ලංකාවේ සමාජීය, දේශපාලන, ආර්ථික මෙන්ම සංස්කෘතික ජීවිතය ට පද්ධති වෙනසක් එහෙමත් නැතිනම් සිස්ටම් චේන්ජ් එකක් ඕන කියන එක මේ ගරා වැටීම තුල සපථ වෙච්ච දෙයක්.
මෙතනින් එහාට කුමක්ද? කියන සාකච්ඡාව එලියට එන්න තිබුණු හොඳම සමීප අවස්ථාව අරගලය.
සුභාෂිණි විෆ්ලර්
ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික අපරාධ අධික්ෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්ථානය,
ජර්මනිය.
ඒත් ඒ සාකච්ඡාව එලියට ආවේ නැහැ, හේතුව එහෙම සංවාදයක් කරන්න තරම් උනන්දු පිරිසක් එකතු නොවීම හා දේශපාලන සාක්ෂරතාවයේ අඩු කම. ඊටත් එහා ගිහින් 2009 මැයි 18 වෙනිදායෙන් පසුව ගෙවුණු වසර 5 ත් එවැනි අවස්ථාවක් උදාකරනු ලැබුවත් එයත් ප්‍රයෝජනයට ගැනුණේ නැහැ.
අනෙක් අතින් රටේ හැම ප්‍රශ්නයක් ම තමන් කැමති දේශපාලඥයා හෝ පක්ෂය බලයට පත්වුණාම ඉෂ්ට සිද්ධ කරගැනීමේ බාලගිරි දෝෂය හෙවත් හෙටට කල් දැමීම. හැමෝටම දිනන්න බැහැ වගේම ලංකාවේ සිස්ටම් එකක් තියෙනවද නැද්ද කියන එක වටහා ගන්න බැරි හැම දේශපාලන කණ්ඩායමක් ම සිස්ටම් චේන්ජ් මෝස්තරයක් වගේ කතා කරනවා. ප්‍රංශ විප්ලවයෙන් පස්සේ, දෙවෙනි ලෝක යුද්ධ යෙන් පස්සේ ප්‍රංශය, ජර්මනිය සිස්ටම් එක හදාගත්ත විදිය අධ්‍යයන කිරීම වැදගත්. ජනතාව විසින් එරෙහි වන පද්ධතියකදී, විප්ලවයකින් පසු ඔවුන් විසින්ම ඔවුන්ට අවශ්‍ය ප්‍රතිසංස්කරණ යෝජනා ගෙනවිත් සංවාදයට ලක් කර නීති බවට පත් කරගත්තා. දරුණු යුද්ධයකින් පසු තමන්ගේ ජාතියට මෙන්ම ලෝකයට නැවත ඒ හානිය නොකරන විදියේ සිස්ටම් එකක් හදාගැනීමේ වගකීම කියන කරුණත් පසු තැවීම්, උගත් පාඩම් ආදිය මගින් ජර්මනිය ඉෂ්ට සිද්ධ කර ගනු ලැබුවා.
මේ අවස්ථා දෙකටම ලංකාව 2009 සිට 2022 දක්වා මුහුණ දුන්නත් එවැනි දෙයක් ගැන, එනම් ප්‍රතිසංස්කරණ මගින් අපගේ දේශපාලන සමාජීය, ආර්ථික හා සංස්කෘතික දේහය නිවැරදි කරගෙන ජාතියක් ලෙස ඉදිරියට යන්නේ කොහොමද කියන කථිකාවත සිදු වුණේ නැහැ. අපි එක තැනම පල්වෙමින් ඉන්න බව මැතිවරණ වසරේ පක්ෂ, කණ්ඩායම් හා අපේක්ෂකයන් ගේ කියුම් කෙරුම් අධ්‍යනයේදී හොඳින්ම වැටහෙනවා. කාලයක් අප විසින් කල අධ්‍යයනයන් මගින් හා ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා සමග දිගින් දිගටම කරන ලද සාකච්චා වලදී එවැනි වැඩපිළිවෙලකට යන්නට හැකි, දියුණු වැඩසටහනක් ඉදිරියට ගෙන යන්නට දැනට අවශ්‍ය සුදානම් වීම් යන්න අපි දිගින් දිගටම සාකච්ඡා කළා. අත්හදා බැලීම් සිදු වුණා. එහි ප්‍රථිපලයක් තමයි පසුගිය(16) දිනයේ සිදු වුණේ.
ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන්, මහාචාර්‍ය ආශා නිමාලි ප්‍රනාන්දු , ආචාර්‍ය ශාන්ත ගම්ලත් , මහාචාර්‍ය චන්දිමා විජේබණ්ඩාර වැනි මේ සඳහා උනන්දුව ඇති දැනුම් සම්භාරයන් ඇති පුද්ගලයන් සමග සම්බන්ධ වෙමින් 2024 06.16 දින හෙක්ටර් කොබ්බැකඩුව මධ්‍යස්ථානයේදී ඉතා වැදගත් පියවරක් තබන්නට හැක වීම භාග්‍යයක්. ඒ භාග්‍ය තමයි අපි වෙනස් දේශපාලන කථිකාවතක සිටීම හා අවශ්‍ය ප්‍රතිසංස්කරණ දිනා ගැනීමට මැතිවරණ වලට පෙර කවුළුවක් විවර කර ගැනීම වෙනුවෙන් සංවිධානය වීම.
ඉහත කී විද්වතුන්, මාධ්‍යවේදීන් නීති ශිෂ්‍යයන්, නීතිඥ වරුන්, වෘත්තිකයන් දිවයිනේ නන් දෙසින්, පවතින උනන්දුව හා කැපවීම මත මේ උදාරතර අරමුණ වෙනුවෙන් එකතු වීම භාග්‍යයක්. ඔවුන් විසින් ඊයේ දිනයේ තබපු ඒ පියවර ලාංකීය ඉතිහාසයේ ක්‍රමයේ වෙනසක් වෙනුවෙන් තැබූ වැදගත් ම පියවර බවට මට නම් ස්ථිරයි. ප්‍රතිසංස්කරන දිනාගැනීම වෙනුවෙන් මහජනතාව සම්බන්ධ කර ගැනීමේ මහජන ප්‍රාරම්භන ක්‍රමයක් හා ඍජු ප්‍රජාතන්ත්‍ර ක්‍රම භාවිතාව වෙනුවෙන් නීතිමය අවස්තාවන් ජාතියට උරුම කරදීමට මේ පිරිස මුල් වීම ඒ වැදගත් පියවරයි. ආරම්භය මේ පවතින දේශපාලන සාක්ෂරතාව තුල අසීරු වෙන්න පුළුවන්. ඒත් අවසානය සතුටු අවසානයක් වනු ඇති.
මේ සඳහා එක්වූ පිරිස ගේ උනන්දුව හා කැපවීම ලංකාවේ පද්ධති වෙනසකට අවශ්‍ය මුලික කාර්‍යයන් සම්පාදනය කිරීමට අවශ්‍ය පදනම දමනු ඇති. එහෙත් මේ කටයුත්ත වෙනුවෙන් තවත් බොහෝ දෙනෙක් ගේ සහභාගිත්වය වැදගත්. මෙන්ම ජාතියේම සහභාගිත්වය වැදගත්. අප විසින් අප වෙනුවෙන් සකසා ගන්නා ක්‍රමවේදයක ජීවත්වීමේ වාසනාව උදා කරගැනීම වෙනුවෙන් ඒ සහභාගීත්වය ඉතාමත්ම වැදගත්.ඒ නිසා මේ වටා ජනතාව එක රොක් වී අවශ්‍ය ප්‍රතිසංස්කරණ වෙත අදහස් ,යෝජනා කරමින් දියුණු ප්‍රජාතන්ත්‍ර වාදයක් වෙනුවෙන් කටයුතු කිරීමට සමාරම්භයක් ලාංකීය ඉතිහාසයේ ඊයේ සනිටුහන් වීම සතුටට කරුණක්. දේශපාලනය වෙනස් ලෙස කරන්න පුළුවන් බව මේ කණ්ඩායම පැහැදිලි කරනු ලැබූ බව සතුටින් සටහන් කරමි. ඇත්තටම අපිට හැකිනම් දේශපාලනය, ප්‍රතිසංස්කරණ හා සිස්ටම් චේන්ජ් මේ අයුරින් කරන්නත් පුළුවන්. දියුණු දේශපාලන සාක්ෂර තාවය ඇති රටවල සිදුවන්නේ මෙයයි.
විශේෂ ස්තුතිය ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා ඇතුළු කණ්ඩායම , විද්වත් කණ්ඩායම, මාධ්‍ය වේදීන්, සාහිත්‍ය හා රංගන වේදිනියන් තරුණ ප්‍රජාතන්ත්‍ර වාදීන් හා මහජන බලය සංවිධානයට පුදකර සිටිමු. සංවිධානය වෙනුවෙන් සරත් ප්‍රනාන්දු ,දුමින්ද කන්නන්ගර , බුද්ධි රන්දෙණිය නිරෝෂන් පෙරේරා යන මහත්ම මහත්මීන් වෙත අපගේ විශේෂ ස්තුතිය හා ගෞරවය පුද කර සිටිමු.
@ සුභාෂිණි විෆ්ලර්
විධායක අධ්‍යක්ෂිකා, ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික අපරාධ අධික්ෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්ථානය.
ජර්මනිය.