SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 (පසුගිය සතිය හා බැඳේ) https://slleader.lk/life-style/9374-03-2

 

බැඳුම්කරය නැමති අවලාදයට අදාළ සියළුම අධිකරණ ක‍්‍රියාමාර්ග ජයග‍්‍රහණය කර තිබිය දී පවා, රවී කරුණානායක නැමති මේ මගහැරිය නොහැකි මහේක්ෂ දේශපාලනික ව්‍යූහාත්මක සාධකය සම්බන්දයෙන් නිවැරදි තීරණයක් ගෙන ඔහුට සංවිධාන තලයේ නායකත්ව නිලයක් ලබාදීම සම්බන්ධයෙන් රනිල් දැක්වූ මුල් අදේශපාලනික ප්‍රතිචාරය වූයේ ද හීන්සැරේ ලිස්සා මගහැර යාම යි.

 

දැන් ඔහුගේ ප්‍රතිචාරය වන්නේ දෙවෙනි පෙළ නායකත්ව මණ්ඩලය නැමති කැරට් අලය හෙවත් ගුණ්ඩුව යි. මේ සියල්ලෙන් පෙනී යන්නේ රවී කරුණානායක කෙරෙහි පූර්ණ විශ්වාසයක් තබා ඔහුට තනිවම ‌පක්ෂයේ මෙහෙයුම් පැවරීමට රනිල්-සාගල-රුවන්-රංගෙ-වජිර පූට්ටුව රවී කෙරෙහි  විශ්වාසය නොතැබීම යි.          

        

අනික් පැත්තෙන් රනිල්ගෙන් පසුව එක්සත් ජාතික පක්ෂ නායකත්වය රුවන් විජේවර්ධන හෝ සාගල රත්නායතකට දීම වඩා සුදුසු යන නොකියන මතයක් රනිල් සහ ඔහු වටා ඉන්න සුළුතර බැල පිරිසක් විශ්වාස කිරීමයී. ඒජාපය තුළ කවදත් දෙවෙනි නායකත්ව පැවරීමේ දී සෘජු ඥාතී ප්‍රභූවාදය සහ බත්බැලවාදය හෝ පවුල්වාදය සැලකිල්ලට ගගත් බව කාටත් ප්‍රසිද්ධ රහසකි. ජයග්‍රහණය උදෙසා ඒ් ප්‍රභූ-පවුල්බ-ත්බැලවාදී ක්‍රමවේදයෙන් බැහැරව කාව හෝ දෙවෙනි පෙළ නායකත්වයට තෝරාගත් අහඹු අවස්ථාවල දී අහඹු දෙවෙනි පෙළ නායකයාට පළමු නායකයා බවට පත්වෙන්නට බෝහෝ ආයාස දරන්නට සිදුවිය. 

 

 

final 01

 

 

එසේ ආයාස දරා නායකත්වය ගත්ත ද ඒ් අහඹු පුද්ගලයාට වැඩිකල් ඒජාප නායකයා ලෙස සහ රාජ්‍ය නායකයා ලෙස වැඩිකල්ව පවතින්නට ඉඩ නොදන්ට ඉතිහාසයක් එජාපයට තිබුණි. 

 

 

2

 

 

මීට හොඳ ම උදාහරණය රණසිංහ ප්‍රෙමදාස ය.ඔහු දශක ඒකකට වැඩි කාලයක් තිස්සේ ඒජාපයට දරදියි ඇද්ද ද, ඔහුට ජනපති වී පාලන බලයේ ඉන්නට ලැබුණේ වසර ‌03ටත් අඩු කාලයකි. ඔහුගෙන් පරම්පරාවක් පසුව යනතරම් කාලයකට පසුවත් සජිත් ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂකත්වය ගන්නට මහත් වෙහෙසක් දරන්නට සිදුවිය. ජනාධිපති අපේක්ෂක වී මැතිවරණයකට පෙනි සිටිය පසුත් ඔහුට පක්ෂ නායකත්වය ලබා ගන්නට හැකි වුණේ නැත.  

