SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉස්සර මට කව්රුහරි රනිල්ගේ කෙනෙක් කියලා කිව්වම මල පනිනවා. දැන් මට එහෙම වෙන්නේ නැහැ. මොකද ඒ මල පනින කාලේ රනිල් ආණ්ඩු කරන හැටි මම දැකලා නැහැ.

රනිල් අගමැති කාලේ 2002 අපි ඔන්න ඔහේ බලාගෙන හිටියා. මොකද අපේ පක්ෂේ CBK ප්‍රසිඩන්ට් නිසා. හැබැයි ඒ සුසංයෝගය වැඩ කලේ නැත්තේ රටේ වාසනාවට නෙවෙයි. අවාසනාවට කියලා හිතෙන්නේ දැන්. රනිල් අනුරව වටේ යවලා, විරෝධතා සමනය කරලා 2002 කරුණා අම්මාන් මොඩෙල් එකෙන් අනුර කැනඩාවේ, එංගලන්තේ චන්දෙ ඉල්ලන මානසිකත්වයකට ගෙන්නලා. අනුර මාළු අනුරගේ ඇඟේ ම තියලා කපන ගමන් එයා රට පාලනය කරන් යනවා.

 

janapathi 2

 

ඇත්තටම අනුරට ජනතාව කොළඹට ගෙනල්ලා රනිල් ව එළවලා ආණ්ඩුව ගන්න තරම් ජනමතයක් තියෙනවා. අරගලයට එච්චර ජනමතයක් තිබ්බේ නැහැ. කොහොම නමුත් ලාල් ඒ වගේ ප්‍රශ්න ජනතාව යොමු කරනකොට කිව්වා අපි දැන් තීරණය කළා මෙතෙක් පැවතිච්ච ක්‍රමයට යන්න කියලා. ඒ කියන්නේ සන්නද්ධ අරගල ආයේ කරන්නේ නැහැ, ආදරයේ අරගල කරන්නෙත් නැහැ, රිංගලා අල කරන එක හැර. අනුර ට ජනමතයක් තියෙනවා නම්. සන්නද්ධ අරගල දෙකක් කරලත් සාර්ථක නොවුණු ජවිපය දැන් ජනතාවගේ බලය උපරිම තියෙන වෙලාවක කොළඹට කට්ටිය ගෙනල්ලා රනිල් ව එලවන්නේ නැත්තේ ඇයි? ඒකට හේතුවත් රනිල් මයි. අන්න ඒ නිසා ඉස්සර වගේ මට ජෙප්පෝ ඇවිත් රනිල්ගේ කියලා හිත හදාගත්තට කේන්ති එන්නේ නැහැ. එන්නේ සතුටක්. මොකද 69 ලක්ශේ වගේම ජෙප්පොත් තමන්ගේ නායකයට අන්ධව රැවටිලා. රනිල්ට නුල දීලා තමයි අපිට කෝචෝක් කරන්නේ.

 

janapathi 3

 

සජිත් ට මට කැමති වෙන්න එක හේතුවක් එයාගේ ඉංග්‍රීසි. මොකද අපිට නම් වසර 20 ක් තිස්සේ වෙනත් භාෂාවල් කිහිපයක් කතා කරලා රාජකාරී කරලා ඉංග්‍රීසි අමතක වෙලා. ටිකක් බාවිතා කරනකොට ආයේ හරියයි. හැබයි සජිත්ට අච්චර අහිංසක මිනිස්සු අතරේ සිංහල කතා කරන ගමන් ඉංග්‍රීසි නම් අමතක වෙලා නැහැ. මිනිහා මියුසික් වලට කැමතියි. නියමෙට රිය පදවන්න පුළුවන්. ඒ අතින් සජිත් සමාන්‍ය මිනිහෙක් කියන්න පුළුවන්, කාර් බස් පදවන එක මරු. මේ හැකියාව රනිල්ට තියෙනවද මම දන්නේ නැහැ. මේ හැකියාව මම දැක්කේ CBK ගෙන්, මහින්දගෙන් හා සජිත් ගෙන්. රිය පැදවීම කියන්නේ ඕනෑම අවස්ථාවකට මුහුණ දීමට ඇති ස්කිල් එකක්. සංගීතයට කැමැත්ත මම දකිනවා සජිත් හැරෙන්න රනිල් CBK ගෙන්. ඔවුන් කලාව, සංගීතය ප්‍රගුණ කරපු අය. සිරිසේනත් සින්දු කියනවා අහලා තියෙනවා. අනුරට ඔය දෙකම පුලුවන්ද කියලා මම ඉන්නේ තාම සැකෙන්.සජිත් ක්‍රිකට් ගහනවා. මමත් ආසයි,වගේම අපිත් ක්‍රිකට් ගැහුවා. ඒ නිසා සජිත් ට පුද්ගලයෙක් හැටියට තියෙන හැකියාව නායකත්වයක් ගොඩ නගනවා.

