SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගායනය තිළිණ සුදේෂ් වන්නිනායක

පද රචනය ඩිල්හාන් ෆොන්සේකා

සංගීතය මාලක රත්නායක

 

ළදලු ළපලු හෝපලු වන තීරේ

ලසිත ලලිත සුලකළ රන් රූපේ

මල'වල යහනේ වැතිරී රාධා

වරඟන බ්‍රින්දාවේ

වරඟන බ්‍රින්දාවේ

 

ගන නිල් මුහුළස් සළුව උනන්නී

සඳකැන් තරු තුරු සිරස් වසන්නී

ගන නිල් මුහුළස් සළුව උනන්නී

සඳකැන් තරු තුරු සිරස් වසන්නී

 

මීන නුවන් බැම්මෙන් වටලාලා

රතදර මදිරා මා මුව තවරන්නී

උනා මෙවුල මල් යහන තනන්නී

තිසර තුඬින් සිතුවමක් අඳින්නී

උනා මෙවුල මල් යහන තනන්නී

තිසර තුඬින් සිතුවමක් අඳින්නී

 

රසාතලෙන් මා මන මුදවාලා

තුසිතය වෙත පාවඩ අතුරන්නී

ළදලු ළපලු හෝපලු වන තීරේ

ලසිත ලලිත සුලකළ රන් රූපේ

මල'වල යහනේ වැතිරී රාධා

වරඟන බ්‍රින්දාවේ

වරඟන බ්‍රින්දාවේ

ළදලු ළපලු හෝපලු වන තීරේ