 

 

නායකත්වය දැක්වීමේ සාධකය ගත්කල සජිත් ‌ ඔහුගේ පියාට වඩා දුර්වල නායකයෙකු බව සැබෑය. නමුත් සජිත්ට පක්ෂ නායකත්වය නොදී රුවන් විජේවර්ධන ව ඊට පුහුණු කිරීම පිටුපස ඇත්තේ සජිත්ගේ අසාර්ථකභාවය නොවේ. ඒ් පිටුපස ඇත්තේ එජාපය තුළ දශක ගණන් නඩත්තු කළ ප්‍රභූ-පවුල්බ-ත්බැලවාදී යොමුව යි.

 

Final 03

 

 

එජාපය තුුළ සිටි ප්‍රධාන සහ කැපී පෙනෙන චරිත රොත්තකුත් සමඟ සජිත් පක්ෂයෙන් ඉවත්ව වෙනත් පක්ෂයක් හදාගත් පසුව, එක අතකින් පක්ෂය සංවිධානය කිරීමට පුහුණුවක් ඇති ප්‍රධන චරිත කිහිපයක් රනිල්ට අහිමිව ගිය බව සැබෑවකි. නමුත් සජිත්ගේ “වෙන ම පක්ෂය” නැමති නව ප්‍රවේශයත් සමඟ රනිල්ගේ දේශපාලන යොමුව අභියෝගයට ලක්වන කරදරකාරයින් පිරිසක් පක්ෂයෙන් ඉවත්ව ගිය නිසා රනිල්ට මතවාදී බාධාවකින් තොරව මුළ සිට ම පවා සවිධානය කළ හැකි නිදහස් පක්ෂ  ව්‍යුහය  ක් ලැබුණි. ඒ් පක්ෂ ව්‍යුහයෙ ඉහළ ස්ථර වල පුරප්පාඩුවක් පක්ෂය තුළ තිබුණ නමුත් පක්ෂයේ තුන්වන ස්ථරයෙන් පහළට සාමාජිකයින් බහුතරයක් එජාපය හැරදමා ගොස් තිබුණේ නැත.

 

එසේ හෙයින් ඒ් හිස්ව ගිය පක්ෂයේ සංවිධාන කටයුතු ප්‍රතිවිරෝධ ගෙන එන්නෙකුගේ බාධවකින් තොරව ලෙහෙසියෙන් පක්ෂ යන්ත්‍රය ප්‍රතිසංවිධානය කර ගැනීම සහ නව පළමුවන පෙලක් සහ දෙවන පෙක් පත්කර ගැනීම සඳහා බාදා විරහිරහිත සහ යහපත් අවස්ථාවක් උදාවි තිබුණේ ය. 

නමුත් ප්‍රධාන සංවිධායක බවට පත් කෙරුණේ රනිල්ගේ ගජමිතුරු සාගල රත්නායකව ය. බැඳුම්කර ප්‍රශ්නය පාදක කරටගන රවී කරුණානායකගෙන් විතැන් කෙරුණු නියෝජ්‍ය නායක තනතුර ලබා දුන්නේ රනිල්ගේ පවුලට ඥාතී රුවන් විජේවර්ධනට ය.  

 

 

final 04

 

එක අතකින් දැන් බැඳුම්කරය සමබන්ධ අධිකරණ තීන්දුව අනුව රවි කරුණානායක නිදොස් වී ඇති නිසා නැවත රුවන්ගෙන් ඉවත්කර රවී කරුණානායකට ම භාර දිය යුතු ය. නැතිනම් රවීගෙන් නියෝජ්‍ය නායකත්වය භාරගත්තාට පසුව රැවන් විසින් රවීටත් වඩා වැඩ පෙන්වා පක්ෂ ව්‍යූහයේ ඉහළ ස්ථර නැවත ගොඩනංවා තම නියෝජ්‍ය නායකත්ව තනතුර තහවුරු කරගෙන තිබිය යුතු ය.

