධ්‍ය ඒකකය

 

නවතම ලිපි