ඇමෙරිකා එක්සත් ජනපදය තමයි ජනගහනයට සාපේක්ෂව ලෝකයේ වැඩියෙන්ම මිනිස්සු සිර දඩුවම් විඳින රට.
2018 ඒ ගණන මිලියන 2. 2 ක්. ඒ වගේම එක්සත් ජනපදයෙ තියෙනව දීර්ඝ කාලීන හිරදඩුවම් විඳින මිනිස්සුන්ට පුනරුත්ථාපන වැඩ සටහනක්. ඒකෙ කොටසක් තමයි කැලෑ අශ්වයො හීලෑ කරන එක. පරමාර්ථය තමයි එක්සත් ජනපදයෙ කැලිෆෝනියා , නොවාඩා හා ඇරිසෝනා වල ඉන්න කැලෑ අශ්වයො ගහණය අඩු කරන එක සහ උන් හීලෑ කරල විදේශයන්ට විකුණල ආදායමක් හොයන එක. අපි දැන් කියවන්න යන්නෙ ඒ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හිරකාරයෙක්ගෙ සත්‍ය කතාවක් සිනමා කෘතියක් විදිහට.
Laure de Clermont ගේ The Mustang (2019)
රෝමන් කෝල්මන් ඔබට මේ අපරාධය කරන්න හිත වෙනස් වෙන්න ගිය කාලය කොච්චරක් කියලද හිතන්නෙ. මාසයක්, සතියක් , දවස් දෙක තුනක් ?..
“තප්පර බාගයයි”
රෝමන් කෝල්මන් කියන මනුස්සය අවුරුදු 12 ක හිර දඩුවමක් විඳිනව, තමාගේ බිරිඳ හදිසි කෝපය නිසා ඝාතනය කලාට. ඒත් එයා හැමතිස්සෙම ඒ ගැන අප්‍රමාණ ශෝකයෙන් තැවෙනව. එතකොට එයාගෙ දුව මාර්තාට වයස අවුරුදු 06 යි.
මේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හැම හිරකරුවටම ලැබෙනව කැලෑ අශ්වයෙක් හීලෑ කරන්න. මුන් හරි චන්ඩයි පළවෙනි දවසෙ හිරකාරයට ළගට කිට්ටු වෙන්න දෙන්නෙ වත් නෑ පයින් ගහනව හිරකාරයා වීසි වෙලා වැටෙන්න. මාස ගණනක පුහුණුවකින් පස්සෙ මේ අශ්වයො වෙන්දේසියේ විකුණනව, අර පුහුණු කරපු හිරකාරය හොටු පෙර පෙරා අඩද්දිම.
මොකද තනිවෙච්ච මිනිස්සු කැමතියි කාට හරි ආදරය කරන්න.රෝමන් කෝල්මන්ට ලැබෙන්නෙ අතිශය ප්‍රචන්ඩම කැලෑ අශ්වයා. නමුත් පුදුමාකාර කැපවීමකින් මිනිහ මේ අශ්වයව පුහුනු කරනව. මේ අතර රෝමන්ගෙ දුව දවසක් හිර ගෙදරට එනව එයාව බලන්න. ඒ තමයි අවුරුදු 12 කට පස්සෙ ඇයව මුන ගැහෙන පළවෙනි දවස. කොටින්ම එයාට තමන්ගෙ දුවව අදුනගන්න බැරිව වෙනත් කෙල්ලක් ගාවින් තමයි වාඩිවෙන්නෙ. පස්සෙ එයා දුවව අදුනගන්නව. එතකොට එයා ගැබිණියක්.
“ඇයි ඔයා මෙහෙ ආවෙ ? ”
“මට ඔින ආච්චිගෙ ඉඩම විකුණන්න ඔයාගෙ අත්සන”
ඔහු වචනයක්වත් කියන්නැතිව අත්සන් කරල
“ඔයා ආයි කවදාවත් මෙහෙ එන්න එපා” කියල දුව ගල්ගැහිල බලන් ඉන්දැද්දිම සිර කඳවුර ඇතුලට යනව.
කඳවුරේ කාලය ගෙවෙද්දි ඔහු අර තමන්ගෙ අශ්වයට අසීමිතව ආදරය කරන්න පටන් ගන්නව. ඒ තුලින් ඔහු දකිනව තමන්ගෙ දුවව. දැන් එයාට කාත් කවුරුත් නෑ අම්මවත් තාත්තවත්. ඔහු ප්‍රථම වතාවට ශෝකයෙන් කම්පා වෙනව. මේ සිතිවිල්ල ඔහුට මීට කලින් දැනුනෙ නෑ.. ඒක නිසා ඔහු සමාව ඉල්ලල දුවට ලිපියක් යවනව, නැවත එයාව බලන්න එන්න කියල. ආයි දවසක් දුව ඒ නිසාම එනව.
