SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අතීතයේ මැතිවරණ සමයක සමාජ මාධ්‍ය අද තරම් සක්‍රීය නොවීය. ජංගම සන්නිවේදන තාක්ෂණයේ ශීඝ්ර වර්ධනය මත එය වැඩිවන්නට ද ඇත.

කෙසේ වෙතත්, ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හැර සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා හතර දෙනෙකුගෙන් යුත් ඉහළ මට්ටමේ කමිටුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය දා නම් කර තිබූ බව වාර්තා වේ. එය ජනාධිපතිවරණයට අදාළ සියලු කටයුතුවල ඉහළින් ක්‍රියාත්මක ආයතනයක් ලෙස දක්වා තිබුණි.

 

මෙම කමිටුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) නියෝජනය කරන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ද ඊට ඇතුළත් කර ඇත.

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ද එහි සාමාජිකයෙකු ලෙස නම් කර ඇත. ආරංචි ගෙනහැර දක්වන්නේ ඔහු එම කමිටුවේ කටයුතු කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවය.

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න නිල වශයෙන් තවම තීරණය කර නැත. තවමත් සිය ජනාධිපති අපේක්ෂකත්වය නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති වික්‍රමසිංහගෙන් පොහොට්ටු පක්ෂය විධිමත් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් ඇත.

 

එළැඹෙන ජනාධිපතිවරණයේදී තමන් “ස්වාධීන අපේක්‍ෂකයෙකු” වන බව පවසමින් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සියලුම දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් වෙත ලිපියක් යොමු කරනු ඇති බවත් අපේක්ෂිත ය.

 

දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ ඉන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔහුගේ අපේක්ෂකත්වය අනුමත කිරීමට අපේක්ෂා කරන බවයි. කෙසේ වුවද කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අගමැති අපේක්ෂකයා වීමට බලාපොරොත්තුවෙන් ඇත.

 

මේ අතර වික්‍රමසිංහගේ යෝජිත ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට ජුලි හෝ අගෝස්තු මාසයේදී ලංකාවට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය සමඟ විශාල ශක්තියක් ලැබෙනු ඇතැයි ද විශ්ලේෂක මතය වී ඇත. ඒ අනුව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් ජුනි 20 (අද) කොළඹට පැමිණීමට නියමිතය.

 

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති වික්‍රමසිංහ සමඟ දිවයිනේ වැදගත් ස්ථාන වෙත යාමට නියමිත බවද කියැවේ. රාමේෂ්වරම් ඉන්දියාවට සම්බන්ධ කිරීම සඳහා තලෙයිමන්නාරම වෙරළ හරහා පාලමක් ඉදිකිරීමට සහ නැගෙනහිරට දිය හැකි සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ද ඔහු ප්‍රකාශ කරනු ඇතැයි සැලකෙන අතර  ශ්‍රී ලංකාවේ නව  වරාය නගරයක් සමඟ සම්බන්ධ කරන ගොඩබිම් සම්බන්ධතා නව ජනාධිපතිවරයෙකුගේ පාලන සමයේදී සිදු කිරීමට ද නියමිතය.

 

ලංකාවේ දේශපාලන වෙනස්කම් හා හුවමාරුවලට ඉන්දීය බලපෑම සුවිශේෂී වැදගත්කමක් ගනු ලබන අතර කලාපීය දේශපාලනයෙන් තොරව ලංකාවේ පාලකයින් පත්වීම සිදුවිය නොහැක්කක් බවට පත්ව ඇත.

 

ඒ අනුව ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී සිදුවිය හැකි බල හුවමාරුව තම රටේ දේශපාලනයට සුබවාදී කරගැනීම පිණිස ඊට අදාල ලංකාවේ දේශපාලන නායකයින් හමුවී අවශ්‍ය ක්‍රියාමාර්ගයන් යෝජනා කිරීමටද ඉන්දියාව පසුබට නොවනු ඇත. අගමැති මෝදි ලංකාවේ විපක්ෂනායකවරයා හමුවන්නේ ද එවන් පසුබිමක් යටතේ ය.

marrikkar

නවතම ලිපි