Take Care කියන ටෙලි ඩ්‍රාම එක අන්ත දෙකක ප්‍රතිචාර ලබමින් ස්වාධීන රූපවාහිනී යේ මේ දවස්වල විකාශනය වෙනව.
ඒ ප්‍රතිචාර දක්වන අන්ත දෙකෙන් එක කොටසක් සෙක්ස් තමයි ආර්ට් හිතන මතයෙ ඉන්න රැකේ පුඩිකල්ස්ල. අනෙක් කොටස කොට ගවුමක් දැක්ක ගමං නගින සදාචාර ඌයියාෆෝබියන්ස්ලා.
නමුත් අපි කිසියම් නිර්මාණයක බලන්නේ ඒකෙ ප්‍රස්තුත කාරණාව කාලය සහ අවකාශය එක්ක ස්ථානගතවීම කොච්චර ගැලපෙනවද කියන එක එක්ක මිසක් මතුපිට කරුනු කාරණා එක්ක ගලපලා නෙමෙයි..
ඇගලුම් කර්මාන්තය සහ එහි නියැලුන අය සම්බන්ධව ගොඩක් නිර්මාණය වන කලාකෘතිවල අල්ලගන්නේ හරිම ප්‍රාථමික තැනක්. ඒ් තමයි ලිංගිකත්වය. ඒ වගේම ඒවයෙ තියෙන්නෙ ගාමන්ට්වල වැඩ කරන්නේ අඩු අධ්‍යාපනය සහිත ඕනම කෙනෙකුට පාවිච්චි කරන්න පුලුවන් පුදුම අමාරුවෙන් ඉන්න බඩුකෑලි වගෙ අදහසක්.
ඔය සාමාන්‍යපෙල සමත් අය ඇගලුම් කර්මාන්තවලට සහ හමුදාවට යන ප්‍රවණතාව තිබ්බෙ අනූ ගණන්වල. බොරදිය පොකුණ හදන්න ගන්නේ 91 විතර( චිත්‍රපට සංස්ථාවෙන් ලෝන් එක දීල තියෙන්නෙ 91 ). ඒ් කාලය තුළ තරමක් දුරට ඇගලුම් සේවිකාවන් ගැන නිර්මාණ තුළ කතාවෙන කරුණු කාරණා තරමක් සාධාරණ වෙන්න පුලුවන්. හැබැයි බෝඩින්වලට මිනිස්සු ගෙන්නගන්න වගේ දේවල්වල වගකීම අඩු අධ්‍යාපනය තියෙන සමාජ ස්ථරයට පමණක් ආවේණික දෙයක් කියලා මම නම් හිතන්නේ නැහැ.
උදාහරණයක් එකපාරක් පාර්ලිමේන්තුවේ කාණු පද්ධතිය අස් කරන කොට කොන්ඩම් හම්බුණා තුන්දාස් ගානක්. උං කොන්ඩම්වලිං බෝල ගහල වෙන්න බැහැනෙ. කැම්පස්වල උනත් ඔය වගේ බෝඩිම් තියෙනවා සමහර මහාචාර්ය වරුන්ගෙ නිල කාමරවල තත්ත්වය ඔයිට හපං..නමුත් ලිංගිකත්වය කුණු විදිහට පෙන්නන තැන්වල අනෙක් සෝෂල් ෆැක්ටර්ස් ගන්න නිර්මාණ කරුවන් බයයි. මොකද තමනුත් නියෝජනය වෙයි කියලා. අලුකුත්තේරු විදිහේ එහෙම නැත්නම් මජර විදිහේ එකකට ගාමන්ට් ළමයි අල්ලගන්න එක පරණ කන්සෙප්ට් එකක්. ඒ්ක ඉතිං අලුත් වෙන්න ඔින.
