කලා ක්ෂේත්‍රය තුළ සංකේත යනු ඉහළ වටිනාකමකින් යුත් අංගයකි.
එහි දී තනි වස්තුවක් කෙතරම් සරළ ලෙස ඉදිරිපත් කළත් එතුළින් සමස්තාර්ථය ගම්‍ය කරයි.
ඒ අනුව සමස්ථය නියෝජනය කිරීමේ බලවත් උදාහරණයක් ලෙස 'හිස්කබල' චිත්‍ර කලාවේ විවිධ ශානරයන් හි දැකගත හැකියි.
එලෙසම ලෝකයේ බහුතර අදහස හිස් කබල යනු 'මරණය' නිරූපණයකි. මරණය පැහැදිලි අර්ථයක් ලෙස ගත හැකි නමුත් එක් එක් සන්දර්භයක් තුළ වෙනත් ආකාරයෙන් අරුත් ගන්වා ඇති බව කිව හැකියි. උදාහරණයක් ලෙස මරණය ගැන වැළපීම සේම අතැමුන් එය ජීවිත ආඛ්‍යානයේ උච්ඡතම සන්ධිස්ථානයක් සලකුණු කරයි.
මිනිසුන් ලෙස අප ලෝකය පිළිබඳව අපගේ අවබෝධය පුළුල් කිරීම පිණිස ව්‍යුහය අන්තර්ග්‍රහණය කරගනී.
නමුත් සමහරවිට එම සංකේත ලෝකය එක් එක් අවස්ථාවන් වල දී නොගැළපීමට ලක් වේ. එසේ වුව ද වඩාත්ම ප්‍රබල සංකේත විශ්වීය අර්ථයෙන් යුක්තයි. නමුත් එය ග්‍රහණය කර ගැනීමේ දී හෝ ප්‍රකාශ කිරීමේ දී පෞද්ගලික අත්දැකීම් මත ඒ පිළිබඳව වෙනස් අවබෝධයක් ඇතිවිය හැකියි.
'හිස්කබල' විශ්වීය සංකේතයක් වනවා සේම ශරීරය යටත් කර ගැනීමේ අවසාන සංකේතය ද වේ. මිනිසා යන සරළ නිරූපණය ද මින් අදහස් කෙරේ.
චිත්‍ර කලාව ශාස්ත්‍රාලයීය ලෙස හැදෑරීමේ දී මූලික අභ්‍යාසය ලෙස ආලේඛ්‍ය අධ්‍යයනය සඳහා 'හිස් කබල' යොදා ගන්නා බැවින් එය කලාව හැදැරීමට වාස්තවිකව අත්‍යවශ්‍ය සාධකයකි. කලාකරුවන්ගේ දෘෂ්ටි කෝණයට ලක්වන හිස්කබල සංකේතය භාවිතා කරන්නේ කෙසේද යන්න බැලීම මෙහි දී විශේෂ වේ. එය කලාකෘතියක් ලෙස පුළුල් අර්ථයක් ඇති කරන්නේ කෙසේදැයි හැදෑරීම් තුළින් ලබාගත යුතු අවබෝධයකි.
හිස්කබල අදහස් කරන්නේ කුමක්ද යන්න සහ හිස් කබලේ සංකේතය ඇතුළත් කලා කෘති අධ්‍යයනය කිරීමට, හිස්කබල පිළිබඳව පමණක් නොව සංකේත පිළිබඳව ඇති අවබෝධයට කේන්ද්‍රීය වේ. කලා ඉතිහාසයේ පමණක් නොව සමකාලීන කලාවේ ද සිදුවන යාවත්කාලීනයන් හඳුනා ගැනීමට සහ අදහස් දැක්වීමට එය වඩාත් අවශ්‍ය වේ.
@ ප්‍රගීත් රත්නායක