නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල පත්කිරීමට
ජාතික ජනබල වේගය තීරණය කර තිබේ.
10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් අද (21) පෙරවරු 10ට විවෘත කිරීමට නියමිතව ඇත.
පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් වීමෙන් අනතුරුව අද පස්වරුවේ නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීමට නියමිතය.
ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ය.
දිවුරුම්දීමට නියමිත අතර නියෝජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාව 27කට ආසන්න යැයි වාර්තා වේ.