නමුත් පක්ෂයේ ම සිටිනා පක්ෂ සුභසිද්ධිය පතන අවංක සාමාජිකයින්ගේ පොදු මතය වී ඇත්තේ රුවන් විජේවර්ධන මෙල‌ෝ සාර්ථක දේශපාලන මතයක් නොදරන, අල්ප තරමේ සංවිධාන ශක්තියක් වත් නැති නිදිමත පතෝල නියෝජ්‍ය නායකයෙකු බවය. මෙය බොහෝ දුරට සත්‍යයට ආසන්නත ම මතයකි. ඒ් නිසා බැඳුම්කර චෝදනා වලින් නිදහස් වී තිබිය දී පවා රවීගෙන් ගත් තනතුර රුවන්ගෙන් ආපසු ගෙන රවීට ම භාරනොදීමට ඇති හේතුව කුමක්ද? 

 

ඊට ප්‍රයෝගික හේතුවක් ඉදිරිපත් කිරීම යනු රනිල් විසින් නොකරන්නකි. ඒ් ගැන ප්‍රසිද්ධියේ කතා නොකර නෑසූකන්වලා සිටීම රනිල්ගේ කුහක ප්‍රභූ ප්‍රතිපත්තිය යි. ඊට ඇති ආසන්නත ම හේතුව අගතිගාමී ය.  ඊට ආසන්න ම හේතු නම්, විජේවර්ධන යනු රනිල්ගේ ඥාතියෙකු වීම යි. නමුත් රනි්ල්ගේ ඥාතියෙකු වූ පමණින් එක්සත් ජාතික පක්ෂය හදිසියේ සංවර්ධනය වී ගොඩනැගෙන්නේ නැත.

අනික් අතින් ප්‍රධාන සංවිධායක පදවිය භාරගත් රනිල්ගේ ගජමිතුරු සාගල රත්නායක පක්ෂයේ ගොඩනැංවීම සඳහා හෝ ප්‍රතිසංවිධානය කිරීම සඳහා කළ මෙලෝ මල ඉලව් තීරනාත්මක දායකත්වයක් නොමැත. ඔහු මේ පදවිය භාරගත් දා සිට සැලකිය යුතු වසර කිහිපයක් ගතවී ඇතත් එජාපය තවමත එදා තිබුණ තැනටත් වඩා පහළ තැනක ය.

 

ඉතින් සාගලගේ තනතුරින් ඔහු ඉවත් කර ඒතැනට රවී හෝ සාගලට වඩා සංවිධාන කටයුතුවල මනා පරිචයක් ඇති එජාපයේ ජ්‍යෙෂ්ටයකු අනුයුක්ත නොකිිිරීමට ඇති හේතුව කුමක් ද? 

ඊට ආසන්නත ම හේතුව නම් සාගල යනු රනිල්ගේ ගජ-මිතුරෙක වීම පමණි. ගජමිතුරකු  වූ පමණින් එක්සත් ජාතික පක්ෂය හදිසියේ මහා සංවර්ධනීය පක්ෂයක් වනනේ නැත. සාගල ප්‍රධාන සංවිධායක තන්තුර භාර ගත්තා වුව ද, සාගලව ලංකාවේ බහුතරයක් ජනයා දන්නේවත් නැත.                                                                   

සැබෑම කාරණාව නම් මේ නියෝජ්‍ය නායක තනතුර සහ ප්‍රධාන සංවිධායක තනතුර යන තනතුරු දෙක ම එකවර හෙබවිය යුත්තේ රවි කරුණානායක ය. 

