SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ දිනවල විවාදයට ලක්ව ඇති ඊ8 ඛාන්ඩයේ වීසා පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා

හිටපු ඇමතිවරයාට චෝදනා කරන ලද අතර ඔහු කියන්නේ ඊ8 වීසා ක්‍රමය නුසුදුසු බවය.

 

 

මේ අතර ඊ8 වීසා ලබාදෙන ලෙස ඉල්ලමින් මේ දිනවල ශ්‍රමිකයින් සියයකට වැඩි පිරිසක් දින කිහිපයක් පුරා විරෝධතාවක නිරතව සිටින අතර සභාපතිවරයා තම තීරණය වෙනස් නොකර ඔවුන්ට වීසා ලියාපදිංචිය දීමෙන් වැලකී සිටියි.

 

 

එහෙත් ඊයේ වනවිට අප වෙත සැලවූයේ ඊ8 වීසා ලබානොදෙන විදේශ සේවා නියුක්ති කාර්යාංශය සී 4 වර්ගයේ කෙටිකාලීන වීසා ලැබූ කණ්ඩායමක් සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමැතිය ලබාදී ඇති බවය.

 

 

මේ අතර හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් අද (27) වර්තමාන අමාත්‍ය විජිත හේරත් වෙත ලිපියක් යවමින් විධිමත් පරීක්ෂනයක් සිදු කරන්නැයි ඉල්ලීමක් කර ඇත.

 

මනූෂ නානායක්කාර හිටපු ඇමතිවරයා යවන ලද ලිපිය පහත දැක්වේ.

 

විජිත හේරත් මැතිතුමා,

විදේශ කටයුතු,  විදේශ රැකියා සහ සංචාරක ගරු අමාත්‍ය,

ජනරජ ගොඩනැගිල්ල,

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත,

කොළඹ 1.

 

ගරු අමාත්‍යතුමනි,

 

විදෙස් රැකියා සඳහා මුදල් ලබාගත් බවට මා වෙත එල්ල කරන චෝදනාව සදහා විධිමත් පරික්ෂණයක් ඉල්ලාසිටීම සම්බන්ධවයි.

 

ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දුන් අවස්තාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පලකරමින්, ආර්ථික අර්බුදයෙන් රට ගොඩනැගීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යධූරයේ වගකීම දරණු ලැබුවේ මා බව ඔබ දනී.  විදේශ සංචිත ක්ෂයවීමේ අර්බුදය හමුවේ රටතුළ පෝලිම් යුගයක් නිර්මාණය වී තිබු අතර රටට අවශ්‍ය ඉන්ධන, ආහාර, කිරි පිටි හා ඖෂධ ආනයනය කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබු බව ඔබතුමන්ට නැවත වරක් සිහිපත් කිරීමට අවශ්‍ය නොවනු ඇතැයි සිතමි.

 

විදේශගත ශ්‍රමිකයින්ගෙන් මාසිකව ලැබෙන විදේශ ප්‍රේශණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන දෙසීය දක්වා පහළ වැටී තිබූ අතර, එමගින් ආර්ථික අර්බුදය තවත් තීව්‍ර කර තිබුණි. අමාත්‍යාංශයේ වගකීම් භාරගත් මා හමුවේ පැවති ප්‍රමුඛම අභියෝගය වූයේ විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙන මාසික ප්‍රේශණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන පන්සියය දක්වා ඉහළ නංවා ගැනීමයි.

 

ඒ සඳහා දැවැන්ත කාර්යභාරයක් අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කේන්ද්‍ර කරමින් ක්‍රියාත්මක කිරීමට හැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඩොලර් මිලියන දෙසීයක් දක්වා පහළ වැටී තිබූ මාසික විදේශ ප්‍රේශණ ඩොලර් මිලියන පන්සියයේ සීමාව ඉක්මවා ඉහළ නංවා ගැනීමට හැකියාව ලැබුණි . මා අමාත්‍ය ධුරය දැරූ කාල සීමාව තුළදී ඇමරිකානු ඩොලර් බිලියන දහතුනකට ආසන්න ප්‍රේශණ ප්‍රමාණයක් ගෙන්වා ගැනීමට හැකිවීම අප දියත් කළ වැඩසටහන්වල සාර්ථකත්වය පෙන්නුම් කරන්නකි.

 

ඒ අතර මෙතෙක් රටට විවෘත නොවූ රැකියා ක්ෂේත්‍රයන් විවෘත කරගැනීමට සාර්ථක පියවර රැසක් ගැනීමට අපට හැකිවිය . ද්වි පාර්ශවික ගිවිසුම් අනුව කොරියානු රැකියා සඳහා ශ්‍රමිකයින් යොමු කිරීම නැවත ආරම්භ කිරීම, කොරියාවේ නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට විවෘත කිරීම මෙන්ම, මේ වන විට ආන්දෝලනයට ලක්ව තිබෙන කොරියාවේ කෘෂි ක්ෂේත්‍රයේ සෘතුමය රැකියා අවස්තා (E 8 කාණ්ඩයේ වීසා සහිත රැකියා) විවෘත කරගැනීමට පියවර ගත්තේද ඒ අනුවය. ශ්‍රී ලංකාවේ සහ කොරියානු ජනරජයේ ක්‍රියාත්මක නීති තත්ත්වයන් ගලපාගනිමින් නීත්‍යානුකූලව, විනිවිධභාවයකින් යුතුව මෙම කටයුතු සිදුකර තිබෙන බවද ඔබතුමන්ට සිහිපත් කළ යුතුය.