මම මීට වසර දහයකට පමන පෙර වසර එකහමාරක් වල්ගම මල්වාන ලොට් එකේ කර්මාන්ත ශාලා සමූහයක එකක මාසය බැගින් වැඩ කරමින් මේ ප්‍රජාව ගැන විශාල අධ්‍යයනයක් සිදු කළා . ඉස්සර BOI එකේ තැපැල් කාර්‍යයලය මගින් රු. 35ක පර්මිට් එකක් අරං ඉන්ටවීව් වලට යන්න පුලුවන්. එතනට ගොඩක් ෆ්‍රැක්ට්‍රි වල HR වලින් එනවා. මම ගියෙ සාමාන්‍ය පෙළ පමනක් සමත් කෙනෙක් ලෙස. හැම කර්මාන්ත ශාලාවකටම රිංගල බැලුව. සති අන්තෙ තස්මා එක හරහ මෑන් පවර් ගිහිං ඉතිරි ෆ්‍රැක්ට්‍රි ටිකට රිංග ගත්ත . මෑන්පවර් යන්නෙ සෙනසුරාදා සහ ඉරිදා. පාන්දර එතනට ගියාම වේකන්සි තියෙන ෆ්‍රැක්ට්‍රිවලට ලොරිවල පටවල එක්ක යනව. කන්න දීල රුපියල් පන්සියක් දෙනව. ඒ ලෙවල් කරන ලමයි ක්ලාස් පීස් හොයා ගන්න එහෙම යනව. මම හම්බෙන රුපියල් පන්සිය උවමනා වැඩි කෙනෙක් ට දෙනව. මට ඕන උනෙ කතන්දර. මම සෑහෙන කතා කෑලි අහුල ගත්ත. පැලයක් ගලවද්දි මුල එක්ක ගලවන්න ඕන. පසුත් එක්ක. නැත්නම් ඒක වෙනතැනක පැලවෙන්නෑ. ඇත්තටම එච්චර හොඳ මිනිස්සු මට උගතුන්ගේ සමාජයේ මුණ ගැහිල නෑ.
මේ ටෙලිය මුල නැතිව ගලවගත්ත පැලයක් වගේ. ලොට් එකේ මට යන්න බැරි වුණේ තෝමස් දිලාරූයි ලංකා හෙවත් සල්ලි අච්චු ගහන ෆ්‍රැක්ට්‍රි සහ ඇන්සෙල් එකට විතරයි. ඒ කර්මාන්ත ශාලා වලට බාහිර පාර්ශ්වයන් ට ඇතුලු වෙන්න දෙන්නෙ නැහැ .මම ඒ් කාලෙ නතර වෙලා හිටියෙ කරාබුගස් හන්දියෙ කාන්තා සෙවණ නේවාසිකාගාරයේ. මගෙ කාමරයෙ හිටපු ඉරන්ති, පබෝධා, නයනා අද කොහේ ඉන්නවද කියල මම දන්නෙ නෑ. හැබැයි ජීවිතයේ හම්බවුණ අවංකම මිනිස්සු ටිකක්. ඉරන්ති දන්න විදිහට සාමාන්‍ය පෙල විතරයි කරල තිබ්බෙ. පෙම්වතෙක් හිටියා. මතක විදිහට නම මද්දු. හමුදාවෙ වැඩ කළේ. ඉරන්ති වැඩ කළේ නෝර්ත් එකේ මට මතක විදිහට. එයා හම්බකල සල්ලි වලින් ගේ හදල අවුරුදු පහේ ඊපීඑෆ් එක අරං ලස්සන වෙඩිමක් එහෙමත් ගත්ත.
මේ ළමයි අවුරුදු 18 වෙද්දි රස්සාවකට එන්නෙ අවුරුදු 5 වැඩ කරලා අස්වුණාම දෙන ඊපීඒෆ් එක ගන්න. ඒක ගන්න අස්වෙල මාස 3කදි වගෙ කසාද බැඳල ඉන්න ඕන. ඉතින් සමහර අය මේ ඊපීඑෆ් එක ගන්නම කුලියට කසාද බදිනව. ඒක ඒ පැත්තෙ බිස්නස් ඒකක්. ඊට අමතරව ඇන්සෙල් වර්ක් වෙයා වගේ ග්ලවුස් හදන ආයතනවල ළමයි අවුරුදු පහෙන් පස්සෙ ගෙදර යන්නෙ තව තෑග්ගක් අරං. ඒ් තමයි කැන්සර් එක. නයනා ඒ අවාසනාවන්ත ඉරණමට මූණ දුන්න ළමයෙක්.
