SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එළැඹෙන ජූනි මස ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැරිබියන් දූපත්හි පැවැත්වෙන පන්දුවාර 20 ලෝක කුසලානයට පෙර

ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරගය අද  (9 වැනිදා) සිල්හැට්හිදී ආරම්භ වනු ඇත.

 

මේ වන විට තරගාවලිය 1 - 1ක් වශයෙන් සම මට්ටමේ තිබෙන අතර පැවැති දිවා රාත්‍රි තරග දෙකටම පින්නෙන් දැඩි ලෙස බාධා එල්ල විය. කෙසේවෙතත් අද  පැවැත්වෙන තීරණාත්මක තුන්වන තරගය එරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිත අතර මේ හේතුවෙන් මෙම තරගයට පින්නෙන් බාධාවක් එල්ල නොවනු ඇතැයි අපේක්ෂා කළ හැක.

 

දුර්වල තීරණයකට එරෙහිව ලින්ඩන් හැනිබල් විනිසුරුට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම හේතුවෙන් තරග තහනමකට ලක් වූ පන්දුවාර 20 කණ්ඩායමේ නිත්‍ය නායක වනිඳු හසරංග හෙට තරගයට සහභාගි වන අතර කාසියේ වාසිය තරග ජයග්‍රහණයට ප්‍රධානතම හේතුවක් නොවනු ඇතැයි පැවැසෙන අද  ශ්‍රී ලංකාවට පහසු ජයග්‍රහණයක් හිමි කරගැනීමට හැකි වනු ඇතැයි විශ්වාස කළ හැක.

 

මෙම තරගාවලියේදී, ලෝක කුසලානය සඳහා සහභාගි කරවන ක්‍රීඩකයින් යොදා ගැනීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තුවෙන් සිටියත් පැතුම් නිස්සංක, කුසල් ජනිත් සහ දුශ්මන්ත චමීර ආබාධයන්ට ගොදුරු වීම සහ වනිඳු හසරංග තරග තහනමකට ලක් වීම හේතුවෙන් මෙම අභිප්‍රාය ඉෂ්ට කර ගැනීමට නොහැකි විය. කෙසේවෙතත් නිත්‍ය පිතිකරුවන් නොමැති හේතුවෙන් ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස් ලකුණු අතරට පිවිසීම ලෝක කුසලානයේ නොම්මර 4 ස්ථානයේ ගැටලුවට විසඳුමක්ද වනු ඇත.

 

අද පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් තුනක් සිදු වනු ඇතැයි අපේක්ෂා කළ හැක. බොහෝවිට වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු විවේක ගන්වා වනිඳු හසරංග කණ්ඩායමට කැඳවීමත්, අවිශ්ක ප්‍රනාන්දු විවේක ගන්වා ධනංජය ද සිල්වා හෝ නිරෝශන් දික්වැල්ල කණ්ඩායමට කැඳවීමත් සිදු වනු ඇත. ධනංජය කැඳවුවහොත් ස්ථාවර ආරම්භයක් සහ පන්දු යැවීමෙන් පන්දුවාර කීපයක් ශ්‍රී ලංකාවට බලාපොරොත්තු විය හැකි අතර දික්වැල්ල කැඳවුවහොත් වමත් ප්‍රහාරාත්මක පිතිකරුවෙකුගෙන් ඉනිම ඇරැඹීමට හැකි වනු ඇත. නිමා වූ තරගය අතරවාරයේ ආබාධයට ලක් වූ මතීෂ පතිරණ වෙනුවට නුවන් තුෂාර කණ්ඩායමට එක් කර ගැනීමටද කණ්ඩායම් කළමනාකාරීත්වය පියවර ගනු ඇත. මෙම තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශයින්ම වැදගත් වනු ඇත. පිට පිට විස්සයි විස්ස තරගාවලි තුනක ජය සමගින් වනිඳු ප්‍රමුඛ කණ්ඩායමට ලෝක කුසලානයට සහභාගී වීම ශ්‍රී ලංකාවට එම තරගාවලියේදී දක්ෂතා අතරට පිවිසීමටද වැදගත් වනු ඇත.

 

ක්‍රීඩා කරනු ඇතැයි අපේක්ෂිත ශ්‍රී ලංකා කණ්ඩායම

කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, චරිත් අසලංක, වනිඳු හසරංග, ඇන්ජෙලෝ මැතිව්ස්, දසුන් ශානක, මහීෂ් තීක්ෂණ, දිල්ශාන් මධුසංක, නුවන් තුෂාර

 

@Aruna

නවතම ලිපි