 

ඉහළ ආදායම් ලබාගත හැකි ඊශ්‍රායලයේ කෘෂි, ඉදිකිරීම් හා සේවා අංශයේ රැකියා අවස්ථාද අප විසින් විවෘත කරගත්තේ රටේ ආර්ථිකයට දැවැන්ත ඉදිරි පිම්මක් ලබාගැනීමේ අරමුණිනි.

 

එසේම ආර්ථික අර්බුදය හේතුවෙන් විදෙස් රැකියා ජාවාරම්කරුවන්ට හසුවන අපගේම සහෝදර ලාංකිකයන් බේරාගැනීම උදෙසා ,''අහුවෙන්නට එපා'' යන තේමාවෙන් ප්‍රචාරණ වැඩ සටහනක්ද මා විසින් ක්‍රියාත්මක කළ අතර එහිදී ජාවාරම්කරුවන්ට හසුනොවී විදෙස් ගත වීම සඳහා අවශ්‍ය උපදෙන් ලබා දී ජනතා දැනුවත් කිරිම දිගින් දිගටම සිදුකරන ලදි.

 

එහෙත් වසර එකහාමාරක පමණ කාලයක සිට විදෙස් රැකියා සඳහා මා විසින් මුදල් ලබාගත් බවට විවිධ කණ්ඩායම් විසින් වාචිකවද, සාමාජ මාධ්‍ය හරහාද චෝදනා එල්ල කරමින් සිටී. මේ පිළිබදව මා විසින් මාගේ නිල සමාජ මාධ්‍ය පිටුවලින් ජනතාව දැනුවත් කළ අතර මාගේ ලේකම්වරයෙකු හෝ සහෝදරයෙකු යැයි පැවසූවද කිසිවෙකුටත් මුදල් ලබානොදෙනා ලෙස ඉල්ලා සිටියෙමි. එසේම මුදල් ලබාදුන් බව කියනා සියලු දෙනාට මුදල් ලබාගත් පුද්ගලයින්ට විරුද්ධව පැමිණිලි කරන ලෙසද ඉල්ලා සිටි අතර අප වෙත ලැබුණු පැමිණිලි අනුව එවැනි පුද්ගලයින් හට නීතිය ක්‍රියාත්මක කිරිම විදේශ සේවා නියුක්ති කාර්යංශය හරහා සිදුකළෙමි . මේ හා සමානව අප වෙත එල්ල කරන ලද අල්ලස් හා දූෂණ චෝදනා සම්බන්ධව අප රජය යටතේම අවශ්‍ය පරික්ෂණ අපක්ෂපාතිව සිදුකළ අතර ඒ සඳහා මගේ උපරිම සහය ලබා දී ඇත්තෙමි.

 

ගරු අමාත්‍යතුමනි, කිසිදු විදේශ රැකියාවක් සඳහා මම කිසිවෙකුගෙන් මුදල් ලබාගෙන නොමැත. එවැනි තත්වයක් තුළ මා වෙත දිගින් දිගටම එල්ල කරනු ලබන මේ චෝදනාව මගේ දේශපාලන ජීවිතයට මෙන්ම පුද්ගලික ජීවිතයටද අගතියකි. එසේම අප විසින් ණය පහසුකම් යටතේ විදේශ රැකියා සඳහා යොමු වීමට අවස්ථාව ලබාදුන් පුද්ගලයන්ගෙන් කිසියම් පාර්ශවයක් මුදල් ලබාගෙන ඇත්නම් එය බරපතල වරදකි. එවනි අවස්ථාවන් වෙතොත් ඒ පිළිබඳව නිසි පරීක්ෂණයක් පවත්වා ජනතාවගෙන් මුදල් ලබාගත් බව කියන පුද්ගයින් හට තරාතිරම නොතකා නීතිය ක්‍රියාත්මක කළයුතුව ඇත.

 

ඒ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග හා නිසි පරීක්ෂණයක් කඩිනමින් පවත්වන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටින අතර, ඒ වෙනුවෙන් අවශ්‍ය ඕනෑම කාරණාවකදී කොන්දේසි විරහිතව මාගේ සහයෝගය ලබාදීමට සූදානම් බව පවසමි.

 

 

ස්තුතියි.

 

මනුෂ නානායකකාර

හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය

 

 

@මාධ්‍ය ඒකකය

නවතම ලිපි