(පසුගිය සතිය හා බැඳේ)
මෑත කාලයේදී ක්ෂණිකව නැගී හදිසියේ බැස ගිය නිර්පාක්ෂික අරගලය යැයි නම් කරගත් අරාජික, අසංවිධානාත්මක, අයාලකාමී බහුජන නැගිටීම නිසා ඇතිවුණ අවිඥානික ප්‍රතිඵලය වුණේ රනිල් වික්‍රමසිංහ බලයට පත්වීම ය. එය මෙම අරගලයට සහභාගීවූ බොහෝ උදවිය පවා නොසිතූ සහ නොපැතූ සංසිද්ධියකි.
ඒනිසා ඒ් අරගලයේ නියුතු වූවන්ට උගෙන ගැනීමට තිබූ ප්‍රධාන පාඩම වන්නේ අරගලයක් හැමවිට ම රාජික, සංවිධානාත්මක සහ සංයුක්ත දසහ විධිමත් ඒකක් වන තරමට අරගලකරුවන් අපේක්ෂා කරන ආසන්නත ම ප්‍රථිඵලයට හෝ සමාජ වෙනස අත්පත් කරගත එනම්, එසේ නොකරන තරමට නොසිතූ නොපැතූ ප්‍රතිපළ හෝ සමාජ වෙනස්කම් ඇතිවන බවයි. ඊට නූතනත්වය අත් දකින්නට පටන්න්න ගනිමින් සිටි යුරෝපයේ සිදුවූ පැරිස් කොමියුනය ඊට සහභාගී වූ බොහෝ දෙනා බලාපොරොත්තු වූ සමාජ වෙනස අත්පත් කර නොගැනීමෙන් ම පෙනී යයි.
අනික් පැත්තතෙන්, යම් හෝ හැදෑරීමක නියුතුව සිටින හෝ නිසඟ ඥානයේ කළඳක් හෝ තිබුණ අයට බලය මෙතෙක් නොපෙනී තිබූ යථා දැනුුුුමක් අත්කර ගැනීමට හැකි විය. එයනම් දේශපාලන බලය සහ රාජ්‍යයක් තුළ ආණ්ඩු බලය කියන්නේ බලයේ ස්වරූප දෙකක බව ය.
බලන්න, ඊට වසර 02ක් තරම් සුළු කාලයක් පසුපසට ගිය කළ රටේ දේශපාලන බලයෙන් එක් මන්ත්‍රී ආසනයක්වත් ගන්නට බැරිව බෝනස් මන්ත්‍රීකමකින් ෂේප් වී තම මුළු පක්ෂ ඉතිහාසයේ ම දේශපාලන බලයෙහි අවම හීන ම තත්වය අත්කරගෙන සිටි එජාපයේ නායක රාජ්‍යය තුළ ආණ්ඩු බලයෙහි උපරිමය වූ විධායක ජනාධිපතිවරයා බවට පත් වීම ය. මීට විරුද්ධව නාහෙන් ඇඩූ ජවිපෙ, සජබෙ ඇතුළු බොහෝ සංවිධාන දෙසට නිහඬ ඇඟිල්ලක් දික් කළ රනිල් වික්‍රමසිංහ ඒ් නාහෙන් අඩන උදවියට පෙන්වූයේ ආණ්ඩුක්‍රම යවස්ථාව ය. ඉතිං හැමෝට ම ආණුඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟව පාර්ලිමෙන්තුව තුළ ඡන්දයකට යාමට එකඟවීමට සිදුවිය.
එයින් පොහොට්ටුවේ මන්ත්‍ත්‍රීලා බලයෙන්ගේ රනිල් වික්‍රමසිංහ රාජ්‍ය බලය ලබාගත්තේ ය. නමුත් ඔහු මේ රාජ්‍ය බලය ලබා ගන්නා මොහොතේ කිසිදු දේශපාලන බලයක් නොතිබුණේ ය. නිදහස් තනි මන්ත්‍රී කෙනෙකුව සිටි කාලයේ ඔහු නිර්පාක්ෂික අරගලය සාධනීය එකක් කොට සලකා කළ ප්‍රකාශ නිසා ඔහු කෙරෙහි සුළු ජනතා ආර්ශණයක් ඇතිවෙමින් තිබුනා වුවු ද ගෝටාගෙන් අගමැති පදවිය භාරගත් විගස ඒ් ගෙවුණ මොහොතේ ගෝඨාට තිබූ විරෝධය රනිල් මත රූපාන්තරණය වී ඔහුට තිබූ සුළු ආකර්ශණය ද හීනවී ගොස් රනිල්ගේ දේශපාලන බලය පිරිහුුුණි. නමුත් රනිල් රාජ්‍ය තුළ ආණ්ඩුවේ ඉහලම බලය හිමිකාරයා ය.
