SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අංක 4 පිතිකරු ස්ථානයේ වගකීම කුමක්ද යන්න හොද හැටි වටහා ගනිමින් කඩුල්ලේ රැඳී සිට ඉවසිලිවන්ත ඉනිමක් දියත් කිරීමට සධීර සමරවික්‍රම සමත්වීම නිසා

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවූ සිව්වැනි තරගය හෙවත් නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට ඊයේ (21 වැනිදා ) ලක්නව් නුවර දී හැකියාව ලැබිණ.

 

පන්දු 107 කදී වාර්තා වුණු සධීරගේ ලකුණු 91 ක නොබිඳුණු ඉනිම නිසා කුණු 263 ක ඉලක්කයක් හමා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 5 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දී ඉලක්කය සපුරා ගැනීමට හැකියාව ලැබුණේ තවත් පන්දු 10 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබියදීය. ශ්‍රී ලංකාව මේ වාර්තා කරන ලද්දේ මෙවර තරගාවලිය යටතේ ලද පළමු තරග ජයග්‍රහණය විය. එම ජයග්‍රහණයත් සමග මෙතෙක් දිනක් ප්‍රසාද ලකුණු පුවරුවේ අවසන් ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට පියවර 2 ක් ඉදිරියට පැමිණ  8 වැනි ස්ථානයේ සිට ගැනීමට දැන් හැකියාව ලැබී ඇත. ශ්‍රී ලංකාවට වඩා පහළින් පසුවන්නේ එංගලන්තය සහ ඇෆ්ගනිස්තානු කණ්ඩායම ය.

 

nedar 8

කණ්ඩායමේ අංක 4 පිතිකරු තනතුර භාර ගැනීමෙන් පසු දිනෙන් දින තමා වෙත තැබූ විශ්වාසයට සාධාරණයක් එක් කිරීමට සමත්ව සිටින සධීර සමරවික්‍රමට අද තරගයේදී හිතුවක්කාර වූයේ නම් ශතකයක් දක්වා යෑමට පහසුම අවස්ථාවක් තිබුණි.

එහෙත් ශතකයට වඩා කණ්ඩායමේ ජයග්‍රහණය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ දකුණත් පිතිකරුවා ලකුනු 91 ක ඉනිම ගොඩ නැගීම සදහා මිනිත්තු 175 ක කාලයක් කඩුල්ලේ රැදීි සිටියේය. ඒ අතර තුරදී තම ඉනිමට හතරේ පහර 7 ක් පමණක් ඔහු එල්ල කර තිබුණේය.

 

 

ලකුණු 263 ක ඉලක්කයක් හඹා යාමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 2 ලකුණු 52 ක් ඇතුළත බිඳ දැමීමට ආර්යයන් දත් සමත් වූ අතර ඒ සමග තරගය දෙපිළටම විවෘත තරගයක් බවට පත්විය.

ලකුණු අතර සිටි කුසල් ජනිත් පෙරේරා සහ නායක කුසල් මෙන්ඩිස් ලකුණු 05 කට සහ ලකුණු 11 කට එසේ පිළිවෙලින් දැවී ගිය අතර අනතුරුව සධීර සමරවික්‍රම ට එකතු වූ  පැතුම් නිශ්ශංක තෙවැනි  කඩුල්ල වෙනුවෙන් ලකුණු 52 ක් ගොඩනැඟුවේය.

 

 

nedar 5

 

 

තම 12 වැනි අර්ධ ශතකය මෙන්ම තරගාවලියේ ලබා ගත් දෙවෙනි අර්ධ ශතකය ඊයේ නෙදර්ලන්තයට එරෙහිව වාර්තා කළ පැතුම් වෑන් මීකරන් ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින්නා ට උඩ පන්දුවක් ලබා දී පිටියෙන් ඉවත් වූයේය. දැවී යන විටත් පැතුම් සිය ඉනිම සඳහා හතරේ පහර 9 ක් එල්ල කර තිබුණේය.

 

අර්ධ ශතකයට ලකුණු 6 ක් මෙපිටින් සිටියදී සිය කඩුල්ල දග පන්දු යවන ආර්යයන් දත් ට පිරිනැමූ චරිත් අසලංක ඊට පෙර එම පන්දු යවන්නාටම දැවැන්ත හයේ පහරක් ද එල්ල කිරීමට සමත්ව සිටියේය. චරිත් ගේ කඩුල්ල  බිඳ වැටීමෙන් එසේ නිමා වූයේ 4 වැනි කඩුල්ල සඳහා පන්දු 99 කදී ගොඩනැගුණු ලකුණු 77 ක සම්බන්ධතාවයකි. අනතුරුව ධනංජය ද සිල්වා ලකුණු 30 ක් ලබා සධීර ට සහාය දුන් අතර දුශාන් හේමන්ත එල්ල කළ 4 පහර සමගින් ජයග්‍රහණය ශ්‍රී ලංකාව ඉදිරියේ සටහන් විය.