මම ඩී ඒස් එල් ලංකා (lot 46) එකේ වැඩ කරපු මාසෙ හරිම සංවේදී දෙයක් සිදු වුණා. ඒ ෆැක්ට්‍රි එකේ හදන්නෙ සෙල්ලම් බඩු. හරිම කොලිටි. ඕන කෙනෙක්ට ඉතින් ආස හිතෙනවා. ඒ වගේම 18ට අඩු ළමයි බඳව ගත්ත කලාපෙ එකම ෆැක්ට්‍රි එකත් මේක. සුබසාධන පහසුකම් උනත් එච්චර ඉහළ මට්ටමක තිබ්බෙ නෑ. ඒ කාළෙ ළමයෙක්ට බේසික් එක 5000ක් වගේ. අතිකාල පවා එච්චර නොතිබුණ තැනක්. හැබැයි ෆැක්ට්‍රි එකට ගියාම පිස්සු හැදෙනවා. මගේ ජීවිතේ එච්චර ලස්සන ටෙඩීල බල්ලො දැකල නෑ. ඒව එපමණ ලස්සනයි. පිටරට යවන්නනේ... ඉතින් එක දවසක් පවර් කට් එකක් තිබ්බ නිසා මැනේජ්මන්ට් එක කියල තිබ්බා ඕටී කැන්සල් කරල කට්ටිය 5ට ඕෆ් කරන්න කියලා සහ හොඳට අවුට් එකේදි චෙක් කරන්න කියලා. මොකද එදා ප්‍රඩක්ෂන් එකේ ගියේ පුංචි පුංචි අයිටම් ටිකක්. කෙනෙක්ට හොරකම් කරන්න ටිකක් පහසු වගේ සහ ලස්සන. එදා චෙක් කරද්දි ඒක ගැහැණු ලමයෙක් ලස්සන වදුරෙක්ගෙ පුලුං අයින් කරල කුඩේ ඔතාගෙන යද්දි සෙකියුරිටි එකේදි අහුවුණා. කෙල්ලට අවුරුදු 21යි. වැඩට ඇවිත් තියෙන්නෙ 16න්. සේවා කාලය අවුරුදු 05 සම්පූර්ණයි. හැබැයි සෙල්ලම් වදුරෙක් නිසා අර සේරම අහිමි කරගෙන පොලීසි යන්න උනා. ඇය දිහා කලමනාකාරීත්වය මානුෂිකව බැලුවා කියල මම හිතන්නෙ නැහැ. ඇත්තටම ඒ අය තවම ළමා ගතිවලට ආදරය කරන මනසින් දරුවෝ. එයාලට තියෙන ප්‍රශ්නය සෙක්ස්ම කියන එක කුණු රහ වගේ ඒවම ගේන ඒක හරිම ඔඩ්. අධ්‍යාපනය අඩු උනත් ලස්සනට ජීවිතය ගොඩනගා ගත්ත ළමයි එතන හිටියා.
අනෙක වර්තමානය වෙද්දි ගාමන්ට්වල මේනකා වගේ චරිත නැහැ. ගොඩක් ඉන්නේ උසස්පෙළ කරපු උගත් ළමයි. උපාධිධාරීන් පවා ඉන්නවා. ඔය නාට්‍යයේ පෙන්නපු ජාතියෙ බෝඩින් නැතුවා නෙමේ. නමුත් ඒක ඇගලුම් කර්මාන්තයේ යෙදෙන අයගෙ පොදු නියෝජනයක් නෙමේ. අදාල සමාජ කොටසේ නියම සංස්කෘතික නියෝජනයක් මෙතන වෙලා නෑ. ගාමන්ට් එකට නාට්‍ය කණ්ඩායම ගොඩ බැහැල තියෙන්නෙ රූපගත කරන්න විතරයි.. ඒ සමාජ කොටස ගැන කිසිම අධ්‍යයනයක් නෑ. එතන උපසංස්කෘතිය ඇතුලෙ පාවිච්චි වෙන වචනවත් නෑ. උදාහරන ලෙස පඩි ගන්නට කියන්නෙ පොල් මුරය කඩනව කියල. අද වෙද්දි තව භාෂා වෙනස්කම් ඇති. මධ්‍යම පාන්තික පවුල් ජීවිතවල පැතිකඩ පෙන්වන්න තිබ්බානම් ඒක සංස්කෘතික කැටගරියකට අයත් කියලා අයිඩෙන්ටි නොවන ගැහැනියක් පිරිමියෙක් ගන්න තිබ්බා.
සාරංගට පාන්දර මහව කෝචිචියට නැග්ගනම් බලාගන්න තිබ්බා මීට වඩා වැඩකෑලි ටිකක්. රජයේ සේවයෙ ඉන්න ඔසරි ධාරී පත්තිනි අම්මල සහ ෆුල්සූට් ධාරී සිදුහත් අප්පුහාමිලගෙ අනියම් නාඩගම්වලට කියාපු කෝච්චිය ඕක. (මම ඒකෙත් අවුරුද්ද ක් ගියා). කිසියම් නිර්මාණයක් කරද්දි හොද අධ්‍ය යනයක් තියෙන්න ඔින. මේ ටෙලියෙ බලන්න දේකට තියෙන්නෙ දිනක්ෂිගෙ යි රෙබෙකාගෙයි රගපෑම් විතරයි. අනෙක් එක මේක අපි මෙහෙමයි සෙක්ස් කරන්නෙ කියලා උමාලිට පේන්න හදපු ටෙලියක් ඇරුණම වෙන වැදගම්මක් තියෙන එකක්ය කියලා මට නං තාම දැනිලා නෑ.
@Upeksha Nuwansreeni fb page