මන්දයත් පක්ෂයේ නියෝජ්‍ය නායකත්වය දැරීම සහ  සංවිධාන කටයුතු හෙබවීම අතින් පක්ෂය තුල ඉතිරිව සිටින එක ම වැඩ්ඩා රවී කරුණානායක වන නිසා ය. අනිික්  සියළු  වැඩ්ඩන් මේ වන විටත් පක්ෂය හැරදමා ගොසින් ය. ඉදින් ඉතිරිව සිටින එක ම ට්‍රම්ප් කාඩ් එක රවී බව තේරුම් ගෙන ඇති බවක් නොපෙනේ. රවී ද කවදා හෝ මේ පදවි දෙකෙන් එකක්වත් ලබාදේවි ය යන දවල් හීනය දකිමින් පවතී. 

 

final 05

 

මේ වන විට “එජාපය පක්ෂ ව්‍යූහයට” පිටතින් සිදුකරගත් යුත්තක් බවට පත්ව ඇත. එජාප ව්‍යූහය නම විතරක් ඉතුරු වූ කවුරුත් වගකියන්නට හෝ වගවන්නට වෙහෙසක් නොදරන හුදු බෝඩ් ලෑල්ලක් බවට පමණක් පත්ව ඇත. 

 

සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස අද රනිල් අතින් තම ජනාධිපතිවරණය ජයගැනීමේ සිහිනය ද ලිස්සා මගහැරී යමින් පවතී. සමහර මගහැරුනු සිහින වන ඇතුන් දමා හෝ ආපසු හැරවිය නොහැකි ය. සජබෙ ආර්ථික හා මූල්‍ය න්‍යායචාරී හර්ෂ ද සිල්වා රනිල්ගේ ආර්ථික ක‍්‍රියාමාර්ග වලට පක්ෂග‍්‍රාහී නැමියාවක් දක්වමින් මාධ්‍යවලට ප්‍රකාශ නිකුත් කරමින් සිටියා වූ කොල එළියක් දැල්වුණු කාලයක් ද තිබුණේ ය. 

නමුත් ඊට අතවනා, වහාම ක්‍රියාත්මක වී හර්ෂව තමන්ගේ ගොඩට දමා ගැනීමට රනිල් තුළ සිටින ප්‍රභූ මාන්නක්කාර රනිල් විසින් ම ඉඩ නොදුන්නේ ය. රනිල් හිතන් හිටි පරිදි හර්ෂ ඇතුළු සජබෙ බහුතරයක් ඉබේ ම රනිල් වෙත කැඩී ආවේ නැත. වෙනත් පක්ෂයක සාමාජිකයෙකු හෝ තමන් හැරගිය පැරණි පක්ෂයක සාමාජිකයෙකු හෝ යම් පක්ෂයක් වෙතට නැවත එන්නේ, ඒ් පක්ෂය සංවිධානයක් විදිහට බබලමින් තියෙනවා නම් මිසක නිදිමත පක්ෂ වලට ඇවිත් ඉල්ලන් කන්නට නොවේ ය.

 

 

final 06

 

 

ඒ් නිසා රනිල් අතින් එහෙම පක්ෂය බබලවන්නට යම් හෝ ඉඩක් පවතීවි යැයි සිතා ඔහු ජනාධිපති වූ මුල් මාස 2-3 තුළ ම හදිසි වී එජාපයට නැවත පැමිණි හරීන් සහ මනූෂට පසුතැවෙන්නට  වී‌ය හැකි වීමේ  විශාල සම්භාවිතාවක් පවතී. මේ වන විට ඔවුන් සිටිනුයේ තමන්ගේ මන්ත්‍රී ආසනයවත් දිනා ගැනීමට නොහැකි තත්වයක ය.

ඒ් දෙබෑයන්ට පරාජයෙන් පසු ලගින්නට වෙනින් දේශපාලන සංධාන ගුබ්බෑයමක් සොයාගැනීමට සිදුවෙනවා ඇත. එහෙමත් නැතිනම් දේශපාලනයෙන් සමුගන්නට පවා සිදුවන්නට ඉඩ ඇත. එහෙත් රනිල් ජනාධිපති වූ සැනින් යම් දෙයක් ගැන යම් විචාරකයින් උපකල්පනයක් කළහ.