 

janapathi 7

 

මේ දෙන්නට අමතරව දිලිත් මේ හැමදේකින්ම 400% ක් ඉස්සරහින් ඉන්නවා. දිලිත්ට මම අකමැති වෙන්නේ රාජපක්ෂලා එක්ක එකතුවෙලා ජනතාව රවටලා අපේ රට විනාශ කරන්න, වාර්ගික ගැටුම් ඇති කරන්න, වගේම ගෝටා ගෙනල්ලා රට වියවුලක් කරන්න දායක වෙච්ච එකට. ඒක ජාතියක් දශක ගණනක් ආපස්සට ඇදපු ලෝකයේ වලලපු සිද්ධියක්. දැනුත් දිලිත් අරන් තියෙන්නේ අනුරාධා යහම්පත් ගේ නලින්ද සිල්වාගේ තියරිය විතරයි. ජාතිවාදය. දිලිත් නිවැරදි වුණොත් ජනතාව ඔහුව බලාගනී.

 

හැබැයි රනිල් එක්ක හැප්පෙන්න සුදුසුකම් තියෙන්නේ දිලිත්ට විතරයි. මොකද අනුර සජිත් දෙන්නම පසුබිම් වෙන්නේ මිනී මැරුම්වල මූලයන්ට. දෙන්නටම ස්වාධීනව කියලා හදාගත්ත ධනයක් හෝ තමන්ගේම ස්කිල් එක නිසා ගොඩ නගා ගත්ත දෙයක් නැහැ. අනුර වයස 20 විතර ඉඳලා අනුන්ගෙන් ජිවත් වෙනකොට සජිත් ලංකාවේ ජනතාවගේ අනුග්‍රහයෙන් මව් කුසට එනවා. ඒ අනුව අනුර හා සජිත් දෙදෙනාගෙන් අනුර ජනතා සේවයට සුදුසුයි.

 

janapathi 6

 

හැබැයි සජිත්ට ,දිලිත්ට රනිල්ට සාපේක්ෂව අනුර මන්ත්‍රී ධුරයේ වසර 25 ක් හිටියත් කරපු ජනතා සේවයක් නැහැ. මේ වසර 25 තුල අනුරාධපුරේ ජනතාවට කරපු එකම සේවයක් සටහන් කරන්නට අනුරගේ දේශපාලනයට බැහැ. දනක් පිනක් කරා, අහිංසක මිනිහෙක්ට උදව් කරා කියන්න එකම එක සාක්ෂියක් නැහැ. දිලිත් සජිත් ඒ අතින් ඉතාම ඉදිරියෙන්. හැබැයි දිලිත්ට රට දෙන්න බැහැ. සුළු ජාතින් එහෙනම් ලංකාව දාලා යන්න ඕන .මෘගයෝ ටික විමලා, ගොම්මන, උවිඳු, ගෙවිඳු ඇතුළු ඔක්කොම එතන. ඔහු ගෝටාබයට ලන්වෙන්නේ ඔහුගේ ජාතිවාදය තෘප්ත කරගන්න. හමුදාව ලව්වා වැඩකරගෙන හමුදාකරණය කරන්න. ගෝටා ගේ උපදේශක වෙලා හිටියේ ඔහු. ගෝටා කලේ 100% ක් ම දිලිත් කියපු වැඩ. දිලිත් ගේ වෙසින් මේ එන්නේ ගෝටා කියන එක කාටත් අමතක වෙලා.

 

janapathi 5

 

මේ වගේ කරුණු එනකොට ඇත්තටම ලංකාව ගැන පුදුම දුකක් හිතෙන්නේ. ජනාධිපති හැටියට තෝරනකොට අපිට ඉන්නේ ඔන්න ඔය වගේ මිනිස්සු ටිකක්. මේ වගේ කබ්බෝ ගෙම්බෝ අතරේ රනිල් පොරක් වීම අහන්න දෙයක් නෙවෙයි. අනුකම්පා කරලා, දුක හිතිලා පාටට පොත්තට රැවටිලා, මවාගත්ත ගැම්මට රැවටිලා ඡන්දෙ දෙන්න එපා. අපිට ආයේ වැටෙන්න තරම් නරාවලක් නැහැ.

 

@Subhashini Wipfler

නවතම ලිපි