රනිල් ජනාධිපති වන මොහොත වන විට රනිල් රාජ්‍ය බලය අත්කර ගැනීමෙහිලා උපරිම ජයග්‍රහණයක සිටියේ ය.
දේශපාලන බලය අත්පත්කර ගැනීමෙහිලා අන්ත පරාජයක සිටියේ ය.
නමුත් මෙය, ඒ් මොහොතේ බලයේ රස හගිමින් සිටි රනිල්-සාගල-වජිර-රංගෙ-අකිල පූට්ටුවේ උදවියට අවිඥානක විය.
මොවුන් තමන්ලාට රාජ්‍ය බලය ලැබුණ සැනින් දේශපාලන බලය ද අත්වුණාය යනුුුුවෙන් සිතා ඒ් අනුව කටයුතු කළහ. සාමාන්‍යයෙන් ඡන්දයක් දිනා එහි ජයපැන් බොමින් සමරන ආතල්කාමීන් පිරිසක් බවට පත් වූහ.
නමුත් මේ සිතිවිල්ල මිත්‍යමය මායාවක් මිස සබෑවක් නොවේ. මේ ආතල් ගැනීම කකුළුවා හොදේ නැටීමක් බඳු විය.
කොටින්ම රාජ්‍ය බලය සහ දේශපාලන බලය යන දෙකම එකක් කරගන්නට දෙක්ශපාලන බලය දිනාගත යුතු බවෙහි යථාව දිය යට ගින්දර වගේ පැවතිණි.
නමුත් රාජ්‍යය තුළ ආණ්ඩු කිරීමේ බලයෙන් මුසපත් වූ මොවුන් අනාගතය ගැන නිවරදිව සිතන්නෝ නොවූ අතර බොර දියේ ආතල්ගන්නෝ පිරිසක් බවට පත් වූහ.
නමුත් රනිල්-සාගල-වජිර-රංගෙ-අකිල පූට්ටුව සහ ඒ් වටේ සිටි ආධාරකාර උදවිය විසින් අවධානය දිය යුතු සහ ශ්‍රමය යුතු කේන්ද්‍රීය විෂය කලාප 02ක් පැවතිණි.
එකක් නම් රාජ්‍යය තුළ පවතින ආණ්ඩුව යි.
අනෙක නම් දේශපාලන පක්ෂය යි.
මෙහිදී රාජ්‍ය තුු ආණ්ඩු කිරීමේ බලය විධායක මට්ටමින් උපරිමයෙන් තිබුණි. එහි අවධානමක් වී නම් ඒ් ධූර කාලය අවසන් වන්නට වසර 05ක්වත් නොතිබීම පමණි.
නමුත් ඊට උත්තරය තිබුණේ නැවත රාජ්‍ය බලය තුළ ම නොවේ.
ඊට උත්තරය තිබුණේ දේශපාලන බලය ලබා දෙන පක්ෂ සංවිධනයෙන් කරන ගොඩනැංවීම් තුළයි.
පක්ෂ-ව්‍යූහය කොතරම් බලවත් ද කියා සහ එහි බලය යළි ගොඩනැංවිය යුත්තේ කෙසේ ද කියා ගාවේශණය කිරීමෙන් මිසක රනිල්ට නැවත වරක් ජනපති වන්නට අන් මගක් තිබුණේ නැත.
පක්ෂ-ව්‍යුහය තුළින් දේශපාලන බලය ගොඩනැංවීමට අදාළ ගවේශණය තබා අවම තකරමින් සමීක්ණෂයක්වත් කළේ නම්, එයින් ලැබෙන නිරීක්ෂණ වාර්තාවෙහි සඳහන් වීමට නියමිතව තිබූ මූලික නිරීක්ෂණ කිහිපයක් විය.