එනම්, ජනපති වී මාස කිහිපයක් ඇතුළත රනිල් විසින් හර්ෂ ද සිල්වා ඇතුළු සජබයෙන් භාගයකට වැඩි කොටසක් කඩාගෙන, ඒ බලය මාර එකක් යැයි පවසමින් එය කැරට් අලයක් ලෙස තම පාක්ෂිකයින්ට පෙන්වා, නැවත වරක් හර්ෂ ද සිල්වා හා රවී කරුණානායක අතර වෘත්තීයමය තරඟය නැමති කුකුල් පොරය ඇති කරවීමට කල්පනා කරාවි යන්න ය.                                                    

ඒ් පරණ ක‍්‍රීඩාවට ඉඩක් ලැබුණේ ද නැත. නමුත් රනිල්ට මුහුණ දීමට තිබූ සැබෑ අභියෝගාත්මක සංදර්භය වූයේ වෙනත් එකකි. එයනම්, ආර්ථික සංවර්ධනයට සමාන්තරව එක්සත් ජාතික පක්ෂය ද සංවර්ධිත තළයකට ඔසවා තැබීම ය.

ඔහුට ඒ් දෙකම කරගැනීමට නොහැකි වී ඇත.

 

IMF ලෝන් එකේ ප්‍රමාණය වත්මන් ආර්ථික අර්බූදයේ ප්‍රමාණයට වඩා බෙහෙවින් කුඩා ය.  ඒ් නිසා ආර්ථිකය ගොඩදැමීම සිහිනයක් ව ඇත.

එජාපය සංවර්ධිත තලයකට ගෙන ඒ්ම ප්‍රභූ-පවුල්බ-ත්බැලවාදී වන ඥාති ගජමිතුරු කළු කුහරයක ගිලී මානයක් නොමැති වළාකුළක් බවට පත්වී ඇත.

 

සුළු කාලෙකට ජනපති වරප්‍රසාද විඳීම සහ ඒ් වරප්‍රසාද යටතේ කරන අත්පත් කරගැනීම් හැරුණුකොට රනිල්ට 2024න් පසු අනාගත දේශපාලන වෘත්තීකත්වයක් ගොඩනගා ගැනීමේ ව්‍යාපෘතියක් තිබුණේ ම නැත. ඔහු හිතාගෙන හිටියේ ජනාධිපති පදවිය කියන්නේ තම බිරිඳ එක්ක රට සවාරි යන්න සහ සාගල එක්ක ගජමිතුරු ආතල් එකක් ගන්නට තියෙන හොඳ මාළු අහිනක් කියා ය.    

 

 

final 07

 

 

තාවකාලික ජනාධිපති පුටුව ලබුණු දා පටන් රනිල් රටේ ආර්ථිකයට පවත්වාගෙන යෑමට සහ දේශපාලන බලය රැක ගැනීමට තාවකාලික පැලැස්තර අලවන්නෙකු බවට පත්විය.

දැන් ඔහුගේ සවනට දේශපාලනයෙන් සමුගන්නට වන තරමේ අඳුරු සීනුවක් නින්නාද වී ඇත.

එහිදී, තීරණාත්මක ප‍්‍රතිපක්ෂය වන, ”ආර්ථික හෝ මුදල් ඇමති වන්නේ හෝ නොවන්නේ කවුද?” වැනි තීන්දු ගන්නෙකු වීමේ බලය ඔහුට අහිමි වනු ඇත. ඔහුගේ කුකුල්-පොරවාදී උපාය සංදර්භීය සහ නූල්සූත්තර දේශපාලන ප‍්‍රතිපක්ෂ සමරන්නට දේශපාලනික බිමක් නොමැති වී, තමන් ම නොපැතූ විදිහට වෘත්තීය විශ්‍රාම සුවය කරා යන්නට ඔහුට බලකෙරෙනු ඇත. 

