SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලෝක දැල්පන්දු ආයතනය විසින් සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට ජාත්‍යන්තර කාන්තා දැල්පන්දු තරග සඳහා ක්‍රීඩා කිරීම තහනම් කිරීමට පසුගියදා පියවර ගෙන ඇත.

ලෝක දැල්පන්දු ආයතනය පසුගියදා නිකුත් කළ නවතම සහභාගීත්ව සහ ඇතුළත් කිරීමේ ප්‍රතිපත්තිය අනුව මෙම තහනම පැනවී ඇත.

 

දීර්ඝ උපදේශන ක්‍රියාවලියකින් අනතුරුව ජාත්‍යන්තර කාන්තා දැල්පන්දු ක්‍රීඩාව 'ස්ත්‍රී පුරුෂභාවය බලපාන ක්‍රියාකාරකමක්' ලෙසින් තීරණය කළ බවත්, ඒ අනුව සාධාරණත්වය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා මෙම නව ප්‍රතිපත්තිය අවශ්‍ය වූ බවත් ලෝක දැල්පන්දු ආයතනය සඳහන් කර ඇත.

 

මෙම තීරණයට පෙර පසුගිය කාලවකවානුවේදීත් ක්‍රීඩා කිහිපයකම මව් සම්මේලන මේ හා සමාන තීරණගෙන තිබීමද විශේෂත්වයකි. ලෝක මලල ක්‍රීඩා සංගමය, ජාත්‍යන්තර පාපැදි සම්මේලනය, ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය සහ ලෝක ජල ක්‍රීඩා පාලන ආයතනය මේ ආකාරයට සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට විවිධ කාන්තා තරග සහ ඉසව් තහනම් කිරීමට කටයුතු කරන ලදී.

 

Aruna