SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විස්සයි20 කාන්තා ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලියේ ‘ඒ’ කාණ්ඩය යටතේ ඊයේ රාත්‍රියේ

ඩුබා­යි­හිදී පැවති තර­ගා­ව­ලියේ සිව්වැනි තර­ග­යෙන් ඉන්දි­යාව පර­දවා ලකුණු 58ක ජයක් හිමි කර ගැනී­මට නව­සී­ලන්ත ක්‍රීඩි­කාවෝ සමත් වූහ.

 

 

තර­ගයේ පළ­මුව පන්දු­වට පහර දුන් නව­සී­ලන්ත පිල කඩුලු 4ක් දැවී ලකුණු 160ක් රැස් කළ අතර, එම ඉල­ක්කය හඹා ගිය ඉන්දීය පිලට ඕවර 19කදී සිය­ල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 102ක් පමණි.

 

නායිකා හර්ම­න්ප්‍රීට් කෞර් ලකුණු 15ක් රැස් කර­මින් ඉන්දීය ඉනිමේ වැඩිම ලකු­ණු­ලා­භිනිය වූ අතර, කිසිදු පිති­කරු යුග­ල­ය­කට සාර්ථක සබ­ඳ­තා­වක් ගොඩ­නැ­ඟී­මට නව­සී­ලන්ත පන්දු යව­න්නි­ය­න්ගෙන් අව­ස්ථා­වක් නොලැ­බිණි.

 

ඊඩන් කාර්සන් ලකුණු 28ක් තුළ ආර­ම්භක පිති­කරු යුග­ලය යළි ක්‍රීඩා­ගා­ර­යට හරයා යැවූ­වාය. ලී ටහුහු ඉන්දීය මැද පෙළ බිඳ දැමූ අතර, ඇයට අනගි සහා­යක් දෙමින් පසු පෙළ බිඳ දැමී­මට රෝස්මරී මේයර් සමත් වූවාය.

 

පන්දු යැවී­මේදී රෝස්මරී කඩුලු 4ක්, ටුහුහු කඩුලු 3ක් සහ කාර්සන් කඩුලු 2ක් දවා ගත්හ.

 

 

ජෝර්ජියා ප්ලිමර් සහ සුසී බේට්ස් ලකුණු 67ක් එක් කර­මින් පළ­මුව පන්දු­වට පහර දුන් නව­සී­ලන්ත ඉනිමේ පළමු කඩු­ල්ලට සාර්ථක ආර­ම්භ­යක් දුන් අතර, ප්ලිමර් හතරේ පහර 3ක් සහ හයේ පහ­රක් සමඟ පන්දු 23කින් ලකුණු 34ක් සහ බේට්ස් ලකුණු 27ක් රැස් කළහ. කඩුලු 2ක් බිඳ වැටී­මෙන් පසු පිටි­යට පිවිසි නායිකා සොෆී ඩිවින් වේග­වත් පිති­හ­ර­ඹ­යක නිරත වෙමින් ඉනිම ලකුණු 160 සීමා­වට රැගෙන ගියාය. හතරේ පහර 7ක් සමඟ වේග­වත් ලකුණු 57ක් රැස් කිරී­මට ඇය වැය කළේ පන්දු 36ක් පමණි. පන්දු යැවී­මේදී රේණුකා සිං කඩුලු 2ක් දවා ගත්තාය.

 

 

නව­සී­ලන්ත කාන්තා පිල – 160/4 (ඕවර 20) සොෆී ඩිවින් නොදැවී 57, ජෝර්ජියා ප්ලිමර් 34, සුසී බේට්ස් 27 (රේණුකා සිං 27/2)

 

ඉන්දීය කාන්තා පිල – 102 (ඕවර 19) හර්ම­න්ප්‍රීට් කෞර් 15 (රෝස්මරී මේයර් 19/4, ලී ටහුහු 15/3, ඊඩන් කාර්සන් 34/2

 

 

@adaderana