1. පක්ෂයේ ඉහළ ම ස්ථරයෙන් සහ දෙවෙනි ස්ථරයෙන් සියයට 75ට වැඩි ප්‍රතිශතයක් සජබෙ වෙත ගැලවී ගොස් තීබීමයි. එහිදී ඉහළ ම ස්ථරයේ දෙවෙනි පෙළ නායකත්වය වෙනුවෙන් තරඟකාරී වන පාක්ෂිකයින් ලෙස ඉතිරිව සිටියේ, නවීන් දිසානායක, රවී කරුණානායක, සාල රත්නායක සහ රුවන් විජේවර්ධන පමණි.
2. පක්ෂ ධූරාවලියේ ඉහළ ම පවතින පළමුවන ස්ථරය සහ දෙවන ස්ථරය ජනප්‍රිය චරිත වූ නමුත් ඔවුන් සමස්ත පක්ෂ සාමාජිකත්ව ප්‍රමාණය තුළ සුළුතරයකි.
ඒයින් නොකියවෙන දෙය වූයේ පක්ෂයේ තුන්වෙනි පෙළ සහ ඉන් පහළට සංවිධායකයින් නියෝජනය කරන පක්ෂයට අයත් අතිබහුතරය තවමත් ඒක්සත් ජාතික පක්ෂය තුළ ම සිටින බව යි. ඔවුන් නායකත්වයක් නැතිව අපේක්ෂභංගත්වයට පත්ව සිටිය ද ඔවුන් පක්ෂය හැරගොස් සිටියේ නැත.
තවත් බොහෝ නිරීක්ෂණ අතර මේ කේන්ද්‍රීය-නිරීක්ෂණ දෙක ප්‍රධාන ඒ්වා ය.
ඒ් අනුව රනිල් කළ යුතව තිබූ දේ කුමක්දැයි හසුද්දෙන් ම කිවහොත්, ඔහුට කරන්නට තිබුණේ,
1. පක්ෂය සංවිධානය කරන්නට හැකියාව තිබූ රවී කරුණානායක වැනි අයෙකුට දෙවෙනි පෙළ නායකත්වය ලබාදීම සහ ඒහි ගරුත්වය නොකෙලෙසන සංවිධානාත්මකත්වය නියෝජනය කරන පක්ෂ දූරයක පිහිටුවීම.
2. දෙවෙනි පෙළ නායකයාව යොදාගන ඉතිරිවන පවතින පක්ෂ බහුතරය නියෝජනය කරන 3 වන ස්ථරයෙන් පහළ කොටස්වල සිටින දක්ෂයින් තෝරාගෙන හිස්ව පවතින දෙවෙනි සහ පළමු වන ස්ථර යළි-ගොඩනැංවීම යි
මේ හරහා තමන්ට නැතිව ගිය දේශපාලන බලය ගොඩනගා ගැනීමට රනිල්ට හැකියාව තිබිණි.
නමුත් රනිල් විසින්ම රවී කරුණානායකට දිය යුතුව තිබූ දෙවෙනි නායකත්වය දීම පමා කරමින් රවීට කැරට් අලය පෙන්වමින් ඔහුව ගඟේ යැවුවේ ය.
රවී නොවන පිටස්තරයෙක් දමා හෝ පක්ෂය ගොඩනැංවීම ඇල්වතුර සංවාද කිහියකට සීමා කර, රාජ්‍යය තුළ ආණ්ඩු කිරීමේ බලය පවත්වාගෙන යාම නැමති කෙටිකාලීය ආණ්ඩුව පවත්වාගෙන යාමට මුල්තැන දෙමින් ඊට සමාන්තර නාමල්-බැසිල් ඇතුළු පොහොට්ටු කල්ලියට සමාන්තර වන අටමගල විසදමින් කාලය කා දමන යොමුවක නියුතු විය.
ඔහු සාගල රත්නායක දෙවෙනි පෙළ නායකත්වයට පක්ෂ සංවිධායක දූරයහි දිගටම තබා ගනිමින්, මවාපෑම් මිසක තීරණාත්මක පක්ෂ සංවර්ධන යොමුව නොසලකා හැර එදාවේල ආතල් එකක් ගත්තේ ය.
“සාගලට රටට බලපෑමක් කළ හැකි පක්ෂ සංවිධාන ව්‍යුහයක් ගොඩනැගිය හැකි ද?”