මේ සිද්ධ වෙන්නට යන දේ සම්බන්ධයෙන් හඬන කඳුළු පිසලන්නට සාගලට කටු අත්තක් දෙන්නවත් පහළ ස්ථරවලින් එජාප පාක්ෂිකයෙකු සොයා ගැනීමට නොහැකි වනු ඇත.    

 

 

final 08

 

අන්ත පරාජයක් අත්කරගෙන තිබූ පක්ෂයක් ප්‍රතිසංවිධානය කළ ජේ . ආර් ජයවර්ධන ලබාගත් ජනතා චන්ද ප්‍රතිඵලය වූයේ තුනෙන් දෙකක බලයක් ය. එහෙත්, බලය ලබා ගත් සැනින් ‌ ජේ. ආර් ජනතාවගේ අසීරුතා ඉදිරියේ අත්තනෝමතික තීන්දු තිරණ ගත්තේ නැත. ජේ. ආර් පවා අන්ත අත්තනෝමතික තීන්දු තීරණ ගත්තේ, ඔහු බලයට පත්වී වසර 2-3 ක් ගිය පසු ය.

එහෙත් ජනතා චන්ද බලයක් නැතිව පාර්ලිමේන්තු චන්දයෙන් ආ අනුප්‍රාප්තික ජනාධිපති කෙනෙක් වූ රනිල්, ආ මොහොතේ සිට ම අත්තනෝමතිකව ජනතාවට තරවටු කරන සහ බර පටවන ආකාරයේ ඉක්මන් තීන්දු ගැනීමට ගොස් අජනප්‍රිය වී ජන අප්‍රසාදයට පාත්‍ර විය. ඒ් නිසා රාජපක්ෂ සනුහුරය බලාපොරොත්තු වූ පරිදි තවදුරටත් රනිල් තාවකාලික ජනපති කෙනෙක් පමණක් ම වී පරාජයකට මුහුණ දෙන එළිපත්තට ඇද වැටී සිටී. 

 

ඉදිරි විපක්ෂ නායකයා වීමේ සිහිනයේ සිටින නාමල් රාජපක්ෂ රනිල්ට ඉඩක් දුන්නේ ම නැත. රනිල් ද තම දෙවෙනි පෙළ නායකත්වයන් අතරින් රවී, හරීන් සහ වෙනත් ජ්‍යෙෂ්ටයෙක් ගොඩනැගුවේ ද නැත. ඒ් නිසා මේ හුදෙකලාවාදී අවාසනාවන්ත අවස්ථාව එජාපයට විපක්ෂ නායක ආසනය පවා හිමිවන ලකුණක් නැත. එය ද සජිත්, නාමල් සහ චම්පික අතර තුන් ඈඳුතු බලුපොරයක් වන්නට බොහෝ දුරට ඉඩ ඇත.

 

Final 09

 

 

ජනපති වන මොහොතේ රනිල් සම්බන්ධයෙන් වැදගත් වූ  දේශපාලනික ප‍්‍රතිපක්ෂය වූයේ,  එජාපය පක්ෂයක් ලෙස නැවත රටපුරා බලමුළු ගන්වන්නට ඇති හැකියාව සහ නොහැකියාව යන ද්වෛතය යි.  දැන් ප්‍රතිපක්ෂයක්ය කියා සලකා බලන්නට දේශපාලන පිටියක් ඉතිරි වී නොමැත. සුළු කාලීන ආතල් එකක් ගත් පසුව රනිල්, වජිර, රංගෙ සහ සාගල හතරදෙනාට ම බල-දේශපාලන වේදිකාවෙන් බැසයාමට අදාළ පුංචි පඩිපෙළක් ඔවුන් ඉදිරියේ දිස්වී ඇත. 