“අර ලියුම ඔයා හරි ලස්සන ලියල තිබුණ තාත්තෙ”
“මං පුතේ දැන් අශ්වයෙක් පුරුදු කරනව. ඒ නිසා මගේ ජීවිතේ වෙනස් වුනා. මං ඉස්සර මිනිහ නෙවෙයි දැන්. එයා වෙන්දේසි කරනව ලබන සතියේ. ඔයා ඒක බලන්න එනවද ? දැන් පුතේ, ඔයා දන්නවද ඔය දරුව ලැබුණම තනියම එයාව බලා ගන්න ?
“තාත්ත හිටිය කියල තාත්ත දන්නවද පොඩි ළමයෙක්ව තියා මහ ගෑනියෙක්වවත් හරියට බලාගන්න? ඔයා හිතනවද අශ්වයෙක් පදින එකෙන් ලෝකෙ හැමදේම වෙනස් වෙනව කියල”
“පුතේ මම එයාට රිද්දන්න හිතුවෙ නෑ. එයා මගේ දේවල් කානුවට හැලුව. ඊට පස්සෙ ගේ වටේ මට බැණ බැණ දුවන්න ගත්ත. ඉතින් අපි රණ්ඩු වුනා. ඔයාගෙ අම්ම මට හොඳටම ගැහුව, මාව විකුව. එතකොට තමයි මම එයාගෙ ඔලුව හැප්පුවේ සින්ක් එකේ”
“මං එතකොට පොඩි ළමයෙක් තාත්තේ , ඔයාව පොලීසියට ගෙනිච්චට පස්සෙ මම තමයි එයාව බලාගත්තේ. එයාට කැවුවේ. එයාට ඇන්දෙවුවේ. එයාගේ චූ කක්ක අරන් දැම්මෙ! මට එතකොට වයස 6 යි තාත්තේ. ඔයා දන්නවද තාත්තේ ඒක මොනවගේද කියල අවුරුදු 6 ක පුංචි කෙල්ලකට ආ.?”
කඳවුරේදි රෝමන්ගෙ අශ්වය නොහිතපු වැරද්දක් කරපු නිසා බන්ධනගාර නිලධාරීන් තීරණය කරනව අශ්වයට වෙඩි තියල මරන්න. මේක දරාගන්න බෑ රෝමන්ට. ඔහු බන්ධනාගාර නිලධාරීන්ට හොරෙන් යකඩ වැට කපල අශ්වයව නිදහස් කරනව. ඔහු දන්නව ඔහුට මේකට ලැබෙන දඩුවම. මේක බරපතල වැරද්දක් නිදහස් වෙන්න ඔන්න මෙන්න කියල හිටපු රෝමන්ගෙ සිර දඩුවම නැවත දීර්ඝ කරනව. ඒ අතරෙ ඔහුට ලිපියක් එනව දුවගෙන්.
“තාත්තේ මම අවුරුදු 6 ඉදන් ඔයාව නිදහස් කරන්න කියල ආණ්ඩුවට ලියුම් ලිව්වා. ඒත් හැම වෙලාවෙම ඒව ප්‍රතික්ෂේප වුනා. මම හිතුව ඒව මට ලස්සනට ලියන්න බැරිවුන නිසා එහෙම කලා කියල. ඒක නිසා මම හිතුව තාත්ත තාම හිරේ ඉන්නෙ මගේ වැරැද්දෙන් කියල. හැබැයි ඒ මගේ පොඩි කාලෙදි. !
පස්සෙ මම ලොකු වුනාම හිතුව නෑ, ඔයා එලියට එන්න ඔින මිනිහෙක් නෙවෙයි. ඒක තමයි ඔයා ඉන්න ඔින තැන. ඒක තමයි ඔයාගෙ ගෙදර. ඒත් අශ්වයට යන්න දිල ඔයා අන්තිමට එවපු ලියුම මාව සසල කලා තාත්තේ ! ඒ තමයි තාත්තෙ ඔයා ! මම ඒක පරිස්සමට නවල අල්මාරියෙ තිබ්බ. නෝටනුයි මමයි පුංචි බබයි අපි තුන්දෙනාම එනව ඔයාව බලන්න ලබන සතියේ”
අධ්‍යක්ෂවරයා ඒ මොහොතෙ කැමරාව මෙහයවනවා රෝමන්ගෙ සිර කවුලුවෙන් පේන කැලෑව හා කඳවුර වෙන්කරන යකඩ දැල් මායිමට. එතැන ඉන්නවා දැලේ ඔලුව හප්පමින් හේෂාරාවය කරන අශ්වයෙක්. ඒ තමයි රෝමන් දැල කපලා කැලේට මුදා හැරපු “මාර්කේස්”. ඌ ආයි රෝමන්ව හොයාගෙන ඇවිල්ලා !
@ උපාලි ජයසිංහ