 

නෙදර්ලන්ත කණ්ඩායමේ පළමු කඩුලු 6 ලකුණු 91 ක් තුළ බිඳ වැටුණද  සයිබ්‍රෑන්ඩ් එංගල්බෙග්ඩ් සහ ලෝගන් වෑන් බීක් දෙදෙනා පන්දු 151 කදී ලකුණු 130 ක වාර්තාගත සම්බන්ධතාවයක් 7 වැනි කඩුල්ල සඳහා පැවැත්වූහ.

 

nedar 7

 

එම සම්බන්ධතාවයේ පදනම මතින්  ලකුණු 250 සීමාව පසුකර යෑමට නෙදර්ලන්තය සමත් වූ අතර එය නෙදර්ලන්ත කණ්ඩායමේ පිතිකරු යුගලයක් 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලෝක කුසලාන තරගාවලියක වාර්තා කළ ඉහළම ලකුණු සම්බන්ධතාවය ද වූයේය. එහිදී සයිබ්‍රෑන්ඩ් පන්දු 82 කදී ලකුණු 70 ක් ලබා සිය පළමු  අර්ධ ශතකය වාර්තා කළ අතර ලෝගන් වෑන් බීක් ද තම මංගල අර්ධ ශතකය වාර්තා කිරීමට සමත්වූවේය.

දෙවෙනි එක් දින තරගය ට ක්‍රීඩා කළ  සයිබ්‍රෑන්ඩ් තම ඉනිම ට හතරේ පහර 4 ක් සහ එක් හයේ පහරක් ඇතුළත් කර ගත් අතර 32 වැනි තරගය ට සහභාගී වූ වෑන් බීක් මුහුණ දුන් පන්දු 68 ටම එල්ල කළේ එක් හතරේ පහරක් පමණි.

 

ඉනිමේ පළමු භාගයේදී කසුන් රජිත සහ ඩිල්ෂාන් මදුශංක 19 වැනි පන්දුවාරය වන කඩුලු 6 ක් ලකුණු 91 ක් ඇතුළතදී දවා ගැනීමට සමත්වූහ. ඔවුන් කෙතරම් අභියෝගයක් එල්ල කිරීමට සමත්වූවේද කිවහොත් 9 වැනි පන්දු වාරයේ 2 වැනි පන්දුවට එල්ල කළ හතරෙ පහරට  පසුව හතරේ සීමාව පසුකර පන්දුවක්  ඇදී යාමට තවත් පන්දු 125 ක් ප්‍රතිවාදී පිතිකරුවෝ වැය කළහ. කැපී පෙනන පන්දු යැවීමක නිරත වූ ඩිල්ශාන් මධුශංක සහ කසුන් රාජිත  දෙදෙනා කඩුලු 4 බැගින් දවා ගැනීමට  සමත් වූහ. වමත් වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මධුසංඛ අද දිනයේ සිව්වැනි කඩුල්ල ලබා ගැනීමත් සමඟ නවසීලන්ත ක්‍රීඩක මිචෙල් සැන්ට්නර් සමග මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ පෙරමුණේ සමතැන් ගැනීමට සමත්වූවේය.

 

nedarland sri lankanedar 2nedar 3nedar 4nedar 6

නෙදර්ලන්තය පන්දුවාර 49.4 කදී සියලු දෙනා දැවී ලකුණු 262 යි – (කොලින් ඇකර්මන් 29, සයිබ්‍රැන්ඩ් එංගල්බෙග්ඩ් 70, ලෝගන් වැන් බීක් 59, මැක් ඔඩොව්ඩ් 16, ස්කොට් එඩ්වර්ඩ්ස් 16, කසුන් රජිත 50/4, ඩිල්ෂාන් මදුශංක 49/4, මහීෂ් තීක්ෂණ 44/1)

ශ්‍රී ලංකාව පන්දුවාර 48.2 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 263 යි – (සදීර සමරවික්‍රම 91*, පැතුම් නිස්සංක 54, කුසල් මෙන්ඩිස් 11, චරිත් අසලංක 44, ධනංජය ද සිල්වා 30, අර්යන් දත් 44/3, පෝල් වෑන් මීකර්න් 39/1, කොලින් ඇකර්මන් 39/1)

 

@SL Cricket board news

නවතම ලිපි