දිවේදි විතරක් දියවෙන.. කඩේදි දිය නොවෙන.. චොක්ලට්වල පැටිකිරිය (ගැමුණු සාලිය)
ලංකාවේ චොක්ලට් කියල විකුණන හුගක් එවුවා නියම ප්රමිතියේ චොක්ලට් ද කියන එක සැක සහිතයි. ඔරිජිනල් රෙසිපි එකට චොක්ලට් හදනවානම්, කොකෝවා පවුඩර්, කොකෝවා බටර්, සීනි, කිරි හෝ කිරිපිටි (මිල්ක් හෝ ඩේරි චොකලට්වල) තියෙන්න ඕන.