මේ ප්‍රශ්නයේ ශබ්ධාර්තය පමණක් රනිල්ට ඇසුන ද, භෞතික පක්ෂ සංවිධාන සංදර්භයක් තුළ රනිල්ට ඒ් ප්‍රශ්නය අසෙන්නේ නැත. ඒය රනිල්ගේ ඥානකෝෂයේ නොමැත්තකි. මන්ද, පක්ෂයේ සියළු දෙනා ම කෙරෙහි සමරබර විවේචනයක් කළ හැකි වුවත්, සාගල රත්නායක කෙරෙහි නිර්දය විවේචනයක් කිරීම රනිල්ට හිත නොදුන්නෙකි. නමුත් එවන් අවස්ථාවක දී, පක්ෂයට ඇත්තට ම ආදරේ නම්, අවම තරමින් තමන්ගේ නුසුදුසුභාවය පවසා සංවිධායක ධූරය වෙන අයෙකුට පවරන්නටැයි කියා යෝජනා කරන්නටවත් සාගල රත්නායකට සදාචාරචයක් සාගලට නොතිබුණි.
එහිදී ඔහුත් එක්කෝ “මට තමයි පුළුවන්” රෝගයෙන් ආසාධිත තත්වයක හිඳින්නට ඇත. නැතිනම්, අභියෝගාත්මක සුළු කාල-අවකාශයක් තුළ පක්ෂයක් වේගයෙන් සංවර්ධනය කොට ජයක් ලබාදෙන්නට තබා, තමන්ට වාසිදායක තත්වයකදී පවා පක්ෂයක් සංවිධානය කරන්නේ කෙසේද කියා හාන්කවිසියක් වත් ඔහු දැන සිටියේ නැත. ඒසේ දැනගෙන හිටියා නම්, මේ වන විට ඵලදරන සාර්ථකත්වයන් හරහා අද වන විට ඒජාපය ඇස් ඉදිරිපිට දකින්නට ඒජාප ජයග්‍රහණ අත්දකින්නට එහි පාක්ෂිකයින්ට හැකිවී තිබිය යුතු ය.
පක්ෂයක් සංවිධානය කරන්නට “කාලය මදි” යැයි කීම තම නිදහසට කාරණය නොකරගන්නා තැනට අතීත එජාප නායකයින් මේ වන විටත් ආදර්ශය සපයා දී තිබුණි. ගාමිණි දිසානායක නැමති ඒජාප නායකයා සජිත්ගේ තාත්ත වන ආර් ප්‍රෙමදාසගේ ප්‍රජාතන්ත්‍ර විරෝදී ක්‍රියාකලාපයට එරෙහිව ලිලත් අතුලත්මුදලි සමග එක්සත් ජාතික පක්ෂය හැරගොස් ප්‍රජාතන්තන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ සදාගෙන කාලයක් පක්ෂයෙන් ඈත් වී පක්ෂයෙන් පිටත සිටි කෘතහස්ත ඒජාප නායකයෙකි. නමුත් ලලිත් සහ ප්‍රේමදාස මිය ගිය පසුව ඉතා සුළු කාලයකින් තමන්ගේ අත්දැකීම් පරිශ්‍රයෙන් භාහිරව පවැති, ජනපතා අප්‍රසාදයට පත් පක්ෂ යන්ත්‍රයක් මාස කිහිපයක් ඇතුළත තම අණසකට ගෙන ප්‍රතිසංවිධානය කර ජනාධිපතිවරණයකටත් මුහුණ දීමේ අභියෝගයට මුහුණ දෙන්නට ඔහුට සිදු වී තිබුණි. එහිදී, ඔහු ඒ් අභියෝගයට මුහුණ දී නැවත ඒජාපය වේගයෙන් සංවිධානය කරගත්තේ ය. ඔහු බෝම්බ ප්‍රහාරයට හසුවී මිය නොයන්නට, චන්ද්‍රිකාට ඔහු පරදා ලෙහෙසියෙන් ජය ගන්නට තිබූ ඉඩ අහිමිව යන්නට පවා සම්භාවිතාවක් පැවතිණි.
