SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විස්සයි20 කාන්තා ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලිය යටතේ ඩුබා­යිහිදී

ඊයේ පස්ව­රුවේ පැවති තෙවැනි තර­ග­යෙන් බට­හිර ඉන්දීය කොදෙව් පිල පර­දවා කඩුලු 10ක පහසු ජයක් හිමි කර ගැනී­මට දකුණු අප්‍රි­කානු ක්‍රීඩි­කාවෝ සමත් වූහ.

 

 

තර­ගයේ පළ­මුව පන්දු­වට පහර දුන් කොදෙව් පිල කඩුලු 6ක් දැවී ලකුණු 118ක් රැස් කළ අතර, එම ඉල­ක්කය හඹා ගිය දකුණු අප්‍රි­කාව කිසි­ව­කුත් නොදැවී ජය තහ­වුරු කර ගත්තේ පන්දු 13ක් ද ඉති­රිව තිබි­ය­දීය.

 

නායිකා ලෝරා වොල්වා­ඩට් පන්දු 55කින් නොදැවී ලකුණු 59ක් සහ ටස්මින් බ්‍රිට්ස් පන්දු 52කදී නොදැවී ලකුණු 57ක් රැස් කර­මින් කණ්ඩා­යමේ ජය තහ­වුරු කළහ.

 

පළ­මුව පන්දු­වට පහර දුන් කොදෙව් ඉනි­මේදී ස්ටෙෆානි ටේලර් පන්දු 41කින් ලකුණු 44ක් රැස් කළ අතර, සෙසු පිති­කා­රි­නි­යන්ට ලකුණු 20 සීමාව ඉක්ම­වී­මට නොහැකි වූහ. පන්දු යැවී­මේදී නොන්කු­ලු­ලෙකො මලාබා කඩුලු 4ක් සහ මරි­සාන් කාප් කඩුලු 2ක් දවා ගත්හ.

 

කොදෙව් කාන්තා පිල – 118/6 (ඕවර 20) ස්ටෙෆානි ටේලර් 44 (නොන්කු­ලු­ලෙකො මලාබා 29/4, මරි­සාන් කාප් 14/2)

 

දකුණු අප්‍රි­කානු කාන්තා පිල – කිසි­වකු නොදැවී 119 (ඕවර 17.5) ලෝරා වොල්වා­ඩට් නොදැවී 59, ටස්මින් බ්‍රිට්ස් නොදැවී 57