දේශපාලන දෘෂ්ටිය අනුව රටපුරා විශාල පක්ෂයක් ගොඩනැගීම වැනි කටයුත්තක් කරන්නට හීනෙන්වත් බැරි, අනුන් මහන්සි වී අල්ලා ගන්නා දේශපාලනයේ මස් කොටහක් කන්න මාන බලන සදාතනිකව හිවල් දේශපාලන මාදිලියක් නඩත්තු කරන අයිටීඑන් පිළිකන්නේ මොඩරේටර් වූ සදා අප්‍රායෝගික දිප්ති කුමාර ගුණරත්නට සහ ඔහුගේ 50දෙනෙකුට නොඅඩු සමබිම පක්ෂයට නව සමසමාජ පක්ෂය තරම්වත් ගෞරවනිය ලෙස දේශපාලන වේදිකාවෙන් බැස යන්නටවත් ඉඩක් නොලැබ මහේක්ෂ දේශපාලන වේදිකාවෙන් දඩොං ගා බිමට වැටෙන හදිසි අනතුරකට ලක් වී හැඳිගෑවිලා ම යන දෙස බලමින් රුවන් ගුරුගේගේ ඇස්වලින් සට සට ගා කිඹුල් කඳුළු වෑහෙනු ඇත. 

ඒ් හැලෙන්නේ කිඹුල් කඳුළු බව දැනගන්නා වසල ගුණරත්නට තද වී නැවත වටයකින් කාගෙ හෝ පත්තර පඩංගුවකිිින් හෝ වෙබ්සයිට් එකකින් මේවාට කිසිදු සම්බන්ධයක් නැති රුවන්ගේ දරුවන් සහ බිරිඳ කාපු බීපු එකේ ඉඳන් හොඳවයින් දෙකක් කියමින් අම්බානක නෙලනු ඇත. 

අපි යන්නේ වෘත්තයක. එතකොට පහුවෙච්ච තැන් ආයෙමත් හමුවෙනව!

 

final 10

 

 

ජනපති වන මොහොතේ, රනිල් නිවැරදි ඉත්තා කෙසේ වෙතත්, වැරදි ඉත්තාව වත් අදින්න පෙර දෙවරක් නොව තුන්වරක්වත් සිතිය යුතු ව තිබුණේ ය. ඒ්ත් දැන් අදින්නට එක ඉත්තෙකු ද නොමැත. දෛවය විසින් චෙස් බෝඩ් එක රනිල්ගේ ඇස් ඉදිරිපිට ම  හකුලා දැමෙමින්  ඇත. හැම දේම කුමන්ත්‍රණ සාංසිද්ධික දේශපාලනය හරහා ජයගත නොහැකි බව රනිල්ට ඉතිහාසය විසින් කියා දෙනු ලබනු ඇත.

එහෙම කියන්නට සිදුවී ඇත්තේ ඇයි?

තව වසර 2-3ක් යනතුරු ම සජබෙ වටා යම් ජන රැල්ලක් හෝ බලයක් පවතී නම්, ඒ සජබෙ විසින් තමන් පොහොට්ටු විරෝධි සංවිධානයක් ය කියා නඩත්තු කරන මතය ජනතාව විසින් ඇත්තක් යැයි ඔවුන් තුළ ම උපකල්පනය කරගන්නා තුරු පමණි. මේ ගෙවෙන මොහොතේ ජවිපෙ වටා ගොඩනැගෙන ජනබලයට සාපේක්ෂව, යූඇන්පියෙන් සජබයට ගිය චන්දදායක ප‍්‍රමාණයක් වේ නම් එය ද අල්පකොට සැලකෙනු ඇත.

 

ඒ නිසා සජබෙන් කෑල්ලක් කඩාගෙන ජනපතිවරණයට ඉල්ලුවත්, පොහොට්ටුවත් සමඟ ලැග හිටපු රනිල්, තම පක්ෂය ගොඩනගා නොගත් රනිල්, රාජපක්ෂ විරෝධී මහා ජනරැල්ල හෝ ජනබලය නියෝජනය කරන සහ ජනතාවගේ ජනමතය පාවාදෙන්නෙකු ලෙස සැලකිල්ලට ගනු ලැබෙනවා ඇත. ඒ් මත පිහිටා ඔහුගේ චන්ද ප්‍රමාණ අවම වී හෝ ශූන්‍ය වී සුළුතර තත්වයකට ඇද වැටෙනවා මිසක අලූතින් චන්ද එකතුවීමක් සිදුනොවනවා ඇත. 