ගෝලීය ආර්ථික නියාමන ධර්මයන් හැසිරවීම සම්බන්ධයෙන් රනිල් අන් නායකයින්ට සාපේක්ෂව යම් හැකියාවක් ප්‍රගුණ කර සිටි බව හැබෑ ය. ගෝඨා ඇතුළු රාජපක්ෂ සනුහරය කෙටිකාලීනව හෝ තමන්ලාගේ ජාමෙ බේරා ගැනීම උදෙසා රනිල්ව අන්තර්වාරික ජනාධිපති කෙනෙකු කරවන්නට කැඳවන්ට හේතුවක් වන්නේ ද මෙයයි.
නමුත් එම දක්ෂතාව තිබූ පමණින්, අවම තරමින් වෙන අයෙකු යොදවා හෝ ජාතික තලයේ දී එජාප පක්ෂ යන්ත්‍රය ශක්තිමත්ව ගොඩනංවා ගැනීම වැදගත් යැයි වටහීමක රනිල් සිටිය බවක් ඔහුගේ මුළු වසර 30කට අධික නායකත්ව කාලය පුරා ම ඔහු කෙරෙන් ප්‍රකට කෙරුණ් නැත. සැබවින් ම එක අතකින් ඔහු සවිඥානිකව එජාපයට පක්ෂ එජාපයේ නායකයා ලෙස පෙනී සිටියේ ය. අනික් අතින් ඔහු අවිඥානිකව එජාපය සහ එහි පක්ෂ සංවර්ධනය පතන බහුතර ජ්‍යෙෂ්ටයින්ගේ නොරිස්සුමට දිගින් දිගට ම බඳුන් වන එජාපයට එරෙහි එජාපයේ ම නායකයා ලෙසින් කටයුතු කළේ ය.
මේ බව දුටු ප්‍රායෝගිකව ජ්‍යෙෂ්ටත්ව සුදුසුකම් සපුරා නොතිබූ අවස්ථාවාදී දුර්වල කැනහිලුන් පක්ෂයට නොගැලපෙන පක්ෂයේ මුදුනන් බවට පත්වූහ. රංගෙ බණ්ඩාර, අකිල වජිර, සහ සාගල රත්නායක වැන්නවුන් පක්ෂයේ සිටි කාලය තුළ පක්ෂ ව්‍යුහයේ තිරසර ගොඩනැංවීම් වෙනුවෙන් සිදුකළේ මොනවාදැයි කියා සත්‍ය තක්සේරුවක් අවහ්‍ය නොවන්නේ යැයි සාමාන්‍ය ඒබහුතර එක්සත් ජාතික පාක්ෂිකයා විසින් ප්‍රශ්න කළ යුත්තක් බව ලියුම්කරුගේ මතය යි.
පක්ෂ දේශපාලන මණ්ඩලය තුළ පක්ෂයක නායකත්වය විසින් අනුගමනය කළ යුතු සමූහවාදී ප්‍රවේශය පයිසෙකටවත් ගණන් නොගත් රනිල්, පක්ෂය තුළ සිටින තමන්ව බලයට ගෙන එන්නට අසීරු ශ්‍රමය වැයකරන්නට කැපවූ විශ්වාසවන්ත අති-දක්ෂ සංවිධායකයින් සම්බන්ධයෙන් පවා යටිකූට්ටු දෙබිඩි භාවිතාවක නියැළුනේ ය. පොදු-රැස්වීම් වලදී එකක් කියමිනක් අවසාන මාහා දේශපාලන තීරණ ගැනීමේ දී වෙන එකක් කරමින් පසුව එය තමන්ට හිතෙන ආකාරයකට සාධාරණීකරණය ද කරගනිමින් ඔහු අමුතුම අකාරයක අදිසි ස්වරූපයකින් දේශපාලනය කළේ ය.
පොදුජන මාධ්‍යකරුවන් සහ සෘජුව දේශපාලන කතිකාවන් තුළ ජීවත් වූ ජනයා රනිල්ට “ගේම්කාරයා”, “නූල්සුත්තරකාරයා”, “සූත්තර පුංචා” යන අනවර්ත නාම පටබැන්දේ රනිල් තම විරුද්ධවාදීන් සම්බන්ධයෙන් ඒසේ හැසිරුණ නිසා පමණක් නොවේ. ඔහු තමන්ගේ ම පාක්ෂිකයින් සම්බන්ධයෙන් ද එසේ හැසිරුණ නිසා ය. මෙම දුර්ගුණය නිසා ඔහු විශාල ජාත්‍යන්තර දැනුමක් සහ රටේ ජාතික තලයේ විශාල ම පක්ෂයක නායකත්වය හිමිවී තිබිය දීත් ඒ සම්පත දේශපාලනිකව අයෝජනය නොකර සියල්ල අහිමි කරගත්තේ ය.
