SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ණය ලබා නොගන්නා බව මාලිමාවේ කිසිදු නායකයෙකු ප්‍රකාශ කොට නොමැති බව

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීධූරාපේක්ෂක කේ.ඩී. ලාල් කාන්ත පවසයි.

 

 

ණය ගැනීම අපරාධයක් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක දිගින් දිගටම ප්‍රකාශ කළ බව ද, හෙතෙම පෙන්වා දෙයි.

 

 

මුදල් මංකොල්ලකෑමෙන් හෝ වංචා නොකර ඵලදායී ආයෝජන සඳහා ණය යොදා ගැනීම වැදගත් බව ඔහු අවධාරණය කළේ ය.

මහනුවර තරුණ බෞද්ධ සංගම් ශාලාවේ දී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ලාල්කාන්ත මහතා මෙසේද ප්‍රකාශ කළේය.

 

“අපි කවදාවත් ණය ගන්නේ නැතිව ආණ්ඩුවක් කරනවා කියලා කිව්වේ නැහැ. චෝදනා කරන අයට මම අභියෝග කරනවා ණය නොගෙන ආණ්ඩුවක් කරනවා කියලා අපි කිව්වේ කොහේද කියලා ඔප්පු කරන්න කියලා. ජනාධිපති, අගමැති හෝ ජාතික ජන බලවේගයේ නායකයෙක් එහෙම කිව්වා කියලා ඔප්පු කරන්න කියලා අපි අභියෝග කරනවා.

 

අනුර දිසානායක කීවේ ණය ගැනීම අපරාධයක් නෙවෙයි, අපි ඒවා ඵලදායී ආයෝජන සඳහා යොදා ගන්නවා කියලා."

 

 

marrikkar

නවතම ලිපි