 

 

11 final

 

හරින් සහ මනූෂ රනිල්-පොහොට්ටු අටමගලයට සම්බන්ධ වූ නිසා සුළු සම්ප‍්‍රදායික යූඇන්පී චන්ද ප‍්‍රමාණයක් රනිල් වෙත ඈඳුනා වන්නට ඇති නමුදු, ඔවුන් අරගලයට සාපේක්ෂව ජනතාවගේ පැත්තේ සිට අදහස් ප‍්‍රකාශ කරන කාලයේ තිබූ ජනරැල්ල ඔවුන් කෙරෙන් මේ වන විටත් පහවී ගොසිනි.

ජනප්‍රසාදය දිනාගැනීමේ සංදර්භය අනුව ගත්කල ඔවුන් ඔවුන් නිර්පාක්ෂික අරගලය පැත්තේ ම සිටියා වී නම් මීට වඩා ජනප්‍රසාදයක් අත්කරගන්නට ඔවුන්ට ඉඩ තිබුණි. පක්ෂ සංවිධානය කිරීම ගැන විශ්වාසය නොතබා කුමන්ත්‍රණ න්‍යාය ම ගැන විශ්වාසයෙන්නි සිටින රනිල්ට නුදුරු අනාගතයේ දී  වේදිකාව අහිමිවී යනු ඇත. ඔවුන් ගැන කලින් විශ්වාසය තැබූ බහුතර ජනයා අතර අද ඔවුන් අජනප‍්‍රියතාවට පත්වී ඇති වීම ඊට හේතුව යි.

එය රනිල් පොහොට්ටුවට ඈඳුන පසුව රනිල් කෙරෙහි එතෙක් නිර්පාක්ෂික අරගලකරුවන් තුළ තිබූ මධ්‍යස්ත ප‍්‍රසාදජනක ජනමතය මුළුමනින් බිඳ වැටුණාට සමාන ය. එසේ වුණේ නැතැයි ද, රනිල් වැටුණු දේශය ගොඩගන්නට වගකීම භාරගන්නට බිය නොවූ නව-දියසෙන් කුමාරයා යැයි ද කියා ජනතාව හිතන් ඉන්නවා යැයි රනිල් ඇතුළු ඔහුගේ හිතවත් පාර්ශවයන්ට මතිභ්‍රමයක (PARANOID) ද  සිටිය හැකිය. නමුත් එය ලොකු වැරදීමක් බව ඉදිරි පළමු චන්ද ප්‍රතිඵලයෙන් ම සියළු පාර්ශවයන්ට වැටහී යනු ඇත. 

final 12

එයින් ම පියවි සිහිය එළවා ගන්නා රනිල් මැජික්කාරයෙක් යැයි සිතා සිටි ඔහුගේ ආසන්නතම හිතවතුන් සියළු දෙනාට කෙලවී යනු ඇත. සැබෑ පරාජිතයෙකු ලෙසින් නමුබුකාර තරඟයක් දී, පරදින්නටවත් නොහැකි ව රනිල් වේදිකාවෙන් බැස යත් දී රුවන් ගුරුගේ හිරිකිතයකින් තොරවම තව කවුරුන් හෝ දේශපාලන මාපිළෙකුගේ හෝ පොලොං වාංශිකයෙකුගේ වලිගේ එල්ලෙනවා ඇත.

 

(තව කොටසක් ලබන සතියේ)

@ ඩඩ්ලි ෂෙල්ටන් ප්‍රේමදාස විසිනි 

නවතම ලිපි