ඔහුගෙන් ගැලවී එජාපයෙන් පිටත සතුරු කඳවුරු සමඟ එක් වූ බොහෝ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් ඒජාපයට ආදරය කළ උදවිය විය. ඔවුන් ඇත්තට ම හැර ගියේ ඒජාපය නොව රනිල්ව ය. රනිල් නායකයා වීමට පෙර කිසි කලෙක නොවූ විරූ ආකාරයෙන් රනිල් නායකයා වූ පසුව වටිනා ප්‍රාමාණික එක්සත් ජාතික පාක්ෂිකයින් පමණක් නොව ඉහළ පෙළ කීර්තිධර දෙවන පෙළ පක්ෂ නායකයින් ද පක්ෂය හැරයිත්දී පවා රනිල් ඒ හැරයාම් තඹේකට මායිම් නොකරන උදාසීනව ඈනුම් අරින බ්ලොටිං පේපර් ආකල්පයක පසුවිය.
මේ ගෙවෙන මොහොතේ පැමිණෙමින් පවතින අන්ත පරාජයෙන් වැඩිමනත පක්ෂ-සංවිධාන සංදර්භය මගහැර යාම නිසා සිදුවුවක් බව රනිල්ට නොවැටහේ. පරාජයට හේතුව සම්බන්ධයෙන් රනිල් මේ වන විටත් තම හිතේ යම් යම් හේතු කිහිපයක් ගොඩනගාගෙන තිබෙන්නට පුළුවන. එහෙත්, ඒ් සියළු හේතු වලට විසඳුම් සපයා දුන්න ද, රනිල්ට ජයක් ලැබෙන්නේ නැත. මන්ද, සරලව, පක්ෂයක පරාජයට හේතුව පවතින්නේ, පක්ෂ-සංවිධාන-සංදර්භය (Context of Organozing the Party) තුළ සහ සංවිධානය කිරීමට තෝරාගන්නා අදාළ උපායමාර්ගය තුළ ය.
එනිසා කුමන විෂය දැනුමක් තිබුණ ද, කුමන අන්තර්ජාතික පිළිගැනීමක් තිබුණ ද, කුමන කෛරාටික කම් හෝ කුමණ්ත්‍රණ න්‍යායන් අනුගමනය කළ ද, පක්ෂ සංවිධානයක සෙවන නොමැතිව හුදෙකලාව ඒවා කිරීමෙන් ඵලක් වන්නේ නැත. ඒ්වායින්, ජාතික තලයේ දී පක්ෂයක් ලෙස රටපුරා ආධිපත්‍ය පැතිරවීමට ඇති ජාතික තලයේ සංවිධනාමය අර්බුදයක් විසඳා ගැනීමට ඇති නොහැකියාවේ ළදරුමය විළිය වසා ගැනීමට රනිල්ට හැකි වන්නේ ද නැත. ඒ අනුව බලන කල, ඉදිරියේ එන ජනපතිවරණය හෝ කුමන මතිවරණයක් හෝ ජයග‍්‍රහණය කර ගැනීමට රනිල්ට නියුතුවිය හැකි එක ම ජෙනුයින් වික්ල්ප භාවිතාව වී තිබුණේ, තම සංවිධාන නොහැකියාව තේරුම්ගෙන, එක්සත් ජාතික පක්ෂයේ තවදුරත් රැඳී සිටි ඔරිජිනල් යූඇන්පී ප‍්‍රධානීන්ගෙන් අයෙකු ඒ සඳහා යෙදවීම යි.
ඒ්ත් දැන් ඉතින් ඒ් මොනව කරන්නත් අම්බානකට පමා වැඩි ය.
මහන්සි වී වැඩ කළ යුතුව තිබූ කාලයේ ආතල් ගැනීම නිසා සිදුවන භෞතික පරාජයෙන් ගැලවෙන්නට රනිල් නොව වෙන කිසිවෙකුටත් බැරි ය.
එම පදනමෙහි සිට බලන කළ බිඳී විසිරී බල හීනවී සිටින එක්සත් ජාත්ක පක්ෂය නැවත ජාතික තලයේ පක්ෂයක් ලෙස බලමුළුගන්වන්නට හැකියාවක් තිබුණා දැයි පශ්චාත් මරණ පරීක්ෂණයක් නම් කර බැලිය හැකි ය.
මගේ කල්පනාවේ හැටියට නම්, දැනට වසරකට කලින්, එක්සත් ජාතික පක්ෂය රටපුරා විහිද පැතිරුණු ආධිපත්‍යධාරී පක්ෂයක් බවට බලමුළු ගැන්විය හැකැයි පැවසිය හැකි එක ම හැඟවුම්කරණීය පුද්ගල නාමකරණය (Significant Nominee) වී තිබුණේ “රවී කරුණානායක” ය. ඒජාපය ඒවන් ජයග්‍රාහී පක්ෂයක් කළහැකි සංවිධාන බලමුළුව වී පැවතියේ අඩසියවසකට වැඩි ඉතිහාසයක් තිබි ඒජාපය පාක්ෂික තුන්වන පෙළෙන් පහළට ඉතිරිව තිබූ බහුතර සංවිධායක ජාලය යි.
වෙනත් පොදුවහරේ වචනවලින් කියනවා නම්, කැමති වුණත් නැතත් රනිල්ට ජනපතිවරණයෙන් දිනන්නට ඇති එක ම ප්‍රධාන තුරුම්පුව රවී කරුණානායක සහ මේ ඉතිරි වූ සංවිධාන ජාලය යි. (මේ වන විට ඒ් මංවිාධාන ජාලයේ යටිපෙල සාමාජිකයින්ගෙන් කොටසක් ද සජබය විස්න යටින් හාරා ගලවාගෙන හමා රය.) මන්ද රවී කරුණානායක යනු හුදු නමත් පමණක් නොව ජාතික තලයේ සංවිධාන ව්‍යූහයක් නියෝජනය කළ පක්ෂයට ඵල අත්පත්කර දුන් ඉතිහාසයක් ඇති පදුගල පෞර්ෂයකි. ඒ නිසා, මෙහිදී මා සඳහන් කරනුයේ රවී කරුණානායක කියන පුද්ගලයා නොව ඔහු නියෝජනය කරන ව්‍යුහික ජාලය යි.
ඒ් වෙනුවට, තම ජීවිත කාලයට ම මෙවන් ව්‍යුහික ජාලයක් ගොඩනගා ගැනීමේ සංවිධාන ශක්තියක් නොතිබූ, තම පක්ෂයේ මුළු සාමාජික ප්‍රමාණය 50 දෙනෙකු යැයි විලිලජ්ජා නැතිව යූටියබ් නාලිකා සංවාද වලදී ඔහේ කියා දැමූ, පොදු දේශපාලන සමාජය තුළ අවුට්ඩේට්ව සිටින සරම බිම පක්ෂයේ නායක පිස්සු පීකුදු ගුණරත්න වැනිවුන් ගෙනවිත්, ඔවුන් ලවා ද පක්ෂය ගොඩනැංවීම ගැන සම්බන්ධයෙන්වත් මෙලෝ සංසාරයක් කරවා නොගෙන, ඔවුන්ට රාජ්‍ය ටෙලිවිෂන් චැනල් ඩිස්නිලන්තයේ ගොන්පාට් කන්නට මග පාදා දුන්නේ ය. දැන් ඔවුන්ව යොදාගෙන කරන කුමණ්ත්‍රණයක් සිදුකර හෝ ජනාධිපති පුටුව රැකගන්නට රනිල්ට හැකි නොවන්නේ, ඔවුන් පොදු මහේක්ෂ දේශපාලනයේ ප්‍රයෝගික ගොඩනැංවීම්වලට භය සහ අසීරු මොහොතේ හීන්සැරේ ලිස්සා යන අවස්ථාවාදීන් වන නිසා ය.
(තව කොටසක් ලබන සතියේ)
@ඩඩ්ලි ෂෙල්ටන් ප්‍රෙමදාස විසිනි